iranama
කුජ රාශිගතවීම රටට - ඔබට කොහොමද?
කුජ නොහොත් අඟහරු ග්‍රහයා 2015 ජුලි මස 31 දා සිට සැප්තැම්බර් 15 දක්වා සඳුට අයත් කටක රාශිගතව ගමන් කරයි. පොළොවට ඉතාම සමීප ග්‍රහයා වූ කුජ ලොව ආරක්ෂකයා ලෙස කටයුතු කරයි. කුජ ග්‍රහයාගේ ගති ලක්ෂණ විවිධය. නොහික්මුණු හිතුවක්කාර, දරදඬු, නිර්භීත, සටන්කාමී ගති ඇති මෙම ග්‍රහයා පාලන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යයි. විරුද්ධ පක්ෂයේ බලය හීන කර පවතින ආණ්ඩුව බලය ලබාගෙන කාර්යක්ෂව වැඩ කරගෙන යැමේ හැකියාවක් කුජ 06 වැන්නේ සිටීමෙන් ඇති වෙයි. ලංකා කේන්ද්‍රයේ කුජ 06 වැන්නේ රවි බුධ සමඟ ගමන් කරයි. 06 වැන්නට කුජ බලවත් නිසා සතුරන් විනාශ කරයි. කටක රාශියට කුජ නීච වෙයි. කටකයේදී කුජ දරදඬු හිතුවක්කාර ගතියක් පෙන්වන්නේ නැත. ශාන්ත තැන්පත් බවක් දනවයි. කුජ කටකයේ නීච රාශිගත වීමෙන් කාටත් ගැළපෙන පරිදි සමගිය සමාදානය අගය කරමින් කටයුතු කරයි. විරුද්ධවාදීන් සමඟ වුව සමගියෙන් සිටීමට උත්සාහ දරයි. කරදර අවහිරතා මැඬගෙන කටයුතු කරයි. උසස් අයගෙන් ආධාර උපකාර ලබා ගනී.
ඔබේ ලග්නයට කුජ මාරුව බලපාන්නේ මෙසේය.
මේෂ - ලග්නාධිපතියා කේන්ද්‍රගත වීමක් සිදුවීම නිසා (04) දේපළ ඉඩකඩම් ලැබීමේ භාග්‍ය උදා වෙයි. සහෝදරාදීන්ට හිතවත් ය. එහෙත් විරුද්ධවාදීන් මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවේ. ඉවසීමෙන් යුතුව කටයුතු කරගනී. ලේ ධාවන ශක්තියේ දුර්වලතා ඇති වේ.
වෘෂභ - 03 වැන්නේ කුජ ගමන් කරන නිසා යටත් පහත් ස්වභාවයක් පවතී, අදහස් සඟවාගෙන කටයුතු කරයි. ප්‍රසිද්ධියට පත් වේ. සහෝදර සම්බන්ධතා පළුදු වෙයි. විවාහ ජීවිතය සැපවත් ය. එහෙත් සහකරු/ සහකාරියගේ අඩුපාඩුවක් ඇතිවිය හැකිය. පපුවේ ආබාධ ඇති වේ.
මිථුන - සමගිය සමාදානය අගය කරයි. විවාහ ජීවිතයේ කරදර හට ගනී. මුදල් අතින් කරදර අඩුයි. එහෙත් වියදම් අධිකයි. මුහුණේ කැලල් හෝ තුවාල ඇතිවිය හැකිය. කතාවෙන් පාඩු සිදු
Wmqgd .ekSu