Beauty
කිහිලි යට කලු වෙලා නම් ඔබ මෙම ප්‍රතිකාර අත්හදා බලන්න
කලු ගැන්වුන කිහිලි ඇත්තටම ඔනෑම කෙනෙක් අපහසුතාවයට පත් කරන්නක්. විශේෂයෙන් අත් කොට හෝ ඈත් රහිත ඇදුමක් අදින විට . මෙය කිහිල්ලේ රෝම ඉවත් කිරිම, අධිකව දාඩිය දැමිම ශරිර ස්ථුල තාවය මෙන්ම ඇල්කොහොල් අඩංගු සුවඳ විලවුන්/ ඩියෝඩ්‍රන්ට් ආලේපය හේතුවෙන් ඇතිවෙන සුලභ තත්වයකි මේ. මින් අත මිදිමට පහසු ස්විභාවික ක්‍රම කිහිපයකි මේ.
1) බේකින් සෝඩා
කිහිලි කලු විමට ප්‍රධාන හේතුව ඒ තැන් වල ඇති මැරුණු සෛල යි. මේ සඳහා ඛෙකින් සෝඩා ස්ක්‍රබ් එකක් සේ ක්‍රයා කරයි. ඛෙකින් සෝඩා මෙස හැදි දෙකක් ගෙන වතුර බිදු කිහිපයක් දමා ආලේපයක් සාදා කිහිලි වල ආලේප කර පිරිමදින්නවිම. මේය සතියකට 3/ 4 පාරක් කරන්න.
2) දෙහි හා පිපිඥඥා
දෙහි හා පිපිඥඥා යුෂ කලවම් කර ආලේපයක් හෝ වෙනම යුෂ ගෙන කහ කුඩු සහග මිශ්‍ර කර ආලේප කිරිම.
3) කඩල පිටි හා යෝගට්
කඩල පිටි මේස හැදි 2කට දෙහි යුෂ තේ හැන්දක් හා කහ කුඩු ස්වල්පයක් දමා මිශ්‍රනයක් සදා දිනපතා නෑමට පෙර ආලේප කර විනාඩි 30ක් පමණ තිඛෙන්නට හැර සිසිල් වතුරෙන් සෝදා හරින්න.
4) පොල් තෙල්
නෑමෙට පෙර පිරිසිදු පොල් තෙල් ගෙන කිහිලි වල ආලේප කර විනාඩි 10ක් පමණ සම්භාහණය කර මද උණු වතුරෙන් හා සැර නැති සබන් වර්ගයක් භාවිතයෙන් සොදා හරින්න.
කෙටි කලකින් සිය කිහිලි සුදු කර ගැනිමට ලොව පුරා වැඩි පිරිසක් අත් හදා බලා සාර්ථක ප්‍රතිළුල ලබා ගත් මෙම ක්‍රමය අත් හදා බලන්න. වැඩි ප්‍රතිළුල සඳහා දිනපතා කරන්න.ලස්සනට ඉන්නනම් පිරිසිඳුව ඉන්න.
curtesy :http://www.wishmaya.com/
(under the courtesy of goodhousekeeping.lk web)