Life
කාන්තාවන්ට මානසික ප්‍රශ්න ඇතිවෙන ප්‍රධාන හේතු 3
බියකාන්තාවන්ට ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ගැටලු ඇතිවෙයි. මානසිකව වියවුල්භාවයට පත්වෙයි. විවාහය බිඳවැටෙයිදෝ යන බිය, පවුල් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමේ බිය, තවත් කාන්තාවක් සැමියාගේ ජීවිතයට ඇතුළු වේදැයි යන බිය, ආර්ථික ස්ථාවරත්වයක් නැතිවීම නිසා ඇතිවන බිය, සමාජයේ ඇතිවන විවිධ කටකතා මත වැරැදි හෙළිදරව් වේදැයි යන බියෙන් පසුවීම ආදිය මෙහිදී වැඩි බලපෑමක් කරයි.
inShare
Mawbima, 2015-11-02 02:00:00
Read 82 Times
බිය
කාන්තාවන්ට ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ගැටලු ඇතිවෙයි. මානසිකව වියවුල්භාවයට පත්වෙයි. විවාහය බිඳවැටෙයිදෝ යන බිය, පවුල් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමේ බිය, තවත් කාන්තාවක් සැමියාගේ ජීවිතයට ඇතුළු වේදැයි යන බිය, ආර්ථික ස්ථාවරත්වයක් නැතිවීම නිසා ඇතිවන බිය, සමාජයේ ඇතිවන විවිධ කටකතා මත වැරැදි හෙළිදරව් වේදැයි යන බියෙන් පසුවීම ආදිය මෙහිදී වැඩි බලපෑමක් කරයි.
විශේෂයෙන්ම විවාහයට පත්වීමට බලාපොරොත්තු වන කාන්තාවන් බොහෝ විට බියෙන් තැවෙන්නේ පෙර ආදර සබඳතා හෙළිදරව් වේ යැයි යන බියෙනි. මුහුණුපොතේ පින්තූර හා තම පෙම්වතා යැවූ හසුන් ආදිය හෙළිදරව් වේ යැයි බියෙන් පසුවීම කාලයත් සමඟ සිතේ පැවැතීමෙන් එය මානසික රෝගයක් බවට පත්විය හැකියි.
මෙවැනි හේතූන් නිසා ඔබ මානසිකව පීඩාවට පත්ව ඇත්නම් පළමුව මානසික ගැටලු සම්බන්ධ සාකච්ඡා කළ හැකි වෛද්‍යවරයකු හමුවී තම බිය පිළිබඳ ගැටලු සාකච්ඡා කරන්න. නැතිනම් බියත් සමඟ මානසික අවපීඩන (ඤඥනපඥඵඵඪධද) තත්ත්ව ඇතිවීමට පුළුවන. මානසික රෝග සිත තුළ පමණක් තබා සිටීමෙන් එය මානසික රෝගයක් බවට පත්වීමට හැකියි.
අධික රුධිර පීඩනය හා කාන්තාවන්ගේ හෝමෝන චක්‍රය අක්‍රමවත් වීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වැනි සෞඛ්‍ය ගැටලුවලටද මුහුණපෑමට සිදුවෙයි. මෙවැනි ගැටලු නිසා විවිධ වේදනා නාශක ඔෟෂධ ගැනීමටද ඇතැමුන් පෙලැඹී සිටියි. එලෙස ඔෟෂධ වර්ග ගැනීම නිසා සිරුර උණුසුම් කරවන අතරම බෝ නොවන රෝග රාශියකට අතවැනීමට මෙය ප්‍රබල හේතුවකි.
රෝග සැඟවීම
විටින් විට ඇතිවන ලෙඩ රෝග තත්ත්ව තම සැමියාගෙන් වසන් කරන්නේ එය ඔවුනට කරදරයක් වේ යන සිතුවිල්ලෙනි. නමුත් මෙලෙස රෝග සැඟවීම නම් සැමියන් ප්‍රිය කරන්නක් නොවේ.
අවුරුදු 35-45 වන විට දියවැඩියාව වැනි රෝග වැලඳුනහොත් එය බොහෝ විට ජීවිත කාලයේම පවතින නිසා ඔෟෂධ වර්ගද ගැනීමට සිදුවෙයි. නිවෙසටම සීමාවී සිටින කාන්තාවන් කාර්යාලයට යන සැමියා දෙස බලන්නේ සැකයෙනි. කාර්යාලයේ කාන්තාවන් තම සැමියාට සමීප වන්නේදැයි අනියත බියක් මොවුන් තුළ නිතැතින්ම ඇතිවෙයි. තමාට වඩා ඒ කාන්තාවන් ආකර්ෂණීයව සිටිනු දැකීමත් ඊර්ෂ්‍යාවක් ඇතිවීමට හේතු විය හැකියි. මෙවැනි මානසික තත්ත්ව හේතුවෙන් ස්නායු පද්ධතිය ආශ්රිත රෝග ඇතිවන නිසා අවුරුදු 45-50 වන විට කොන්දෙ අමාරු, ඉණ ආශ්රිත වේදනාකාරී තත්ත්ව හා ගර්භාෂ ඉවත් කිරීමේ ගැටලුද ඇතිවිය හැකියි.
ලංකාවේ කාන්තාවන් මෙවැනි ප්‍රශ්නවලට මුහුණදෙන ආකාර 3කි
Wmqgd .ekSu u