Beauty
කාන්තාවන්ගේ හිසකෙස් අකලට ගැලවී යන්නේ ඇයි?
අකලට හිසකෙස් සුදුවන විට, හිසකෙස් ගැලවී තට්ටය පෑදෙන විට පිරිමි පාර්ශ්වයට කොණ්ඩය කොටට කැපීමෙන් හෝ හිස බූ ගෑමෙන් එම ගැටලුවලට විසඳුම් ලබා ගත්තද කාන්තා පාර්ශ්වයට එසේ විසඳුම් ලබාගත නොහැකියි. එහිදී ඔවුනට සිදුවන්නේ කොණ්ඩය වර්ණ ගැන්වීම හෝ හවරියක් භාවිතා කිරීමය.
කාන්තාවන්ගේ රූපාලංකරණයේ ප්‍රධාන අංගයක් බවට හිසකෙස් පත්ව ඇති නිසා ඇය මුළු ජීවිත කාලයටම හිසකෙස් රැකගත යුතුය.
වෛද්‍යතුමනි, කාන්තාවක් තම හිසකෙස් රැක ගැනීම පිළිබඳව සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
මහා සෘෂි වෛද්‍යවරුන් කාන්තාවකගේ දිගු වරලස දුටුවේ ඇයගේ සිරුරේ නිරෝගී බව පෙන්වන කැඩපතක් ලෙසයි.
අකලට හිස කෙස් ගැලවී යන විට, කොණ්ඩය සුදුවන විට ඇය තුළින් සිය නිරෝගී බව ඈත්ව රෝගී බවට ළංවන බව සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
ස්ත්‍රී කේෂ කලාප භාගා, රෝග පීඩා භාගා, කෘෂ භාගා තුන්කනේ හේතුං" ලෙසින් පවසා ඇත්තේ යම් ස්ත්‍රියකගේ කේෂ කලාපයෙන් ඇයගේ ශරීරයේ ඇති රෝග පීඩාවන් පිළිබඳව හඳුනාගත හැකි බවයි.
දිගු වරලසක් කාන්තාවකට හිමිව තිබීම ඇය සතු ආභරණයක් බැවින් එම ආභරණය රැක ගැනීමත් ඇය සතු යුතු කමක් වෙනවා.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ ජීවිතයේ වර්ධන අවධි කොටස් තුනකට බෙදා තිබෙනවා.
වයස අවුරුදු 10 ත් 35 ත් අතර අවධිය කියන්නේ කාන්තාවකගේ ශරීර වර්ධනයේ උපරිම කාලයයි. මෙම කාලයේදී ඇය බරපතළ රෝග පීඩාවන්ගෙන් පෙළෙන්නේ නැතිනම් තම ශරීරය රැක ගැනීම සඳහා වැඩි වෙහෙසක් ගත යුතු නැහැ. නමුත් ඇය තම ශරීරයේ නිරෝගී බව රැක ගැනීමට සහ එය පවත්වාගෙන යැමට පියවරගත යුතුයි.
තරුණ වයසේදී කාන්තාවකගේ හිසකෙස් හරිම ශක්තිමත්ව පවතිනවා. දීප්තිමත් කලු පැහැයකින් යුක්ත වෙනවා. එනිසා එම වරලස හැඩ වැඩ කරන්න පහසුයි.
නමුත් කාන්තාවගේ ජීවිතයේ වර්ධන අවධියේ දෙවැනි පරිච්ඡේදය වන වයස අවුරුදු 35 ත් 45 ත් අතර කාලය සහ තෙවැනි අවධිය වන අවුරුදු 45 න් පසු කාලය තීරණය වන්නේ පළමු අවධියේ ගතකළ ජීවන රටාව අනුවයි.
අකලට හිසකෙස් ගැලවෙනවා. කොණ්ඩය සුදු වෙනවා. තට්ටය පෑදෙනවා කියමින් පසුතැවෙන්නේ වෛද්‍යවරුන් වෙත යන්නේ ජීවිතයේ දෙවැනි අවධියේදීය.
එසේ පසුතැවෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන්ගෙන් ඔවුන්ගේ තරුණ අවධිය ගැන විමසන විට ඔවුන් කෙතරම් තම වරලසට වධ දුන්නා දැයි කියා හොඳින් වටහාගත හැකියි.
විවිධ වර්ණ ආලේප කරලා, කෙස් ගස්වලට දැඩි පීඩාගෙන දෙන විලාසිතාවන්හි තරුණ වියෙහි නිරතවෙලා, අවේලාවේ ස්නානය කරලා ආදී හේතු ඔවුන් පවසනවා.
තරුණ වයසේදී විලාසිතාවන් හි යොමුවීම වරදක් නැහැ. නමුත් එය අසීමිතව සිදුකිරීම තුළින් සිදුවන්නේ මැදි වියේදී හිසකෙස්වලට හානි සිදුවීමයි.
දැන් බලන්න තරුණ වයසේ ගැහැනු කී දෙනෙක් සතියකට දෙවරක්වත් තම හිසට ඖෂධීය ගුණ ඇති තෙල් වර්ගයක් යොදා හොඳින් සම්බාහනය කර ස්නානය කරනවාද? එය එතරම් අපහසු දෙයක් නෙවෙයිනේ. වෛද්‍ය උපදෙස් මත තම හිසට ගැලපෙන ඖෂධීය තෙල් වර්ගයක් ස්නානයට පෙර සතියට දෙවරක්වත් යොදාගෙන තම දැතීන් හිස සම්බාහනය කර ගැනීම පුරුද්දක් කරගත යුතුයි.
දහවල් 12 ට පෙර ස්නානයට යොමුවිය යුතුයි.
හිස කෙස් වර්ධනයට ඕනෑම කොළ මැල්ලුමක් ගුණදායකයි. ඒවා දිනපතා ආහාරයට එක්කරගත හැකියි.
දිනකට වතුර ලීටර් 2 ක්වත් පානය කිරීම වැදගත් වෙනවා. සිරුරේ අනෙකුත් ඉන්ද්රියයන් ලෙඩවීම හිසකෙස්වලට තදින්ම බලපානවා.
කාන්තාවන් තම හිසකෙස්වලට ආදරය කරනවානම් එය මුළු ජීවිත කාලයටම රැකගන්න උත්සාහ කරනවානම් කිසි දිනෙක මාතෘ මාංශ ලෙස සලකන හරක් මස් හෝ සූචි චක්‍ර මාංශ ලෙස සලකන ඌරු මස් ආහාරයට ගැනීම නොකළ යුතුයි.
වෛද්‍යතුමනි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව හිසකෙස් රැකගන්න කාන්තාවන්ට භාවිත කළ හැකි අත් බෙහෙත් තිබෙනවාද?
බොහෝ අත්බෙහෙත් ගැන නාඩි වෛද්‍යවරු පවසා තිබෙනවා. ඒවා අතරින් පහසුවෙන් සකසා ගත හැකි අත් බෙහෙතක් ලෙස සඳහන්ව ඇති අත්බෙහෙත් වර්ගයක් පැවැසිය හැකියි.
කීකිරිඳිය සහමුලින්ම, හීන් ගොටුකොළ සහමුලින්ම, වල්කොත්තමල්ලි සහමුලින්ම කළු තැම්බේරිය සහමුලින්ම ලුණුවිල සහමුලින්ම බැබිල සහමුලින්ම, යකිනාරං කොළ සමව ගෙන තම්බා ගන්න.
එසේ තම්බාගත් උණු ජලයට කොහොඹ තෙල්, තල තෙල්, මීතෙල් මේස හැන්දක් බැගින් දමා මිශ්‍රකර හොඳින් නිවුණු පසු විනාඩි දහයක් පමණ එම ඖෂධීය ජලයෙන් හිස පමණක් ස්නානය කරවන්න.
එසේ ස්නානය කරන අතර දැතේ ඇඟිලිවලින් හිස සම්බාහනය කරමින් හිස කෙස් පසුපසට පිරිමදින්න.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි