Life
කාන්තාවන් හට විශේෂිත වූ පිළිකා තත්වයන් 04 ක්
නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම නිසාත් යම් යම් රෝග තත්වයන් උග්‍රවී උත්සන්න වන තුරුම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොතිබීම අද සමාජයේ කාන්තාවන් බොහොමයක් මුහුණදෙන ගැටලුකාරී තත්වයක්.
මේ ආකාරයෙන් කාන්තාවක් විසින් සැලකිලිමත් විය යුතු මුලිකම කරුණ ලෙස පිළිකා තත්වයන් හදුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ ශරීරයේ සාමන්‍ය සෛල කොටසක්, කලක් තිස්සේ බාහිරින් හෝමෝන, කිරණ, රසායනික ද්‍රව්‍ය හෝ රලු ස්පර්ශයන් ආදියට ලක්වීම හෝ ජානමය වශයෙන් ඇතිවී තිබෙන විකෘතිතාවයක් නිසා එක්වරම අසාමන්‍ය හැසිරීමක් ඇරඹීමයි. අධික වේගයෙන් විභාජනය වී වැඩීමත්, එම අසාමන්‍ය ලක්ෂණ සහිත සෛල අවට ඇති සාමන්‍ය සෛලද පාලනය කෙරෙමින් වැඩෙන නිසා මෙය පිළිකාවක් ලෙස හඳුන්වනවා. ඒ අතරිනුත්, කාන්තාවන්ටම විශේෂ වූ අවයව වල ඇතිවන එවන් තත්වයන් ලෙස
ගැබ් ගෙල පිළිකා
ගර්භාෂ පිළිකා
ඩිම්බ කෝෂ පිළිකා
පියයුරු පිළිකා
ආදිය දක්වන්න පුළුවන්.
ගැබ් ගෙල පිළිකා
කාන්තාවන් වයසට යත්ම ඇතිවිය හැකි පිළිකා තත්වයන් වුවත් මේ සඳහා කාන්තාවන්ට යොමුවිමට උපදෙස් දෙන්නේ වයස 35 සම්පුර්ණ විමත් සමගයි. ලිංගිකව ක්‍රියාකාරීව සිටින කාන්තාවන්ට මෙන්ම, එසේ නොවන වයසින් වැඩි කාන්තාවන්ටද මෙහි අවධානමක් තිබෙනවා. ලිංගිකව බෝවන රෝග වැළදී තිබීම. එක් ලිංගික සහකරුවෙකුට වඩා සිටීම. ඉතා කුඩා අවධියේම ලිංගිකව සක්‍රීය වීමත් මේ සදහා ඇති අවධානම වැඩි කරනවා. කළු දුඹුරු පැහැති ලේ පිටවිම මෙහි මුලික ලක්ෂණයක්. මීට අමතරව ඔසප් විම අතර වන ලේ ගැලීම්ද, ලිංගිකව එක්විමකින් පසුව ඇතිවන ලේ ගැලීම් ද ඇතිවන්නට පුළුවන්. නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන අවධානයක් යොමු නොකොට මෙය නොසලකාහරිනවා. නැවත මේ ගැන අවධානය යොමු කෙරෙන්නේ තදබල කොන්දේ වේදනාවක් හා නිතර නිතර ලේ ගැලීම් ඇතිවන විටයි. ඒ වනවිට බොහෝවිට එම තත්වය ගැබ්ගෙල සිට ඒ අවට ඇති අනෙක් අවයව වලට වගේම අස්ථි වලටත් පැතිරි ගොස් අවසාන වන්නට පුළුවන්. මෙහි රෝග ලක්ෂණ ඇති මුල් අවධියේම වෛද්‍ය සහය පැතීමත්, රෝග ලක්ෂණ වලින් තොරව වුවත්, වසර 02කට වරක් හෝ