Beauty
කාන්තාවකගේ දෑත්,දෙපා හා ඛෙල්ලේ සම පැහැපත් කර ගැනීමට දේශීය රහස් ඔසු
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න අද කියන්නේ යන්නේ අපේ කෙල්ලොන්ට පට්ට වැදගත් ලිපියක්. ඇත්තටම පුරාණයේ අපේ මේ සිංහල රටේ ජිවත් උනු කාන්තාවන් බොහොම සුන්දර විදියට ඉදලා තියෙනවා කියලා සිගිරි බිතු සිතුවම් වගේ දේවල් දැක්කම අපට හොදින් පැහැදිලි වෙනවා. අතිතයේ හිටපු කාන්තාවෝ රුව රැක ගන්න අද කාලේ වගේ cream වර්ග පෙති වර්ග පාවිච්චි කරේ නැනේ. දේශීය ස්වභාවික ශාක තමයි යොදා ගන්න ඇත්තේ. ඔයාලගේ දෑත් ,දෙපා හා ඛෙල්ලට දිදුළන සමක් ලබා ගන්න කරන්න පුළුවන් විශ්මිත දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරුවක් කියන්නම්කෝ.
අපි මුලින්ම මේක දෑත් වලට කරන හැටි බලමු හොදේ.
මුලින්ම දෑතේ සැම හොදින් සෝදා පිරිසුදු කර ගන්න
කිරිමොරු( කිරි හට්ටියේ යොදය ඇතුලත් මතු පිට කොටස අරන් වතුර සමග හොදින් ගසා ගන්න ) , මී පැණි හා දෙහි යුෂ අවශ්‍ය පමණ යොදා මිශ්‍ර කර ගෙන එය දෙඅත් මත ගල්වා උඩු අතට විනාඩි 10ක් පමණ පිරිමදින්න
ඉන්පසු මද උණුසුම් වතුර භාවිතා කරලා sponge කෑල්ලකින් ආලේපනය ඉවත් කර ගන්න
ඊලගට
නෙල්ලි කුඩු , වැල්මදට කුඩු , සුදු හදුන් කුඩු , සැවන්දරා කුඩු , ඛෙලි කොල කුඩු සමව ගෙන එළකිරි වලින් අනා මිශ්‍රනයක් සේ සදා ගෙන දෙඅත් වල ගලවන්න
විනාඩි 15-20ක් තබන්න
ඉන්පසු අත තෙත් කර සෙමෙන් උඩු අතට පිරි මදින්න.
මෙහිදී ඉතා මෘදුව රවුමට පිරි මැද ගැනීමෙන් සමේ ඇති මැරුණු ෙසෙල ඉවත් වී සමට මනා පැහැපත් බවක් මෙන්ම සුසිනිදු බවක් ද ලැබේ
මෙම ආලේපනය ඉවත් කරන්නේ තෙත sponge කැබැල්ලකින් හොදින් පිස දැමීමෙනි.
ඊලගට දෑත් මත ගල්වන්නේ ඖෂධිය තෙල් වර්ගයි.මේ සදහා තල තෙල් , olive තෙල් හෝ ආමන්ඩ් තෙල් භාවිතා කල හැකි අතර එය ගල්වා හොදින් සම්භාහනය කිරීමෙන් රුධිර ගමනය ක්‍රමවත් වී අභ්‍යන්තර ක්‍රියා කාරිත්වය නිසි පරිදි සිදු වේ. ඒ මගින් ලේ පිරිසිදු වී සම ඉක්මනින් පැහැපත් වේ.
මෙම තෙල් සම්භාහනය අවසන් වන විට තෙල් හොදින් සමට උරා ගෙන ඇති ආකාරයක් දක්නට ලැඛෙයි.දැන් මද උසුම් ජලයෙන් දෑත් සෝදා හොදින් පිසදා ගන්න.
ඊළගට අපි අත් දෙකට දාන්න යන්නේ pack එකක්.
මේ pack එක හදා ගන්නේ පැපොල් , කොහොබ කුඩු , නෙලුම් අල කුඩු , වැල්මදට කුඩු හා ආමන්ඩ් කුඩු එළකිරි සමග රැයක් පෙගෙන්නට තියලා පසුව අබරා ගැනීමෙනි.
මෙය සම මත හොදින් තවරා ගත් පසු නෙලුම් කොල හෝ එඩරු කොල කිහිපයකින් දෑත් වල ආලේපනය තවරා ගත කොටස් හොදින් වැහෙන සේ ඔතන්න.
එසේ දෑත් එතීමට ගන්නා කොල තෙල් ගල්වා රත් කර ගත් ඒවා විය යුතුයි
එවිට ආලේපනය තුල ඇති ඖෂධ ඉතා ඉක්මනින් දෑත් වලට උරා ගනී.
මෙම pack එකේ දියර ස්භාවය සැමට උරා ගෙන වියලි ගිය පසු ිචදබටැ කැබැල්ලකින් කුඩු ටික පිස දමා සමට ගැලපෙන cream වර්ගයක් ආලේප කරන්න.
මෙම දේශීය ඖෂධය භාවිතයෙන් කර ගනු ලබන සත්කාරය දෑත් වල මෙන්ම දෙපා හා ඛෙල්ලේ ඇති අව පැහැය , අදුරු පැහැය ඉවත් කර සම පැහැපත් කර ගැනීමට මේ ආකාරයටම යොදා ගන්න පුළුවන්.
සතියකට වරක් වත් මේ සත්කාරය කරොත් ඔබට හැමදාම ලස්සනට ඉන්න පුළුවන් වේවි
curtesy :
http://www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)