SexEducation
කාන්තා උපත් පාලන කොපු ගැන දැන සිටිය යුතු කරුණු 8ක්
පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු පිළිබඳව බොහෝ දෙනා දැනුවත් වී සිටියත් කාන්තා උපත් පාලන කොපු පිලිබඳ එතරම් දැනුවත් වීමක් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ලිපියේ අරමුණ කාන්තා උපත් පාලන කොපු පිලිබඳ ඔබව දැනුවත් කිරීමයි.
කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ?
කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ කාන්තාවක් විසින් ලිංගිකව එක්වීමට ප්‍රථම පළඳින කුඩා පසුම්බියක් හෝ තුනී කොපුවක්. මෙහි දෙකෙළවරේ නම්‍යශීලී මුදු දෙකක් තිබෙනවා. එක් කෙළවරක් වැසී තිබෙන අතර අනෙක් කෙළවර පවතින්නේ විවෘතවයි. වැසී ඇති කෙළවර යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගය තුලට ඇතුල් කරනු ලබනවා. විවෘතව ඇති කෙළවර යෝනි මාර්ගයෙන් පිටත පවතිනවා.
කාන්තා උපත් පාලන කොපුවකින් සිදුවන්නේ?
ලිංගික කාර්යයේදී පිටවන යෝනි ශ්‍රාවයන් සහ ශුක්‍ර තරලයන් ඩිම්බ හා එක් වීමට නොදී එකතු කරගැනීම තමයි කාන්තා උපත් පාලන කොපුවකින් කෙරෙන්නේ. මෙය ගැබ්ගැනීමට පමණක් නෙවෙයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමට ද එරෙහිව ආරක්ෂාව ලබා දෙනවා.
කාන්තා උපත් පාලන කොපු වර්ග
Old-Female-Condom-546x365
FC1 හා FC2 ලෙස කාන්තා උපත් පාලන කොපු වර්ග දෙකක් තිබෙනවා.
FC1