Health
ක්ලාන්තය ඇතිවීමට හේතු රැසක් තිබෙනවා
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
ශල්‍ය වෛද්‍ය බිම්සර සේනානායක
ක්ලාන්තයක් හෝ සිහි විසඥවීමක් අත්විඳ නැති කෙනෙකු නොමැති තරම්යග එනම් අපි ඕනෑම කෙනෙකු ජිවිතයේ එක් වරක් හෝ මෙවැනි ආසන්නතම තත්ත්වයකට හෝ මුහුණ දී ඇත්තෙමුග
කෙසේ වෙතත් පුද්ගලයකු සිහි විසඥවීමකට හදිසියේ ගොදුරු විය හැක්කේ කුමන හේතුවක් නිසා දරෑ
හේතු රැසක්
සිහි විසඥවීමකට බලපාන හේතු රැසක් තිබිය හැකියිග මොළයට සැපයෙන රුධිරය අඩු විමෙන් කෙනෙකුට ක්ලාන්ත තත්ත්වයක් ඇතිවිය හැකියග ඊට අමතරව හෘද ස්පන්දනයේ ඇතිවන විෂමතා නැතිනම් වෙනස්කම් නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් කෙනෙකු (Heart Arrhythmia)ක්ලාන්ත තත්ත්වයකට හදිසියේ පත්විය හැකියිග
එසේම එකවර මොළයට සැපයෙන සීනිවල අඩුවක් නිසා (Hypoglycemia) පුද්ගලයකු එකවර සිහි විසඥභාවයට පත්විය හැකියිග සිරුරේ ඇතිවන ලවණවල වෙනස්කම් නැතිනම් සෝඩියම්වල අඩුවක් නිසාද මෙසේ හදිසි ක්ලාන්ත වීමකට ලක්විය හැකියිග
මිග්රේන් වැනි තත්ත්වයක් නිසා ඇතිවිය හැකි තද හිසේ කැක්කුම :මිග්රේන් සින්කොපි- නිසාද පුද්ගලයකු හදිසියේ සිහි විසඥවීමකට පත්විය හැකියිග හදිසි ක්ලාන්තය බොහෝ රෝග තත්ත්වවල අනතුරු ඇඟවීමක් ද විය හැකියිග එබැවින් පුද්ගලයකු හදිසි ක්ලාන්ත වීමකට බඳුන් වීම නැතිනම් හදිසියේ සිහි විසඥවීමකට ගොදුරු වීමෙන් අඟවන රෝග තත්ත්ව කීපයක් ද හඳුනාගත හැකියිග
එලෙස මොළය තුළ රුධිරවාහිනියක් පුපුරා යෑමෙන් මොළය තුළ ඇතිවන ලේ ගැල්මක් හේතුවෙන් ද පුද්ගලයකු හදිසියේ සිහි විසඥවීමකට ලක්විය හැකියිග
තවද ආඝාත තත්ත්වයක අනතුරු ඇඟවීමක් ලෙසද (Transient Ischemic
Attack) කෙනෙකු සුළු වේලාවකට සිහිවිසඥවීමකට ලක්විය හැකියිග
ඊට අමතරව අප මොළයේ උණ ලෙස හඳුන්වන මෙනින්ජයිටීස්ල එන්කෙෆලයිටීස් වැනි මොළයට විසබීජ ඇතුළු වීමෙන් හටගන්නා මොළයේ ආසාදන තත්ත්වලදීත් පුද්ගලයකු මෙවැනි සිහිවිසඥ තත්ත්වයකට පත්විය හැකියිග
මෙලෙස කෙනෙකු හදිසියේ සිහිවිසඥ විය හැකි තත්ත්ව ගණනාවක් හඳුනාගත හැකි අතර මෙවැනි තත්ත්ව අතර වඩා සුලබම තත්ත්වයක් ලෙස අපස්මාරය හඳුනාගත හැකියිග
අපස්මාරය නැතිනම් ෆිට් එක නිසා නිතර සිහිවිසඥ තත්තවයකට පත්වන විශාල පිරිසක් අප රටේ ද වේග
දුටු සාක්ෂි ඉතා වැදගත්
(Witness History)
අපස්මාර වැනි තත්ත්වයකදී ඇතිවන සිහි විසඥවීමකින් පසු බොහෝවිට රෝගියා තමාට සිදු වූ දේ නොදනියිග නැතිනම් ඒ අවස්ථාවේ ශාරීරිකව ඇති වු ගැටලු තවත් කෙනෙකුට පැවසීමට තරම් හැකියාවක් නොමැති මානසික මට්ටමක සිටිය හැකියිග රෝගියා ඒ අවස්ථාවේ දරදඬු වූයේදල කටින් සෙම පිට වූයේ ද රෝගියාගේ දෑස් උඩ ගියේ ද මුත්‍රා පිටවුණේ ද ආදී තත්ත්ව දුටු කෙනෙකු වෛද්‍යවරයාට පැවසීම ඉදිරි රෝග විනිශ්චය සඳහා බෙහෙවින් වැදගත් වෙයිග
සාමාන්‍ය ක්ලාන්ත තත්ත්වයකින් අනතුරුව පුද්ගලයකු ඉක්මනින් යථා තත්ත්වයට පත් වූවද ෆිට් එක සහිත රෝගියකු සිහි විසඥභාවයෙන් පසුව ද යම් ව්‍යාකූල ද තත්ත්වයකින් පසුවිය හැකියග එමෙන්ම ඔහු හිසරදයකින් ද පෙළිය හැකියිග
මෙවැනි තත්ත්වයදී පුද්ගලයකුගේ රුධිර වාර්තා පිරික්සීම මෙන්ම පරීක්ෂණවලට ද රෝගියාව යොමු කිරිමට සිදුවිය හැකියග
E.E.G පරීක්ෂණයක් මෙන්ම හිසේ ස්කෑන් පරීක්ෂාවකට ද මෙබඳු තත්ත්වයකදී රෝගියකු යොමු කළ හැකියිග
Vosovagal attack
මේ තත්ත්වය බොහෝදුරට පාසල් දරුවන් කෙරෙන් දැකිය හැකියිග විශේෂයෙන් උදය කාලයේ පාසල් රැස්වීමේ සිටගෙන සිටින දරුවන් ක්ලාන්ත වී ඇද වැටීම මෙයට උදාහරණයකිග කෙසේ වෙතත් මේ කෙබඳු තත්ත්වයකදී වුවද වඩා වැදගත් වන්නේ රෝගියකු සම්බන්ධයෙන් වූ රෝග ඉතිහාසය පිළිබඳ තොරතුරු නැතිනම් දුටු සාක්ෂියිග
එමෙන්ම යම් පුද්ගලයකු වරින් වර මෙවැනි තත්ත්වයකට ගොදුරු වේ නම් මේ තත්ත්වය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ද යන්න සැක කළ යුතු වේග එය තහවුරු කර ගැනීමට වැඩිදුර පරීක්ෂණ කිරීමට ද සිදු වේග එවැනි අවස්ථාවක රුධිර පරීක්ෂණල වකුගඩුල අක්මාවල හදවතල මොළය ඇදි ඉන්ද්රියයන් පිළිබඳ වැඩිදුර පරීක්ෂා කිරීමට ද සිදුවිය හැකියග එමඟින් රෝගියා මුහුණ දී සිටින රෝග තත්ත්වය කෙබඳු එකක් ද යන්න තහවුරු කරගත හැකි වේ
curtesy : dinamina.lk