Life
කනෙහි ආරක්ෂාව ගැන ඔබ සැළකිලිමත්ද?
උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ
මිනිසාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම ඉතාමත් සුවිශේෂීය. කනද මිනිස් ජීවිතයට අත්‍යාවශ්‍යම ඉන්ද්‍රියයකි.එහෙත් අප කන පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරන්නේ අපේ දෙසවන් සියලුම ශබ්දයන් කෙරෙහි හොඳ ප්‍රතිචාරයක් දක්වන තුරු පමණි. අපේ ශ්‍රවණය අයට අහිමි වන්නේ අපේම වරදින්ය. එනිසාම එදිනෙදා ජිවිතයේ සන්නාවේදනයට සුවිශේෂී කාර්්යයයභාරයක් සිදු කරන කන ආශ්රිත රෝග හා ගැටළු පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අප සිතුවා.
කනෙහි සැකැස්ම
රෝග හා ගැටළු වලට දැනුවත්වන්නට ප්‍රථමව කනෙහි සැකැස්ම පිළිබඳව ඔබට සරල පැහැදිලි කිරීමක් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මිනිස් කන ප්‍රධාන වශයෙන් හඳුනාගැනීමේ පහසුව සඳහා කොටස් 3 කට බෙදා දැක්විය හැකිය. ඒ බාහිර කන, මැද කන සහ ඇතුළු කන වශයෙන්ය. පිටතින පිහිටි කන් පෙත්තෙන් ( auricle ) වටවී කන තුලට ඇතුළු විය හැකි පිටත කන් ද්වාරය ( external auditory meatus) පිහිටා ඇත. එම ද්වාරයෙන් ඇතුළු වූ විට කර්ණ මාර්ගය පිහිටා ඇත.මෙම මාර්ගය අවසන් වන්නේ කන් බෙරයෙනි. මෙම නාලය තුල කලාඳුරු නිපදවන ග්‍රන්ථිය පිහිටා ඇත. කන් බෙරය පිටු පසින් මැද කන පිහිටා ඇත. එය තවත් නාලයක් මඟින් නාසයේ පිටුපසට සම්බන්ධ වේ. මැද කන තුල ඇසීමට උපකාරී වන ඉතා කුඩා අස්ථි තුනික් පිහිටා ඇති අතර එය වාතයෙන් පිරී කුටීරයක් වේ. ඇතුලතින්ම පිහිටා ඇති ඇතුළු කන අපගේ ඇසීමට අදාල සෛල වලින් හා ශරීරයේ සමබරතාවයට අවශ්‍ය කොටස් වලින් යුක්තවේ. ඇතුළු කනේ සිට පිටවන ස්නායු මඟින් මොළය කරා ඇසීමේ හා සමබරතාවයේ සංඥා ගෙන යනු ඇත.
කනේ ආසාදන
බොහෝ දෙනෙක් මුහුණ දෙන්නේ බාහිර කනේ සහ මැද කනේ ආසාදන තත්ත්වයන්ටයි. බාහිර කන සෑදී තිබෙන්නේ කාටිලේජ් සහ අස්ථිවලින්ය. කන් පෙත්ත සැදී තිබෙන්නේ කාටිලේජවලින්. බාහිර ශ්‍රවණ නාලයේ ඇතිවන ආසාදනවලට බොහෝවිට හේතුවන්නේ එක් එක් පුද්ගලයා සතු වැරදි පුරුදු හේතුවෙන් ආසාදනවලට ලක්වේ.
කලාඳුරු
කන ආශ්‍රිතව ඇතිවන බහුලවම දක්නට ලැබෙන ගැටළු සහගත අවස්ථාවක් වනුයේ කලාඳුරු නැති නම් ඉටි නිසා ඇති වන විවිධ ආබාධයන්ය. බොහෝ විට අනවශ්‍ය දෙයක් යැයි සිතා අප ඉවත් කරන කලාඳුරු කන් බෙරය හා කනෙහි සංවේදී කොටස් ආරක්ෂා කිරීම සඳහා සිටින ආරක්ෂකයෙකි. එය බාහිර කනේ කන ඇතුළත ඇති ග්‍රන්ථින් දෙකකින් ශ්‍රාවය වන ද්‍රව්‍ය එකතුවී සෑදේ. සැබැවින්ම කලාඳුරු යනු නිතැතින්ම කනෙහි නිෂ්පාදනය වන දහඩියට සමාන ද්‍රව්‍යයකි. එය විවිධ ප්‍රමාණයෙන් නිෂ්පාදනය වන අතර ස්වභාවයෙන්ම පිටතට පැමිණීමේ ක්‍රියාදාමයක් ඇත. කනේ කලාඳුරු තිබේ නම් එය සෞඛ්‍ය සම්පන්න කනක් ලෙසත් යම් කනක කලාඳුරු නොතිබේ නම් එය සෞඛ්‍ය සම්පන්න නොවන කනක් ලෙසත් දැක්විය හැකිය.
කලාඳුරු නිසා ආසාදන ඇතිවන්නේ කෙසේද?
බොහෝ දෙනා කලාඳුරු ඉවත් කිරීම සඳහා කන් හැඳි හැට්ට කටු කොණ්ඩ කටු වැනි විවිධ දෑ යොදා ගනියි. මේ ආකාරයට කන පිරිසිඳු කිරීමට උත්සහ දැරීමේදී ඒවා තව දුරටත් කන ඇතුලට යයි. එය ස්වභාවික ක්‍රියාදාමයට බාධා වන අතර එමඟින් කලාඳුරු කනෙහි ගැඹුරෙහි එකතුවීමක් සිදුවේ. මෙසේ එකතු වන කලාඳුරු ඝණ තත්ත්වයට පත් වූ විට කන තද වී වේදනාවක් ඇති වීමත් මැද කනෙහි දුර්වලතා ඇතිවීමටත් ඉඩ කඩ ඇත. එසේ දිතු කලක් සිර වී තිබීමෙන් කන තුල මස් දළු ඇති වී කලාඳුරු කනේ සම හා ප්‍රතික්‍රියා කොට ඉතා අධික වේදනාවක් ඇති වේ.එසේම ඔබ කනට ඇතුල් කරන කන් හැඳි හැට්ට කටු කොණ්ඩ කටු වැනි විවිධ දෑ මගින් කනට දිලීර හා බැක්ටීරියා ඇතුල්විය හැකිය.
කලාඳුරු ඉවත් කළ යුතු නැද්ද?
කලාඳුරු සෑදීම කන තුළ ක්‍රියාත්මක වන ස්වභාවික ක්‍රියාවලියක්. එය රෝගයක් හෝ අනවශ්‍ය දෙයක් නොවන බව නැවත වතාවක් අවධාරණය කළ යුතුය. අනවශ්‍ය කලාඳුරු වියළී කෑලි මෙන් එළියට වැටීමක් සිදුවේ. එනිසා නිතර නිතර කන පුරුද්දක් ලෙස පිරිසිඳු කිරීම යෝග්‍ය නොවේ. විශේෂයෙන්ම මව්වරුන් තම සිඟිති දරුවාන්ගෙ කනෙහි කලාඳුරු ඉවත් කර පිරිසිඳු කිරීම නොකළයුතුය. කලාඳුරු ඉවත් කිරීමේදී කනට විෂ බීජ ගමන්කර කන් කුහරය සැරව පිරී හානි පවා සිදු විය හැකිය. මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට නම් කන ඇතුළට කිසිවක් දැමීමෙන් වැළකිය යුතු බව තරයේ සිතට ගත යුතුය. අධික ලෙස කලාඳුරු එකතු වී ඇති බවක් දැනුන හොත් වෛද්‍යවරයකු යොමුව පරික්ෂා කළ පසු කලාඳුරු ඉවත් කර ගත යුතුය.
කනට සතෙක් ගියොත්