Life
කනට Cotton Buds දාන්න එපා
කන පිරිසිදු කරන්නට විවිධ ක්‍රම භාවිතා කෙරෙනවා. මේ අතර බොහෝ දෙනා Cotton Buds පාවිච්චි කලත් වෛද්‍ය වරුන් පවසන්නේ එසේ Cotton Buds භාවිතා කර කන පිරිසිදු කිරීම නුසුදුසු වන බවයි.
බාහිර කනෙහි හැදෙන ඉටි වැනි ද්‍රව්‍යය මගින් කනේ අභ්‍යන්තර කොටස් වලට ආරක්ෂාවක් සපයනු ලබනවා. මෙසේ කන තුලට යන අපද්‍රව්‍ය දූවිලි එකතු වීමෙනුයි අඳුරු පාට ගණ ඉටි වැනි දෙයක් හැදෙන්නේ. මේ විෂබීජ අපි ස්නානය කරන විට ඉබේම ඉවත් වනවා. මේ නිසා වෛද්‍ය වරුන් පවසන්නේ කන අමුතුවෙන් පිරිසිදු කිරීමක් කල යුතු නොවන බවයි.
නමුත් සමහරුන්ගේ මෙසේ ඉටි වැනි ද්‍රව්‍යය ඉබේම ඉවත් වන්නේ නැහැ මෙවැනි අයගේ නිතර නිතර කන පිරිසිදු කිරීම අවශ්‍ය වනවා. මේ සඳහා යොදා ගත යුතු වන්නේ පහන් තිරයක් සහ ඔලිව් තෙල් හෝ බේබි ඔයිල් ස්වල්පයක්. තෙල් බින්දුවක් දෙකක් කන තුලට දමා පහන් තිරයෙන් පිරිසිදු කිරීම හොඳටම ප්‍රමාණවත්.
කුඩා දරුවන්ගේ වුනත් කන පිරිසිදු කරන්නට Cotton Buds නම් භාවිතා කරන්න නම් එපා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ බාහිර කන වැඩිහිටියන්ගේ මෙන් නොවෙයි. කෙටි සහ කෙලින් ස්වභාවයක් ගන්නවා. මේ නිසාම Cotton Buds යෙදීම ඉතාම භයානකයි. මේ මගින් කන් බෙරයට පවා ඉතාම පහසුවෙන් හානි වන්නට පුළුවනි. මේ නිසා ඔවුන්ගේත් කන පිරිසිදු කරන්නට පහන් තිරයක් පාවිච්චි කරන්න.
Wmqgd .ekSu taIshka