Life
කකුලේ ඇඟිලි දියමැටියෝ කාලා
වයස් භේදයකින් තොරව පාදවල තුවාල ඇතිවෙන බව අප අත්දැකීමෙන් වුවද දන්නා කරුණකි. සම පහසුවෙන් විෂබීජ සිරුර අභ්‍යන්තරයට ඇතුල්විය හැකි මාර්ගයකි. වැඩිපුරම පොළව ගැටෙන නිසා පාදයේ යටි පතුල්වල සමට පහසුවෙන් විෂබීජ ඇතුල්වීම හෝ විවිධ ගැටලු ඇති වීමට ලක්වන ඉන්ද්‍රියක් ලෙස පාදය හැඳින්විය හැකියි. පාදවල ඇතිවන රෝග අතර දිලීර රෝග විශේෂයි. එලෙස ඇතිවන රෝග තත්ත්වයන් ලෙස දියමැටියා කෑම ද හඳුන්වා දිය හැක.
පාදයේ ඇතිවන රෝග
දියවැඩියාව නිසා පාදයේ තුවාල ඇතිවීම හා ඉන්නො ඇති වීම, එසේම සම නෙරාවිත් එම ස්ථානය පිපිරීමකට ලක්ව තුවාල වීම, පාදයේ සම වියළි පැලී යාම නිසා ඇතිවන තුවාල වැනි රෝග පාදයේ දක්නට ලැඛෙන රෝග තත්ත්වයන්ය. විශේෂයෙන් පාදවලට ඇතිවන තවත් රෝග තත්ත්වයක් ලෙස ඇඟිලි එක උඩ එක යාමෙන් ඇතිවන
ඝර්ෂණය හේතු කොටගෙන තුවාල ඇතිවීමට පුළුවන. සාමන්‍යයෙන් අපගේ දෛනික ක්‍රියාකාරකම්වලදී සෙරෙප්පු භාවිතය ද එතරම් සුදුසු නොවන අවස්ථා ද ඇත. හේතුව සමහරුන්ට එය අසාත්මික වන බැවිණි. එවැනි අවස්ථාවලදී පවා තුවාල ඇතිවීමට පුළුවන.
දියමැටියා කෑම
දිලීර ආසාදන තත්ත්වයකි. විශේෂයෙන් දිලීරය ඇතිවීමට හේතු වන්නේ පාදවල මඩ තැවරීම නිසා හෝ ඇඟිලි පුරුක්වල පවතින තෙත් ගතිය නිසාය.
රෝග ලක්ෂණ
මෙහිදී ප්‍රධානවම ඇතිවන්නේ කැසීමයි. කැසීම දිගටම පවතින අතර ඇඟිලිකරුව තුළ සම සුදු පාට ගැන් වේ. මෙයට හේතුව පාදය නිරන්තරයෙන්ම වතුර සමඟ සම්බන්ධ වීමයි. කැසීම නිසා සුදු පාටට සැරව ගැලීම සිදු වේ. මේ හේතුවෙන් රෝගී තත්ත්වය උග්‍ර වේ. මේ තත්ත්වය ඇඟිලිකරු අතරට පමණක් සීමා වෙයි. පාදයේ තෙත් ගතිය වැඩි වීම නිසා සැරව ගලන ඇඟිලිකරු අතර ප්‍රදේශ පසුව ඉදිමී තුවාල විය හැක. ඇඟිලිවල ඇතිවන දැඩි අපහසුතාවය හා කැසීම මේ දියමැඩියා කෑම තත්ත්වයේ දැකිය හැකිය. කැසීම නිසා පාදයේ තුවාලවලට විශේෂිත ආරක්ෂාවක් නොමැතිවීම නිසාත් නැවත නැවතත් මඩ හෝ අපිරිසිදු වතුර සමඟ පාදය සම්බන්ධ වුවහොත් ඇඟිලිකරු තව තවත් අසාත්මික වේ.
වළක්වා ගන්නා ආකාරය
ඕනෑම වයසක අයෙකුට මේ රෝග තත්ත්වය පොදුය. එළිමහනේ ඇවිද යාමේදී පාවහන් පැළඳීම අත්‍යවශ්‍යය. පාවහන් පළඳින්නේ නැතිව එළිමහනේ ඇවිදීමෙන් පසු පාද හොඳින් සබන් ගා වතුරින් සෝදා පිරිසිදු කරගත යුතුයි.
වැඩිහිටියන්ට බලපාන අයුරු
විශේෂයෙන් වයසට යත්ම ඔවුන් වත්තෙ, පිටියේ, එළිමහනේ ඇවිදින්නේ පාද නිරාවරණය කරමිනි. එනම් පාවහන් පැළඳීමකින් තොරවයි. පසුව ඔවුන් නිවසට පැමි
Wmqgd .ekSu taIshka