Health
ඖෂධ මඟින් පමණක් ශ්‍රවණ ඌනතා යථා තත්ත්වයට පත්කරගත නොහැකියි
ලෝකයේ පැවැත්මට එකිනෙකා අතර සිදුවන සන්නිවේදනය ඉතා වැදගත් සාධකයක්ග
සන්නිවේදන කාර්යයේදී ශබ්දය මඟින් ඉටුවන්නේ ප්‍රධාන කාර්ය භාර්යයක්ග නමුත්
එසේ වැදගත් වන ශබ්දයම ඇතැම් විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මිනිසාගේ
විවිධාකාර වූ රෝගී තත්ත්වයන්ට හේතුවන බවත් එය පරිසරික දූෂණයේ කොටස්කාරයෙකු
බවත් හඳුන්වා දීම තරමක් විමසා බැලිය යුතු කරුණක්ග ඇතැම් විට ශබ්දය අධික වන
අවස්ථාවල ඊට මුහුණ දෙන බොහෝ දෙනෙක් ශාරීරික මෙන්ම මානසික රෝගී තත්ත්වයන්ට
මුහුණ දෙන බව පර්යේෂණ මත පවා ඔප්පු කර අවසන්ග කෙසේ වෙතත් මෙවැනි ගැටලුකාරී
වූ ශබ්දය නිසා මිනිසාගේ ශ්‍රවණයට බාධා ඇති කරවනල විශේෂිත අවස්ථා මොනවාදැයි
මෙවර ලිපිය යටතේ විමසා බලමුග
කන් බෙරයේ සිදුරු වීමත් සමඟ ඇතුළු කනේ
ව්‍යුහයට හානි සිදුවීම නිසා ශ්‍රවණ ඌනතා ඇතිවිය හැකියිග මෙහිදී වෛද්‍ය
උපදෙස් සහ ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය අතර සති 1-2 අතර කාලයක් තුළ
ඇතැම්විට ඇසීමේ යම් වර්ධනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබේග එසේ වුවත්
ස්ථීර වශයෙන් ශ්‍රවණ සංවේදී සෛල හා ශ්‍රවණ ස්නායුවලට හානි වීමක් පවතින්නේ
නම් ස්ථිරලෙස පවතින ඇසීමේ ඌනතාවක් ඇතිවිය හැකියිග එවැනි තත්ත්වයක් යටතේ කන
තුළ ඇති වී ඇති තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් ඇත්තේ ද
නොමැතග ඇතැම්විට මෙම ශ්‍රවණ ඌනතා ඖෂධ භාවිතා කිරීම මඟින් යථා තත්ත්වයට පත්
කර ගත හැකි බව ඇතැම් අය සිතුවත් ඖෂධ මඟින් ඒ සඳහා පිළියම් යෙදීමට නොහැකි
වේග
ඒ අනුව මෙසේ ඇතිවන ශ්‍රවණ ඌනතා සඳහා යොදාගත හැකි ප්රතිකර්මය
වශයෙන් හඳුන්වාදිය හැක්කේ ශ්‍රවණාධාරක Hearing amplification Devices වැනි ක්රමෝපායයන් වෙත යොමු වීමයිග
සාමාන්‍යයෙන් ශබ්දයේ
මිනුම් ඒකකය වශයෙන් හඳුන්වා දිය හැක්කේ ඩෙසිබල් (dB) අධික ශබ්ද මඟින්
සෞඛ්‍ය වෙත ඇති කරන අහිතකර බලපෑම හේතුවෙන් විවිධ ආයතන මඟින් ඒ පිළිබඳ
සම්මුතීන්වලට එළඹී සිටිනු ලැබේග එසේ ඇතිකරගත් සම්මුතීන් අනුව Occupational Safety and Helth (NIOSH)
Wmqgd .ekSu