Beauty
ඔයාටත් තියෙන්නේ වියළි සමක්ද?
ඔයාලා දන්නවනේ අපි හැමෝටම තියෙන්නේ එක වගේම සමක් නෙමේ බව. වියළි සම, තෙල් සහිත සම, සාමාන්‍ය සම, මිශ්‍ර සම හා සංවේදී සම විදියට, සම වර්ග 05ට බෙදන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැම වර්ගයකටම ගැළපෙන එක ක්‍රීම් වර්ගයකුත් අපිට use කරන්න බෑ. ඉතින් ගොඩක් වැදගත්, අපි අපේ සමේ වර්ගය හඳුනා ගන්න එක. ඉතින් අද අපි කියන්න යන්නේ කොහොමද වියළි සමක් හඳුනා ගන්නේ කියලා, ඒ වගේම මොනවගේ ප්‍රතිකාරයක්ද වියලි සමෙන් මිදෙන්න කරන්න ඕනි කියල.
පියවර 01: මුලින්ම මුහුණ හොදින් පිරිසිදු කර ගන්න. මුහුණේ ඇති සියලු තෙල්, කුණු සහ make up ඉවත් කර ගැනීමට මෘදු cleanser 1ක් හා pat dry 1ක් භාවිතා කරන්න.
පියවර 02: මුහුණ ස්වභාවික තත්වයට පත් වන තුරු පැයක් පමණ සිටින්න. මේ කාලය තුල මුහුණ ස්පර්ශ කිරීමෙන් වලකින්න.
පියවර 03: දැන් tissue කඩදාසියකින් මුහුණ පිස දමන්න. T කලාපයට (නාසය හා නළල අවට ප්‍රදේශය) වැඩි අවධානයක් දෙන්න. දැන් ඔබේ කඩදාසියේ කිසිවක් නැද්ද? නමුත් මුහුණේ සමේ තද ගතියක් හෝ මැරුණු සමේ flakes දකින්න ඇත්නම් ඔබට ඇත්තේ වියලි සමකි. දන්නවද මෙවැනි සමක්, ඔයාව වයසට ගිය ස්වභාවයක් ඉක්මනින් පෙන්වයි.
වියලි සමට තිබෙන ප්‍රතිකාර කීපයක් නම්:
-තරමක් උණුසුම් ඇති වතුරෙන් මුහුණ සෝදා හොදින් වියළා ගන්න.
-ඒ වගේම සමට ටෝනර් එකක් use කරන්න. නමුත් මතක තබා ගන්න alcohol නැති ටෝනර් එකක් use කරන්න.
-සමේ වියලි ස්වභාවය නැති වන්නට cream-based lotion එකක් use කරන්න.
මේ පුංචි ටිප්ස් ටික ඔයා follow කලොත් ඔයාටත් පුළුවන් වියළි සමෙන් මිදෙන්න.
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)