Beauty
ඔබේ සමේ වර්ගය හඳුනනවාද? තෙල්ද? වියළිද? මිශ්‍ර සමක්ද?
සම සුන්දර කරන සක්කාර කිරීමට පෙර ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීම වැදගත්ය. නිරෝගී පැහැපත් සමකට සත්කාර කිරීමට පෙර ඔබ මේ ගැනත් දැනගන්න. ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීමට මේ පියවර කිහිපය ප්රමාණවත්ය.
මුහුණ සෝදන්න.
හොඳින් මුහුණ සෝදා පිරිසුදු කර ගැනීමට සුදුසු ක්ලෙන්සර් එකක් භාවිත කරන්න. දවස පුරා සම මත රැඬෙන කුණු දූවිලි ඉවත්කර ඔබේ සමට ප්රබෝධයක් මින් ලබාගත හැකියි. ඒත් වැඩිපුර මුහුණ සේදීමට සුදුසු නැත.
පැයක විවේකයක් ලබන්න.
ඉන් අනතුරුව පැයක් පමණ සිටීමෙන් ඔබේ සම සාමාන්‍ය තත්ත්වයට පත්වී එහි ක්‍රියාකාරිත්වයද යථා තත්ත්වයට පත්වෙයි. මේ අවස්ථාවේදී මුහුණ ස්පර්ශ නොකිරීමට වග බලා ගන්න.
ටිෂූ කඩදාසියකින් මෘදුව පිසදමන්න.
පැයක් ගතවූ පසු ටිෂූ කඩදාසියක් මුහුණ මත තබා නළලේ සිට නිකට දෙසටත් නහය හා කම්මුල දෙසටත් (ඊ ලධදඥ) මෘදුව පිස දමන්න.
ඔබේ සම හඳුනා ගන්න.
සාමාන්‍යයෙන් ඔබේ සම කොටස් 4කට ඛෙදා දක්වයි. එනම් තෙල් සහිත, වියළි, සාමාන්‍ය හා මිශ්‍ර සම වශයෙනි.
• ඔබට සාමාන්‍ය සමක් හිමි වන්නේ නම් තෙල් හෝ පතුරු යන ස්වභාවයක් දැකිය නොහැකියි.
• තෙල් සහිත සමක් නම් ටිෂූ කඩදාසියේ තෙල් රැඳී තිබිය හැකියි. එවැනි සමක් දිලිසෙන ස්වභාවයෙන් පෙනෙන අතරම විශාල රෝමකූප සිදුරු දැකීමට පුළුවන.
• වියළි සමක් නම් තද හා මැරුණු සම ගැලවී යන බවක් පෙනෙයි. කුඩා සිදුරු සහිත මෙම සමට තෙතමනය අත්‍යවශ්‍ය සාධකයකි.
• බොහෝ දෙනෙක්ට හිමිවන්නේ මිශ්‍ර සමකි. ඉහත කී ලක්ෂණ සියල්ලම මෙවැනි සමක දැකිය හැකිය. විශේෂයෙන් ඊ ලධදඥ එක තෙල් සහිත බවකින් හා මුහුණේ අනෙක් ස්ථාන සාමාන්‍ය වියළි බවකින් යුක්තය.
ඔබේ මුහුණේ ඇති ගැටලු හඳුනා ගන්න.
ඔබේ සමට හානිදායක වන ගැටලු දෙයාකාරයකි. එනම් සංවේදී සම හා ඇක්නි ආසාදන සහිත සමයි.
• සංවේදී සමක් ඇති විට ගල්වන විවිධ ආලේපන වලට ප්‍රතික්‍රියා කරන නිසා කැසීම් වැනි විවිධ ආසාදන තත්ත්ව ඇතිවිය හැකියි.
• ඇක්නිකාරක සමක් හිමි නව යොවුන් වියේ පසුවන යුවතියකට නම් කුරුලෑ හා ඇක්නි ඉක්මනින්ම ඇතිවිය හැකියි.
මෙම ගැටලුවලට විසඳුම්
• වතුර වැඩිපුර පානය කිරීමෙන් සමේ සීබම් තෙල් නිපදවා සිරුර විජලනය වීම වළක්වයි.
• සිරුරේ නිරෝගිමත් බවටත් එය උපකාරී වෙයි.
• මල්වර වීමෙන් පසු ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය වෙනස් වන නිසා එම සමටද බලපෑම් කරයි.
• අවට පරිසරය, ජීවන රටාව, භාවිත කරන නිෂ්පාදන, මානසික ආතතිය ද සමේ වෙනස්කම්වලට බලපාන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
• සමේ ර්ථීඩ් අගය සමතුලිතව පවත්වාගෙන යෑමට එයට සුදුසු ටෝනර් එකක් ක්ලෙන්සර් කිරීමෙන් පසුව භාවිත කරන්න. එවිට පැයක් පමණ කාලයක් සම සාමාන්‍ය තත්ත්වයට එන තෙක් බලා සිටින්න සිදු නොවෙයි.
• ඔබේ සම පොතු ගැලවී යන බවට ඔබටම දැනෙයි නම් මැරුණු සම ඉවත් කරන ස්ක්‍රබ් එකක් සතියට දෙවරක් වත් සිදු කරන්න.
ෆ වැඩිපුර මුහුණ සේදීම නුසුදුසු වන්නේ සමෙන් නිපදවන තෙල් සහිත. බව ඉවත් වන නිසයි. දිනකට 3 වරක් පමණක් මුහුණ සේදීම ප්රමාණවත්ය.
pasanliya.co
(under the courtesy of goodhousekeeping.lk web)