iranama
ඔබේ ආත්මය පාලනය කරන ග්‍රහයා
ජේයාතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්‍රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනඟනු ලබන ජන්ම පත්‍රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂී ග්‍රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකියි. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්‍රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්‍රහයා යනු කවරෙක්ද? එම ප්‍රධාන ග්‍රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්‍රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12න් ඔබ කිනම් ලග්නයකින් උපන්්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා බව ඔබ වටහා ගත යුතුයි. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්‍රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා වෙයි.
මෙම ආත්මකාරක ග්‍රහයා මොනයම් ග්‍රහයෙක් වුවත් එම ග්‍රහයා ඔබේ ජන්ම පත්‍රයේ භාව 12න් ඔබේ කේන්දරයේ මොනයම් රාශි භාවයක තැන්පත් වී සිටියත් ඔබ උපන් තැන සිට ඔබේ මරණය දක්වා වූ ඔබ ජීවත් වෙන තාක්කල් ඔබේ දිවි පෙවෙත නැතහොත් ජීවිතය ඔහුගේ පාලනයට නතු වනු ඇත. ආත්මකාරක ග්‍රහයා උත්පත්තියේ පිහිටි ග්‍රහ බල දුබලතා මත පාලනය වෙන අයුරු මෙතැන් සිට සලකා බලමු.
රාශි චක්‍රයේ මුල්ම ලග්නය වන මේෂ ලග්නයෙන් ඉපදුණ අයකුට ලග්නාධිපති කුජ ග්‍රහයා වෙයි. මෙම ග්‍රහයා උපතේ බලවත්ව සිටි අය එම මේෂ ලග්නයෙන්ම ඉපදී කුජ ලග්න ගතව සිටීද, ඔහු තරබාරු මහත දේහ ලක්ෂණයකින් හෙබි නිර්භීත සටන්කාමී එඩිතර අයෙක් වන අතර ආත්ම ශක්තියෙන් බලවත් තම උත්සාහය මුළු ජීවිතය පුරා විසිරී පැතිරී පවතින අයකු වන අතර කාටවත් යටත් නොවෙන තම උත්සාහයෙන් දියුණුව උදා කර ගන්නා අයෙකි.
දෙවැනි ලග්නය වන වෘෂභ ලග්න හිමියාට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. සිකුරු ලග්නයේ සිට වෘෂභ ලග්නයේ නම් කලාව ප්‍රිය කරන අයෙක් වන අතර මනා රූපස්වභාවයකින් හෙබි, ඇත්ත කතා කරන අනුකම්පාව කරුණාව ඇති පරිත්‍යාගශීලී අයෙක් වන අතර සිකුරු උපතේ බලවත්ව පිහිටියේ නම් කලා අංශවලින් තම ජීවිතයේ වෘත්තීය ලාභ වශයෙන් තෝරාගෙන කරන, කාටවත් කරදර නොමැතිව ජීවත් වන අයෙක් වන අතර ලග්නාධිපති ග්‍රහයාගේ බලය අනුව පෙර පින මෙලොව පින සිකුරු විසින් පාලනය කරමින් වෘෂභ ලග්න හිමියාගේ දිවි පෙවෙන තුළ හොඳ නරක සිකුරු උපතේ බලවත් වූ ආකාරය මත වෘෂභ ලග්න හිමියාව පාලනය කරනු ලබයි.
ලග්නාධිපති වූ බුධ, මිථුන ලග්නයේ බලවත් වඅය බුද්ධිය නිසා ධනය සොයන තම බුද්ධියෙන් දියුණුව ලබන අය වෙයි. ලග්නාධිපති බුධ වන විට බුධ ලග්නාධිපති වශයෙන් බලවත් විණි නම් තරමක උසෙහි හැටියට මහත ඇති මිථුන ලග්න හිමි අයගේ ලග්න ගතව ලග්නාධිපති බුධ සිටිමින් ගුරු සඳු සිකුරු කේන්දරේ බලවත් විණි නම් ඔහු උගත්කමින් අග තැනට උසස් මානව දයාව හිමි අයෙකු වන අතර තැනට සුදුසු නුවණද ඇති අයෙකි.
සඳු ලග්නාධිපති වෙමින් කටක ලග්නය හිමි අයට ලග්නගතව ගුරු සමඟ සඳු ලග්නයේ සිටීද එයද කටක ලග්න හිමි අයට ජන්ම පතේ පිහිටි අනිටු පාපග්රහ බල විගසින් නසා සුබ ප්‍රතිඵල කටක ලග්න හිමියාට උදාකරන ග්‍රහ බලයක් වන අතර මෙම යෝගය කටක ලග්න හිමියන්ට බහුශ්‍රැත ප
Wmqgd .ekSu u