Life
ඔබටත් දුම්බීම අත්හරින්න ඕනිද? මෙන්න ඒකට ක්‍රම 10ක්.
දුම්බීම කොච්චර අපේ ශරීරයට අහිතකරද කියල අපි හැමෝම දන්නවා. ඒකෙන් මිදෙන්න කොච්චර උත්සාහ කලත් මිදෙන්න බැරි අය කොච්චර ඉන්නවද. දුම් පානයට ඇබ්බැහි වීම ලොකු ප්‍රශ්නයක් බව හැම දුම්පානය කරන්නෙක්ගේම මුනෙන් කියන්න පුළුවන්. දුම්බීමට දක්වන දැඩි ආශාව ජිවිතේ කෙටි කරනවා කියල හැම පර්යේෂණයකින්ම ඔප්පු වෙලා තියෙනවා. කොහොම උනත් ඔබේ ජීවිතය දුම්බීමේ ගොදුරක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි? විශ්වාස කරන්න හොඳට හිතුවොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය දුම්වැටියෙන් පාලනය වෙන එක නවත්තන්න. ධනාත්මකව හිතල දුම්බීමෙන් වැලකුනොත් ඒකෙන් ඔබට වාසි ගොඩක් ලැඛෙයි. ඒ වගේම ඔබේ පෙනහැල්ල ඔබ කැමැති විදියට ජීවිතය පුරාම සුව පහසුවෙන් ආරක්ෂා කර ගන්නත් පුළුවන් වෙයි.
1 දුම්බීම ප්‍රමාද කරන්න
ඔබට දැනෙනවා නම් දුම්බීමට තියෙන දැඩි කැමැත්ත ඔබට නතර කරන්නම බෑ කියල ඔබේ හිතට දුම් බොන්න දැඩි ආසාවක් එන හැම වෙලාවකම වෙන වැඩකට හිත යොමු කරන්න. හිතාමතාම සිගරට් එකක් බොන වෙලාව ප්‍රමාද කරන්න. ඒක ඉබේම ඔබව දුම්බීමෙන් ඈත් කරනවා වගේම දවසකට බොන සිගරට් ප්‍රමාණයත් අඩු කරනවා.
2 නිතරම එහා මෙහා ඇවිදින්න පුරුදු වෙන්න
එකම තැන වැඩි වෙලාවක් රැදෙන අයට වඩා එහා මෙහා ඇවිදින අය දුම්බීමට ඇබ්බැහි වෙලා තියෙන එක අඩු බව මේ වෙනකොට පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. මේ පර්යේෂණවලට අනුව ඇවිදීම මගින් අපේ ඇගේ තියෙන යමකට ඇබ්බැහි වීම වැළක්වීමේ රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වීම වැඩි වෙනවා.
3 සමාජශීලී වෙන්න
ඔබට දුම්බීමෙන් ඈත් වීමට අවශ්‍ය නම් එම තීරණය හිතට ආපු සැණින් අන් අය එක්ක ඒ ගැන කතා කරන්න. අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කර ගැනීම ඇබ්බැහි වීමෙන් මිදෙන්න හොඳම අවස්ථාවක් කියල ඕස්ට්‍රලියාවේ කරන ලද පර්යේෂණයකින් මේ වන විට සොයාගෙන තියෙනවා. ඔබ අන් අය සමග දුම්බීමේ අයහපත් ප්‍රතිපල ගැන කතා කලොත් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් ඔබට දුම්බීමෙන් මිදීමට ඕනි විදියේ පරිසරයක් හදාගන්න.
4 නිතරම යමක් හපන්න
ඔබේ කටේ නිතරම මොනවා හරි දෙයක් තිබුනොත් ඔබට දුම් බොන්න කටේ ඉඩ නැති වෙනවා. ඒ නිසා නිතරම චුයින්ගම්, කජු වගේ දෙයක්, මොනවා හරි පළතුරක් හපන්න පුරුදු වෙන්න. මේ නිසා ඔයාට පුළුවන් වෙයි ඇගට අහිතකර දුම්බීමෙන් මිදිලා ශරීරයට හිතකර දේවල කෑමට ගන්නත් පුරුදු වෙන්න.
5 දුම් නොබොන යාලුවෝ ඇති කරගන්න
තවත් දුම් බොන්නන් ගොඩක් ආශ්‍රය කරනකොට ඔබේ දුම්බීමත් වැඩි වන බව පර්යේෂණ මගින් මේ වන විට හොයාගෙන තියෙනවා. දුම් නොබොන අය එක්ක හිතවත්කම් ඇති කරගන්න නිතරම උත්සහ කරන්න. දුම් බොන අය දුම් බොන වෙලාවට ඔබ ඒ අයගෙන් පුළුවන් තරම් ඈතකින් ඉන්න. එහෙම දුරින් ඉන්න එක ඔබට දුම්බීමෙන් ඈත් වෙන්න හොඳ උදව්වක් වෙයි.
6 මානසික ආතතිය අඩු කරගන්න
ගොඩක් අය තමන්ට තියෙන ආතතියේ ප්‍රමාණයත් එක්ක දුම්බීමේ ප්‍රමාණයත් වැඩි කරනවා. නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ඇති වන ආතතිය භාවනා කිරීම යෝග කිරීම වගේ හොඳ පුරුදුවලින් මග හරවා ගන්න පුරුදු වෙන්න. ඔබේ විවේක කාලයේදී හැම විටම විටම දුම්බීමෙන් ඈත්වෙලා ඔබ කැමතිම විනෝදාංශයක යෙදෙන්න පුරුදු වෙන්න. ඔබට එවිට දුම්බීම වෙනුවෙන් යොදවන්න ඉතුරු වෙන්නේ පොඩි කාලයයි.
7 දුම්බීමෙන් වැලකීම නිසා ඇති වන වාසි ගැන නිතරම හිතන්න
දුම්බීමෙන් වැළකෙන්න ඔබ හිතුවේ ඇයි කියලා නිතරම හිතන්න. ඔබේ හිතට නිතරම කියන්න ඔබට දුම්බීමෙන් ඈත් වෙන්න පුළුවන් කියල. ඒ වගේම නිතරම හිතන්න ඔබට දුම් බොන්න තරම් තියෙන ප්‍රශ්න මොනාද කියල. ඔබ දිගටම දුම්බීලා ජිවිතේ නාස්ති කර ගන්නවද, නැත්නම් ඒකෙන් මිදෙනවද කියල හිතන්න.
8 දුම්බීම ආරම්භ කරන හා නිතරම දුම්බීමට යොමු වන වෙලාවල් හඳුනා ගන්න
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ දුම් බොන වෙලාවල්. ඒ වගේම දුම් බොන වෙලාවට ඔබ කරන දේවල්. ගොඩක් වෙලාවට ගොඩක් අය රිය පදවන ගමන් දුම් බොනවා. ඒ වගේම ඔඩ බලන ගමන් දුම් බොනවා. සමහර අය බාර්වලදී රෙස්ට්ටුරන්ට්වලදී දුම් බොනවා. තවත් අය නිදා ගන්න කලින් බොනවා. මේ වගේ ඔබ දුම් බොන්න ඇබ්බැහි වෙලා තියෙන වෙලාවල් අඳුරගන්න. ඒ වෙලාවලදී ඒකෙන් මිදෙන්න දුම්බීම වෙනුවට කරන්න පුළුවන් දෙයක් ගැන හිතන්න.
9 ඔබ ගන්නා ආහාර වෙනස් කරන්න.
සිගරට්වලට රස වෙනස් කරන්න පුළුවන් කෑම වර්ග තියෙනවා. ඒක හොඳ අතට හෝ නරක අතට වෙන්න පුළුවන්. චීස්, පලතුරු, එළවලු වගේ කෑම වර්ගවලට වඩා මස් හැම්බර්ගර් වගේ කෑම වර්ග සිගරට් නිසා රස වැඩි කරන බව පර්යේෂණ මගින් හොයාගෙන තිඛෙනවා.
10 ඔබ කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන්න
මේක තමයි හොඳම සහ වැදගත්ම උපක්‍රමය. ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබමින් නිතරම ඇබ්බැහිවීමෙන් මිදීමට තමන්ටම ආවේනික ක්රමෝපායන් හොයා ගන්න. ඒකට උපකාර කරගත හැකි චිත්‍රපට, වාර්තා වැඩසටහන් ආදිය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන්න. තමන් ගැන විශ්වාසයෙන් මේකෙන් මිදෙන්න උත්සාහ කලොත් ඔබට අනිවාර්යෙන්ම දුම් නොබොන්නෙක් වෙන්න පුලුවන්.
curtesy :
adadawasa.com