Life
ඔබට වැළදී ඇත්තේ ඩෙංගු උණද කියලා හරියටම දැනගන්නේ කොහොමද?
ඩෙංගු උණ මාරාන්තික තත්වයක්.නිවැරදිව හදුනාගෙන නිවැරදි කාලයේ ප්‍රතිකාර නොකළොත් ඩෙංගු උණ මාරාන්තික තත්වයක් බවට පත්වනවා.
ඩෙංගු කියන්නේ වයිරසයක් මගින් ඇති වන රෝග තත්වයක්. මේ වයිරසය ශරීරගත වීමෙන් සමහර විටෙක කිසිම රෝග තත්වයක් නොපෙන්වන්නට පුලුවන්. එසේත් නැතිනම් මද උණ තත්වයක්, ඩෙංගු උණ තත්වය, භයානක ප්‍රතිපල ඇති කරන ඩෙංගු රක්තපාත තත්වය හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු උණ ඇති කළ හැකියි.
ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් විසින් පතුරවනු ලබනවා. මදුරුවන් මේ වයිරසය ඇතුල් කරගන්නේ ආසාදිත රෝගියෙකුගෙන්මයි.
අප මුලින්ම දැන ගත යුතු වැදගත්ම දෙය වන්නේ සාමාන්‍ය උණක් ඩෙංගු රෝගය බවට සැක කරන්නේ කොහොමද යන වගයි.
උණ සමග පහත රෝග ලක්ෂණ තිබෙනවා නම් එය ඩෙංගු උණ වන්නට ඉඩ තිබෙනවා.
. හිස කැක්කුම් හා ඇස් යට වේදනාව
. මස් පිඩු හා සන්ධි වල කැක්කුම්
. ඔක්කාරය හා වමනය
. සමේ රතු ලප
. විදුරුමසෙන් නහයෙන් ලේ ගැලීම
මේ රෝග ලක්ෂණ සමග ඇති වන උණ ගැන ඔබ සැලකිලිමත් වී වහාම වෛද්‍යවරයකු හමු වීම කළ යුතුමයි.
Wmqgd .ekSu taIshka