Life
ඔබ දන්නවාද ඇතැම් සුවඳ විලවුන් නිසා ඔබ රෝගී විය හැකිබව
සුවඳ විලවුන් ඇඳුම් පැලඳුම් පිළිබඳව ඔබගේ සැලකිලිමත් බව කුමන ආකාරයද? මෙහිදී ඇතැම් වෙලාවට අපි ආහාර පාන වලටත් වඩා වැඩි සැලකිල්ලක් මේවාට දක්වන බව ඔබට අමුතුවෙන් පහදා දිය යුතු වන්නේ නැහැ.
නමුත් මේවා තුළින් විශේෂයෙන් සුවඳ විලවුන් මිලදී ගැනීමේදී විලවුන් අඩංගු බෝතලයේ සුන්දරත්වය , සුවඬෙහි මිහිර වගේම එහි අඩංගු රසායන පිළිබඳවත් විමසිලිමත් වනවා නම් බොහෝ රෝග වැළඳීමට හේතුත් ඒ තුළින් හඳුනා ගත හැකියි. සිත වගේම අපගේ සිරුරත් එක ලෙස ප්රළබෝධමත් කරන සුවඳ විලවුන් සිරුරට හිතකරද නැද්ද පිළිබඳ විමසා බැලුව හොත් වැඩි වශයෙන් අපට එහි අහිතකර තත්ත්ව පිළිබඳව ඕනෑතරම් කතා බහ කළ හැකියි.
ඒ අනුව බොහෝ දෙනෙක් නොදන්නා කරුණු සුවඳ විලවුන් හා සම්බන්ධව පවතිනවා. දුම්වැටියේ දුම්වල අඩංගු රසායන, ඇතැම් සුවඳ විලවුන් තුළ තිඛෙන බව ඔබ දන්නවාද? එමෙන්ම ඒවායේ සුවඳ නිසා පීනස, හිසරදය ,ඇදුම වැනි රෝග ඇති වීමේ අවදානමක් ද පවතිනවා. ඇතැම් අය සමට එසේත් නැත්නම් ඇඳුම්වල සුවඳ විලවුන් තවරා ගත්තද එය කෙළින්ම අපගේ රුධිර ධාරාවට එක්වෙයි. ඒ වගේම අපගේ ආශ්වාසය මඟින් මොළයටද ගමන් කරන මෙම රසායනික අප සිරුරට දැඩි හානි පමුනුවනවා. ඇතැම් අයට විලවුන් ගැල්වීම අතහැර ගැනීම පවා දුෂ්කර කාර්යයක් වී ඇත්තේ එහි ඇබ්බැහි කාරක ගුණය නිසයි. දුම් පානය පිළිබඳ කතා කිරීමේදී අක්රී්ය දුම් පානය පිළිබඳ හැම කෙනෙක්ම දැනුවත්. ඔබ දන්නවාද සුවඳ විලවුන් නිසාද එවැනි තත්ත්වයකට ගොදුරු විය හැකි බව.
යම් ලෙසක ඔබගේ පවුලේ අයෙක් ඇදුම රෝගයෙන් පීඩා විඳින්නේ නම් සුවඳ විලවුන් ගැල්වීමෙන් වැළකී සිටීම වැදගත්. නිතර සුවඳ ආග්රාඩහණය මඟින් මිග්රෙයන් තත්ත්වයටද ගොදුරු විය හැකි බවට සොයාගෙන තිඛෙනවා. සමේ ඇතිවන ආසාත්මිකතා සඳහා මේවා ප්රකධාන හේතුවක් බව ප්රංදශයේ පර්යේෂණ සඟරාවක් මෑතදී තහවුරු කර ඇත. ඈත අතීතයේ සිට සුවඳ විලවුන් භාවිතය පිළිබඳ කතා බහ කළද මේවායේ අහිතකර ප්රවතිඵල පිළිබඳ මෑතදී සාකච්ඡාවට ලක්විය. ඊට හේතුව මෑතදී වෙනදාට වඩා කෘතිරවායම රසායන භාවිතය මේ වන විට ඉහළ ගොස් තිබීමයි. එසේ වුවත් ශාක , මල් සතුන් මඟින් නිපදවන වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ වර්තමානයේ වීමද විශේෂයෙන් සඳහන් කළයුතුයි. ඒ වගේම සුවඳ විලවුන් නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ පරිභෝජනයද මේ වන විට ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෙළඳපලේ පවතින මෙම නිෂ්පාදනය අතුරින් 95% ක් ම කෘත්රිබම ඒවා බව ජාතික විද්යාා ඇකඩමිය පවසනවා.
මේ හේතුවෙන් පිළිකා, උපත් ආබාධ, මධ්‍ය ම ස්නායු පද්ධතියේ අක්ර්මිකතා මෙන්ම අසාත්මිකතාද හට ගැනීමට හේතුවන බව සඳහන්. මේවා තුළ අඩංගු රසායනික ද්‍ර ව්යු ලෙස ඇසිටෝන්, ඛෙන්ස(ල)ල්ඩිහයිඩ්, ඛෙන්සිල් ඇසිටේට්, ඛෙන්සිල් මධ්යාපසාර, කපුරු, එතනෝල්, එතින් ඇසිටේට්, ලිමොනින් ලිනලුල් මෙලින් ක්ලෝරයිඩ් ආදි විස සහිත රසායන ද්රනව්ය අඩංගුයි ඛෙන්සිල් ඇසිටේට් පිළිකා කාරකයකි. එමඟින් ඇස් හා ස්වසන පද්ධතියේ අපහසුතා ඇති කරයි.
ඛෙන්සිල් මධ්යිසාරය ස්වසන පද්ධතියට හානිකරය. රුධිර පිඩනයද මෙමගින් පහළ බසි. අද වෙළෙඳපළෙහි ඇති කෘත්රි්ම සුවඳ විලවුන්වල 95% ක්ම පෙට්රෝධලියම් අඩංගුය. එය පිළිකා, උපත් ආබාධ, මධ්‍යස ස්නායු පද්ධතියේ අක්රුමිකතාවලටද හේතුවෙයි. කිසිදු හේතුවක් නොමැතිව රෝග වැළදුණේ ඇයි දැයි ඔබ සිත්නට ඇති එයට හේතුව ඇත්තේ ඔබේ සුවඳ විලවුන් කුප්පිය බව මතක තබා ගන්න. සුවඳ විලවුන් මිලදි ගැනිමට පෙර එහි සුවඳ මෙන්ම එහි අඩංගු රසායන දුව්‍ය ගැන සැළකිලිමත් වන්න.