SexEducation
උපත් පාලන පෙති පිළිකාවට අත වනයි
ගැබ් ගැනීම වළක්වන ඖෂධ පෙති පාවිච්චියට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමට සියයට 50ට වැඩි අවධානමක් ඇතැයි පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත.
මේ පෙතිවල ඊස්ට්‍රජන් හෝමෝනය බහුලව අඩංගුවීම එවැනි තත්ත්වයක් ඇතිවිමට හේතුවක් බව ඔවුහු පෙන්වාදෙති. ඊස්ට්‍රජන් හෝමෝනය අඩු ප්‍රමාණයක් ඇති පෙතිවර්ගවලින් පිළිකා සෑදීමේ අවධානම අඩු බව ද තහවුරු වී ඇත.
සියැටල්හි ෆ්රේඩ් හචිංසන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මේ පර්යේෂණය සිදුකැර ඇති අතර එහි නායකත්වය දරා ඇත්තේ වෛද්‍ය එලිසඛෙත් බීඩර් මහත්මියයි.
ඇය ඒ සම්න්ධයෙන් මෙසේ පවසයි. ‘‘ අපි කාන්තාවන් 23,000 ක් මේ පර්යේෂණයට උපයෝගී කරගත්තා. පරීක්ෂණය අනුව පෙනීගිය දෙයක් තමයි උපත් පාලන පෙතිවලින් පිළිකා සෑදෙන බව. මේ ගැන අපේ කාන්තාවන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුයි. නමුත් කියන්න කණගාටුයි මේ වනවිට බි්රතාන්යයේ පමණක් කාන්තාවන් ලක්ෂ තිහක් පමණ මේ අවධානම සහිත පෙති පාවිච්චි කරනවා.,
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks