Life
ඉරි තැලුණු දෙපා නිසා හිත තැලිලාද ?
තරුණ ඔබේ ලස්සන නැති කරන්නට හේතු වන ප්‍රධාන රෝග කාණ්ඩයක් තමා සමේ රෝග කියන්නේ. මේ අතරිනුත් විලුඹ පැලීම බොහෝ දෙනා විඳවන ප්‍රශ්නයක්.
අද රුව වරුණ ඔබේ අවධානය යොමු කරන්නට යන්නේ මේ විලුඹ පැලීම ගැනයි.
ලංකාවේ අයගෙන් සියයට විස්සක් පමණ දෙනාගේ සම වියලි ස්වභාවයක් උපතින්ම පිහිටා තිබෙනවා. ඊට අමතරව සමහරකගේ සමේ වියළි ස්වභාවය ඔක්තෝම්බර් , නොවැම්බර්, දෙසැම්බර් හා ජනවාරි මාසවලදී වැඩිවන අයුරු දකින්නට පුළුවන්.
මෙයට ප්‍රධාන හේතු සාධකය වන්නේ වාතයේ ඇති ආද්‍රතාවය අඩුවීමයි. දහවල් කාලයේ ආර්තාවය අඩුවීමත් රාත්‍රි කාලයේ එය වැඩීමත් මේ කාලයේදී දකින්නට පුළුවන්.
මධ්‍යම පලාතේ නුවර, නුවරඑළිය වැනි ප්‍රදේශවල සිටින අයට වඩා කොළඹ ප්‍රදේශ අයගේ විලුඹ පැළීමේ තත්ත්වය වැඩියි.
ඒ කොහොම වුණත් මවගේ පියාගේ සම වියළි ස්වභාවයකින් යුක්ත නම් ඔවුන්ට උපදින දරුවන් තුළින්ද සමේ වියළි ස්වභාවයක් දකින්නට පුළුවන්.
සම වියලි ස්වභාවය වැඩිවුවහොත් කොරළ ස්වභාවයක් ඇතිවෙනවා. විශේෂයෙන් දෙපාවල තමා මේ තත්වය වැඩිපුර දකින්නට පුළුවන් වන්නේ.
මුහුණ අලංකාරව තබා ගැනීමට බොහෝ යුවතියන් ප්‍රතිකාර කරනවා. ඒ හා සමාන උනන්දුවක් මුළු සිරුරටම දැක්විය යුතුයි.
සමහර යුවතියන්ගේ දෙපාවල රෝම කූපද තිබෙනවා. එය හෝමෝන ක්‍රියාකාරිත්වය මත සිදුවන දෙයක්. ඊට රූපලාවන්‍ය මගින් ප්‍රතිකාර කළ හැකියි. දිගු කලිසම් ඇදීම ඊට පිළියම නොවෙයි.
අප ඉහතින් කතාබහ කළ ආකාරයට ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි කාලයට වියළි පාරිසරික තත්ත්වයක් ඇති නිසා කුණු දූවිලි පරිසරයේ පවතිනවා.
එළිපහලියේ ගමන් කරන කොට මේවා ශරීරයේ තැවරෙනවා. පැලීම් මඩ වතුරට හසුවුණොත් ඉතා වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා මේවාට ප්‍රතිකාර ලබාගත යුතුයි.
මීට අමතරව සම වියළි ස්වභාවයෙන් යුක්ත අයගේ හිස කෙස්ද වියළි ස්වභාවයකින් යුක්තයි. හිස්හොරි හැදීමද සිදුවෙයි.
එහෙත් ඔබ අමතක නොකළ යුතු කරුණවන්නේ විලුඹ පැලීම හා කොන්ඩය වියළි ස්වභාවය හා හිස්හොරි ඇතිවීම අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියන දේ.
වියළි කාලගුණයක් ඇති කාලෙට සම කැසීම උග්රවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.
මෙම තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ආලේපන ක්‍රීම්, තෙල්වර්ග ආදිය තිබෙනවා. මේවා ආවට ගියාට භාවිතයට නොගත යුතුයි. නිසි වෛද්‍යවරයකු ගෙන් ඒ සඳහා උපදෙස් ලබාගත යුතුයි.
විශේෂයෙන් විලුඹ පැලීම් ඇති අයට මඩවතුර පෑගීම නිසා ඒවායේ දැවිල්ලක් වේදනාවක් රාත්‍රි කාලයට ඇතිවිය හැකියි.
උදෑසනට ඒවායේ වේදනාකාරි තත්ත්වයක් නැත්තේ සවස හෝ රාත්‍රියේ එම පැලුම්වලට කුණු දූවිලි නොවදින නිසයි.
සම වියළි ස්වභාවයක් ඇති සබන් වර්ග භාවිතයෙන් වැළකිය යුතුයි. සබන් වෙනුවට වෙනත් ක්‍රීම් වර්ගයක් භාවිතයට ගන්න.
කිළිටු වුණු සම පිරිසිදුකර ගැනීමට ළදරු සබන් වර්ග සුදුසුයි. ඒ කොහොම වුණත් විලුඹ පැලී ඇතිවිට ඊට වෛද්‍ය උපදෙස් මතම ප්‍රතිකාර ගැනීමට සැලකිළිමත් වන්න.
හැකි තරම් පතුල වැහෙන ආකාරයේ පාවහන් තෝරා ගන්න උනන්දු වන්න. නමුත් කකුල ඇතුලට හොඳ වාතාශ්‍රයක් තිබෙන්නටත් ඕනෑ.
ඔබ දන්නවාද ලංකාවේ යුවතියන් බොහෝ දෙනෙක් කකුල් පැලීමෙන් පිඩා විඳින්නට හේතුව පාවහන්.බොහෝ දෙනාගේ මේ තත්වය මතු වන්නේ පාසල් ස්කාලය නිමා වෙනවාත් සමගයි.
එයට හේතුව තමයි පාසල් පාවහන් වලින් මුළු කකුලම හොඳින් ආවරණය වී තිබුනත් පාසල් ගොස් අවසන් වු වහාම එවැනි පාවහන් භාවිතයෙන් යුවතියන් ඉවත් වනවා.
මේ නිසා කකුල වැඩි කාලයක් නිරාවරණය වෙලා පැලීම් ඇති වනවා. මේ නිසා මේ කාලය තුල දෙපා ගැන ඔබේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. මොකද පැලීම් ඇති වෙලා තුවාල වෙලා කැළැල් ඇති වුනොත් ඉතින් ඔබේ දෙපා වල ලස්ස්සන නැති වෙලා යනවා.
Wmqgd .ekSu taIshka