Beauty
ඇස් යට රැලි වැටීමට එරෙහිව නිවසේදී සකස් කරගත හැකි සුපිරි ප්‍රතිකර්මයක්
තම ජීවිතයේ 4 වන දශකය ගෙවී යනවාත් සමගම සෑම කාන්තාවක්ම වගේ තමන්ගේ ඇස යට රැලි වැටීමෙන් පීඩා විඳිනවා. අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ සම මත ආශ්චර්යමත් වෙනසක් ඇති කිරීමට සමත් තෙල් එකක් ගැන. මේ තෙල තමයි සම මතුපිට භාවිතා කල හැකි ඉතාමත් ප්‍රතිඵලදායකම තෙල. ඇක්නි, දද, පැපොල, අනෙකුත් චර්ම රෝග වගේ සම මත ඇතිවන ගොඩක් ප්‍රශ්න වලට මෙය අනර්ඝ වූ ප්‍රතිඵල ලබා දෙනවා. ආගන් ඔයිල් පරිභෝජනය නිසා ඔයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු වෙනවා. රුධිර ගමනාගමනය ක්‍රමවත් කරනවා. ඒ වගේම ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සුවිශේෂී තෛලය ආහාර ජීර්ණය පහසු කිරීමත් කරනවා. ඒ වගේම ඔයාගේ උදරයේ ඇතිවන සංකූලතාවයන් අවම කරන්නත් උදව් වෙනවා.
මේ අරුම පුදුම තෛලයෙන් ලැඛෙන ප්රතිලාභ තවම කියලා ඉවර නැහැ. ආතරයිටීස් සහ වාත රෝග සමග සටන් කිරීමට මේ තෙල සමත්. මේ බලගතු තෙලෙහි අඩංගු වෙලා තියන හිතකර සංයෝගයන් එකතු වෙලා ශරීරයේ ඉදිමුම් වලට එරෙහිව සටන් කරනවා. ශරීරය තුළ පිළිකා ප්‍රතිරෝධක ඇති කිරීමට හැකි මහගු ගුණයකුත් මේ තෙලෙහි අඩංගුයි. ඒ වගේම මේ සුවිශේෂී තෛලයේ කාමෝද්දීපක හැකියාවකුත් තියනවා.
ඉතින් මේ මහා බලගතු තෛලය ඔයත් පාවිච්චි කලොත් ඔයාගේ සමේ රැළි වැටීම් වැලැක්වීම සහ ඔබේ සම තරුණ පෙනුමකින් පුරවාලීම වලක්වන්න බැහැ.ආගන් ඔයිල් මිල අධික නම්, එහෙමත් නැත්නම් ඔයාට ඒවා සොයාගැනීම අපහසුයි නම්, ආගන් ඔයිල් වෙනුවට ඔයාට ඔලිව් ඔයිල් යොදාගන්නත් පුළුවන්.
ඔයාට මේ සඳහා අවශ්‍ය වෙන්නේ,
ආගන් ඔයිල් මිලි ලීටර් 50ක්.(හෝ කලවම් නොකළ ඔලිව් ඔයිල්)
විටමින් ඊ කරල් පහක්
කපු පුළුන් කැබලි 2ක්
සකස් කරගන්නා ආකාරය
ආගන් ඔයිල් සහ විටමින් ඊ එකට මිශ්‍ර කරගන්න. ඊළගට පුළුන් කැබලි දෙක මේ මිශ්රනයෙහි බහා ඒවා ඔයාගේ ඇස් ප්‍රදේශයේ තබා විනාඩි 10ක් පමණ තිඛෙන්නට හරින්න. මේ කාලය තුල ඔයාට සැතපී විවේක සුවයෙන් ඉන්න පුළුවන්. විනාඩි 10න් පස්සේ පුළුන් කෑලි දෙක ඉවත් කරලා ඇස වටා ප්‍රදේශය ඔයාගේ ඇගිලි තුඩු භාවිතයෙන් මෘදුව සම්බාහනය කරන්න.
මේක දිනපතා භාවිත කිරීම තුලින් ඔයාට ඉක්මන් ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. හැමදාම රාත්රියේදී කුඩා ප්‍රමාණය බැගින් භාවිත කිරීම වඩාත් සුදුසුම ක්‍රමයයි. මෙය භාවිත කිරීම තුළින් ඔයාගේ සම තරුණ භාවයට පත් වේවි, නම්‍යශීලී වේවි, සිනිඳු වේවි, දිදුලන පෙනුමක් ලැබේවි, ඒ වගේම රැලිවටුණු ගතිය සම්පුර්ණයෙන්ම මගහැරිලා යාවි.
curtesy :
www.wishmaya.com/
(under the courtesy of goodhousekeeping.lk web)