Health
ඇතැම් රෝගවලට භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක්
රෝගියෙකුට ප්‍රතිකාර ලබා දීම තනි වෛද්‍යවරයෙකු සතු කාර්යභාර්යයක් පමණක්ම නොවේග එය විවිධ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර හා සම්බන්ධ වැදගත් ක්රියාවලියක්ග එසේ වුවත් එවැනි ප්‍රතිකාර ක්‍රමවේද සඳහා යොමු වීමට ද විශේෂඥ වෛද්‍ය නිර්දේශය ඉතාමත් වැදගත් වන නමුත් වෛද්‍යවරයාගේ කාර්යභාර්යයෙන් ඔබ්බට ගිය සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමවේදයන් ද පවතියිග එවැනි ක්‍රමවේද අතර භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා ප්‍රධාන තැනක් හිමි වේග එවැනි භෞතචිකිත්සකවරයෙකු සතු කාර්යභාර්යයල ප්‍රතිකාර ක්‍රමවේද මෙන්ම වත්තල හේමාස් රෝහල ආශි‍්‍රත පවතින සුවිශේෂී භෞතචිකිත්සක ප්‍රතිකාර පිළිබඳ පැහැදිලි කළේ වත්තල හේමාස් රෝහලේ භෞතචිකිත්සක අංශයේ ප්‍රධානි හේමන්ත ද සොයිසායිග
භෞතචිකිත්සක ක්‍රමවේදය යනු කුමක්දරෑ
භෞතික සම්පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන ප්‍රතිකාරය භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ලෙසින් හැඳින්වේග එසේ උපයෝගි කරගන්නා භෞතික සම්පත් වන්නේ ආලෝක තාපයල විද්්‍යුතය සහ ව්යායාමයිග මෙම ප්‍රතිකාර ක්‍රමය අතුරු වෛද්‍ය සේවාවට සම්බන්ධ ප්‍රතිකාර ක්රමයකිග යම් රෝගියෙකුගේ අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මඟපෙන්වීම යටතේ ප්‍රතිකාර කරා යොමුවන නමුත් ඇතැම්විට ඍජුවම භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථා ද දැකගත හැකියිග
භෞතචිකිත්සකවරයෙකු වෙත රෝගියෙකු පැමිණි පසු මූලිකව සිදු කරන කාර්යභාර්ය කුමක්දරෑ
මූලික වශයෙන් රෝගියා නිවැරදිව හඳුනා ගත යුතුයිග එහිදී රෝගියා පරීක්ෂාවට ලක් කරන අතර ඔවුන්ගෙන් විමසා දැනගන්නා තොරතුරු මෙන්ම ඔවුන් විසින් පවසන තොරතුරු මඟින් රෝගී තත්ත්වය නිවැරදිව නිගමනය කරනු ලැබේග ඉන් අනතුරුව භෞතචිකිත්සකවරයා විසින් රෝගියාගේ තත්ත්වය පිළිබඳ ලබා ගත් තොරතුරු සියල්ල විශ්ලේෂණය කර අදාළ භෞතචිකිත්සක ක්‍රමවේද රෝගියාට ලබාදෙනු ලැබේග
රෝගියා විසින් පැවසූ හා භෞතචිකිත්සකවරයා විසින් ලබාගත් තොරතුරුවලට අමතරව රෝගියාගේ චලනවල ස්වභාවයල ගමන් කරන ආකාරයල මුහුණේ පවතින ඉරියව් හරහා ද රෝග විනිශ්චය තවදුරටත් සිදු කෙරෙයිග ඉන් අනතුරුව විද්‍යාත්මකව සිදු කෙරෙන පරීක්ෂණ හරහා ද තොරතුරු පරීක්ෂාවට ලක්වන අතර එම නිරීක්ෂණල පරීක්ෂණ සියල්ලේම තොරතුරු මත අවසානයේදී කුමන භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයකට වනවාද යන්න තීරණය කරනු ලැබේග
ලබාදෙන ප්‍රතිකාර පිළිබඳ පසු විපරම කුමන ආකාරදරෑ
අපගේ සායන තුළදී රෝගීන් සඳහා ඉතා හොඳ මට්ටමේ ප්‍රතිකාර ලබා දුන්නත් රෝහලෙන් පිටතදීත් එම ව්‍යායාම නිසි පරිදි සිදු කිරීම ඉතා වැදගත්ග ඒ වගේම අදාළ රෝගියාගේ රැකියාවේ ස්වභාවය අනුව මෙන්ම නිවසේල කර්මාන්තශාලා ආදී ඕනෑම පරිසරයකට අදාළ කරගත හැකි පරිදි සිදු කිරීමට අවශ්‍ය උපදේශනය වත්තල හේමාස් රෝහලේ භෞතචිකිත්සක අංශය විසින් ලබාදෙනු ලැබේග එම උපදෙස් මඟින් තමාගේ රාජකාරී කටයුතු අතරතුර කාර්යාලීය කටයුතු වලට බාධාවක් නොවන පරිදි කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අප සමඟ සම්බන්ධ රෝගීන්ට මනා අවබෝධය ද අප භෞතචිකිත්සක අංශය මඟින් ලබා දෙනු ලැබේ
හේමාස් රෝහල මඟින් ලබාදෙන ප්‍රතිකාරවල තවත් විශේෂත්වයක් වන්නේ ඒවා නිවැරදි ජාත්‍යන්තර ක්‍රමවේද අනුව සැකසී තිබීමයිග කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ අවසාන අරමුණු වන්නේ මූලික වශයෙන් රෝගීන්ගේ සුවපත් භාවයත් ඔවුන්ගේ එදිනෙදා කටයුතු නිසිපරිදි පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සලසා දීමත්යග පළමුවර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව දෙවැනි වරට රෝගියා පරීක්ෂා කිරීමේදී රෝගියාගේ ප්‍රගතිය පිළිබඳව විමසා බලා රෝගී තත්ත්වය පිළිබඳව නිවැරදිව නිගමනයකට එළඹිය යුතුයිග එනම් රෝගී තත්ත්වය උත්සන්න වී තිබෙනවාද නැද්ද යන්න විමසා බැලිය යුතුයිග
මෙහිදී රෝගීන් අතින් සිදුවන වැරදි අඩුපාඩු :උදාහරණ ලෙසල නියම කරන ව්‍යායාමයේ වාර ප්‍රමාණය ඉක්මවා සිදු කිරීම හෝ අඩු වාර ගණනක් සිදු කිරීම වැනි- විමසා බැලිය යුතුයිග විශේෂයෙන් අදාළ භෞතචිකිත්සකවරයා විසින් රෝගියා සමඟ ඉතා හොඳ අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතු අතර එමඟින් නිවැරදි ලෙස රෝගියාට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදිය හැකියිග මෙසේ රෝගියෙකු අපගේ සායන කරා නැවත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන විට පෙර ප්‍රතිකාර ක්‍රමවල ප්‍රගතියක් තිබේද නොතිබේද යන්න පිළිබඳ විමසා බලා ඉන් අනතුරුව දිගින් දිගටම ප්‍රතිකාර සිදු කරනු ලැබේග වඩාත් නිවැරදි සහ දිනෙන් දින යාවත්කාලීන වන අප රෝහලේ භෞතචිකිත්සක අංශය මඟින් ලබාදෙන ප්‍රතිකාර නිසා ප්‍රතිකාර වාර 03 සිට 06 දක්වා අතර කාලයේදී බොහෝදුරට රෝගියෙකු සුවපත් භාවයට පත් කරනු ලැබේග
භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදෙන රෝග අවස්ථා මොනවාදරෑ
භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා දීමේදී ප්‍රධානත්වයක් ගනු ලබන්නේ විකලාංග රෝගයිග එනම් වැටීම්ල තුවාල වීම්ල අස්ථි බිදීම්ල මාංශ පේශි ඉරීම් මෙන්ම අස්ථිවලට සිදුවන අනතුරුයිග
මීට අමතරව ස්නායු සම්බන්ධ අනතුරු :කැපීම්ල කෙටීම්ල තුවාල- මෙන්ම ස්නායු හා සම්බන්ධ රෝගාබාධ :අංශභාගල අත් පා පණ නැති වීම්- සඳහා ද භෞතචිකිත්සක ප්‍රතිකාර සිදු කරනු ලැබේග තවද ළමා රෝග සම්බන්ධයෙන් ද මෙම ප්‍රතිකාර සිදු කරනු ලබන අතර දරුවන්ගේ විකලාංග තත්ත්වයන් මෙන්ම දරු උපතේදී සිදුවන විවිධ ආබාධ සඳහා ද මෙවැනි ප්‍රතිකාර සිදු කරනු ලැබේග උරස් කුහරය හා සම්බන්ධ එනම් හෘදය හා පෙනහැල්ල ආශ්රිත තත්ත්වලට මුහුණදෙන රෝගීන්ට ද භෞතචිකිත්සක ප්‍රතිකාර සිදු කරනු ලැබේග සාමාන්‍ය ශල්‍යකර්ම වලදී ද අදාළ ශල්‍යකර්මයට සූදානම් කිරීමට පෙර සිදු කරනු ලබන ව්‍යායාම හා ශල්‍යකර්මයට පසුව සිදු කළ යුතු ව්‍යායාම ද තිබෙන අතර මෙම දැනුවත් කිරීම් උපදේශන මඟින් රෝගියාගේ සුවපත්භාවය ඉක්මන් කරවනු ලැබීම ද තවත් විශේෂත්වයකිග
තවද කාන්තා හා ප්‍රසව නාරි තත්ත්ව සඳහා ද අදාළ භෞතචිකිත්සක ක්‍රමවේද පවතින අතර ගර්භණී අවදියේදීල මෙන්ම ඊට පසුකාලීනව අවශ්‍ය වන ව්යායාමල පෝෂණය මෙන්ම මානසික තත්ත්ව පිළිබඳව හේමාස් රෝහලේ පැවැත්වෙන මාතෘ සායනවලදී දැනුවත් කරනු ලැබේග මීට අමතරව දරුවා ලැබීමෙන් පසුව මවගේ ඉරියව් පවත්වා ගැනීමේදී :දරුවාට කිරි ලබාදීමේදීල දරුවා වඩා ගැනීමේදී- සිදු කළ යුතු නිවැරදි පිළිවෙත් පිළිබඳ සතියකට වරක් අපගේ භෞතචිකිත්සකවරුන් විසින් මව්වරුන්ව දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වේග
මීට අමතරව රූමැටික් ආබාධ ප්‍රධාන වශයෙන් රුමටොයිඩ් ආතරයිටීස්ල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්ව වලට ද මෙහිදී ප්‍රතිකාර සිදු කරනු ලැබේග ක්‍රීඩාවලදී සිදුවන අනතුරු මෙන්ම කායික රෝග සම්බන්ධ වෛද්‍ය උපදේශන යටතේ ද සාමාන්‍ය ආබාධිත තත්ත්වයන් සඳහා ද ප්‍රතිකාර ලබාදෙනු ලැබේග
ර්ණපෙනහලුවල ධාරිතාව තීරණය කිරීමේ පරීක්ෂණය පිළිබඳ යමක් පැවසුවොත්රෑ
මෙම පරීක්ෂණ ක්‍රමය පෙනහලුවල ක්‍රියාකාරීත්ව පරීක්ෂාව ලෙසින් හඳුන්වනු ලබන අතර සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකු විසින් මෙම පරීක්ෂාව සිදු කරනු ලැබේග එදිනෙදා රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ට මෙන්ම විවිධ ආයතන සඳහා පවත්වනු ලබන සායන මඟින් ද මෙම පරීක්ෂණය සඳහා රෝගීන්ට යොමුවීමේ හැකියාවක් තිබෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයිග
භෞතචිකිත්සක ක්‍රමවේද හා ඒ පිළිබඳ පවතින වැරදි වැටහීම් මොනවාදරෑ
කෙටි තරංග ප්‍රතිකාර ක්‍රමවේදයල අධොරක්ත කිරණ ප්‍රතිකාර ක්‍රමවේදය මෙන්මල ඉටි ප්‍රතිකාර ක්‍රමවේදය මෙහිදී යොදා ගැනෙන අතර විද්්‍යුතය යොදාගෙන සිදු කරනු ලබන ප්‍රතිකාරය සඳහා ඇතැම් අය බියක් දක්වනු ලැබේග ඊට හේතුව ඒ සඳහා ද විද්්‍යුතය භාවිතා කිරීමයිග නමුත් මෙහිදී මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිකා සඳහා යොදන ක්‍රමයෙන් වෙනස් නිසා අනවශ්‍ය ලෙස බිය විය යුතු නොවේග තවද මෙම ප්‍රතිකාර ක්‍රම 90්‍රක්ම ව්‍යායාම මත රඳා පවතින අතර එම ව්‍යායාම විද්‍යාත්මකව පදනම් කරගත් භෞතචිකිත්සක ව්‍යායාම ලෙස හැඳින්වේග නමුත් ඇතැම් අය මෙම ව්‍යායාම සාමාන්‍ය ව්‍යායාම සමඟ වරදවා වටහා ගනු ලැබේග
කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරය රෝගියාට තනිවත් භෞතචිකිත්සක වරයාට තනිවත් සිදු කළ නොහැකි බව ඔබ වටහා ගත යුතු අතර මෙය සාමුහික ක්‍රියාදාමයක් බව ද අවබෝධ කරගත යුතු වේග
Wmqgd .ekSu