ගත වූ සති දෙකේ ම්විසින් ලියන ලද ලිපි දෙක ගැන බොහෝ දුරකථන ඇමතුම් ලැබිණ. "ලාµsං බුද්ධා" ගැන ලියන ලද ලිපියට බොහෝ දෙනෙකු පින් දෙමින් කතා කළහ. කථා කළත් නැතත් මා ලියන්නේ Ñඇත්තම ඇත්ත කතා බව ආදරණීය පාඨකයන් වෙත කාරුණිකව දන්වමි. එහෙත් මේ කිසිදු ලිපියක් හරහා ව්‍යාපාරයකට පාර කැපීමක් නොවන්නේය. මේ සත්‍ය කරුණු ලියන්නේ ජනතාව මිථ්‍යාව හා සත්‍ය වෙන් කොට දැකීම අපේ කැමැත්ත වන බැවිනි.
ජ්‍යෙdතිෂවේදීන් යනු යම් කරුණක් කරන්නට පැමිණි කල නැකත් බල බලා ප්‍රමාද වන කෙනෙකු නොවේදැයි සමහරු හිතනවා විය හැක. මමද ජ්‍යෙdතිෂවේදියෙක්මි. එහෙත් මා ඔබට කියන්නේ මගේ ජීවිතයේ ආදර්ශ පාඨය වූයේ Ñ"උත්සාහවන්තයා ජයගනී" යන්න බවය. "උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැත" යන්න මම අදත් විශ්වාස කරමි.
මේ අදහස කොතෙක් තහවුරු වීද යත් මම සමහර අවස්ථාවලදී කර ඇත්තේ එසේ මෙසේ මෝඩකම් නොවන බවද සිතේ. කවුරු මොනවා කීවත් ඉගෙනීමක් ලබන්නේ රැකියාවක් සොයා ගැනීම මුල් කරගෙන බව රහසක් නොවේ. එහෙත් ඉගෙනීමට සරිලන රැකියාවක් නොලැබීම අභාග්‍යයක් යෑයි නොසිතා එය පවතින පාලන ක්රමයේ වරදක් බව කියන්නට මම කැමති වෙමි. මේ අනුව ඉංජිනේරු ශිල්පය හදාරා නළු නිළියන් වූ අය ද, කලා විෂයයන් හදාරා රාජ්‍ය පරිපාලනයේ යෙදෙන අයද සිටී. මෝටර් යාන්ත්‍රික විද්‍යාව හැදෑරූ අයෙකු ග්‍රාමසේවා නිලධාරි තනතුරක සේවය කරයි. කෘෂිකර්ම විද්‍යාව පිළිබඳ හැදෑරූ මගේ හිතවතෙකු සතොසේ වෙළඳාමේ යෙදුනු බවද දනිමි. එය කරුමය නොවේ.
මෙවැනි දඩබ්බර අදහස් පළ කළ මම එක්තරා කාලයක රැකියාවේ විවිධ අංශවලට විසිවෙමින් සිටියෙමි. ඒ විසිවෙන සෑම අංශයකම උසස්වීම පතා ඉගෙනීමේ ක්ෂෙත්රය වෙනස් කළෙමි. මේ අනුව එකකට එකක් සම්බන්ධයක් නැති විවිධාකාර පාඨමාලා හදාරා සහතික ගොන්නක් මගේ අල්මාරියේ සැඟවී සිටී.
උත්සාහ කිරීම අත්හරින්නට මම නොකැමති වූයෙමි. මේ නිසා වසර ගණනාවක් ගතවිය. මේ උත්සාහය පිටුපස තවත් රහසක් තිබේ. ඒ සුජාතා ය. සුජාතා රාජ්‍ය ආයතනයක සැලකිය යුතු තනතුරක් දැරුවාය. අපි විවාහ වීම බලාපොරොත්තුවෙන් සිටියෙමු. එහෙත් එක කරුණක් හරහට සිටියේය. ඒ සුජාතාට කිසි දිනෙක මා ජීවත් වන ප්‍රදේශයට මාරුවීමක් ලබාගත නොහැකි වීමයි. ශාඛා කාර්යාල නැත. ප්‍රධාන කාර්යාලය අගනුවරය.
මම ගමේ ගොඩයෙක්මි. ඒ අනුව මා තුළ ගැමි අදහස් වලින්ද අඩුවක් නොවීය. මා හිතුවේ බිරිඳ සැමියා සමඟ එක ගෙදරක සිටිය යුතු බවයි. බිරිඳ කොළඹත්, සැමියා ගමෙත් - මොන මළ ඉලව්වක්ද? මම හිතුවේ එහෙමය. මගේ තීරණය අනුව සුජාතාට මගේ නිවසේ නතර විය හැක්කේ රැකියාවෙන් ඉවත් වුණොත් පමණි. ඇය මා ඉන්නා ගම් ප්‍රදේශයෙන් රැකියාවක් සොයාගත යුතුය. ඒ සඳහා උත්සාහ කළ යුතුය. මම මගේ අහංකාර තීරණය ඇය හරහා ඇයගේ මව්පියන්ට දැන්වීමි. ඔවුන් බොහෝ උරණ විය. සුජාතාගේ මව්පියන් ඇයට උගන්වා ඇත්තේ බොහෝ අමාරුවෙනි. රටේ පිළිගත් රැකියාවක් ලැබුණේද ඒ අනුවය. මේ මිනිහට පිස්සුද? මගේ මස්සිනා එසේ ප්‍රශ්න කර ඇත.
කොහොම වුණත් මම බඳින්නේ අස් වෙනවා නම් විතරයි - මම දැඩිව කියා සිටියෙමි. සැමියා සහ බිරිඳ දෙපොළක සිටීම නිසා ඇතිවෙන පවුල් අවුල් ගැන මම එදාට වඩා හොඳින් අද දනිමි. සුජාතා රැකියාවෙන් ඉල්ලා අස්වූවාය. අපේ මඟුල ජයට සිදුවිය.
ඉන්පසුව කාරණයේ බරපතළකම දිනපතා පෙනී ගියේය. සුජාතාට අලුත් පත්වීමක් ලබාදීම හිතූ තරම් පහසු වූයේ නැත. අපි මාස කිහිපයක් එහෙ මෙහෙ ඇවිද්දෙමු. බලධාරීන් පසුපසද ගියෙමු. එහෙත් සාර්ථක වූයේ නැත.
අපරාදෙ කරපු රස්සාව කළා නම් - සුජාතාගේ මව වරින් වර කීවාය. උත්සාහවන්තයා ජය ගනී කීවාට අපි ජයගන්නා බවක් පෙනෙන්නට තිබුණේද නැත. මම දහ අතේ කල්පනා කළෙමි. මොක වුණත් උත්සාහය අතහැරිය හැකි නොවේ.
ජ්‍යෙdතිෂය හා ගුප්ත විද්‍යාව ගැන ප්‍රසිද්ධ වෙද හාමුදුරුවන් ගැන මට ආරංචි වූයේ මේ අතරතුරය. සුජාතාගේ රැකියා ප්රශ්නය වෙද හාමුදුරුවන් වෙත යොමු කරවීම සුදුසු බවත් මට සිතුනි. එක්තරා උදෑසනක අපි වෙද හාමුදුරුවෝ සිටින පන්සලට ගියෙමු. බුලත් අතක්ද සමඟ සුජාතාගේ කේන්ද්‍රය උන්වහන්සේ වෙත පිළිගැන්වීමු.
උන්වහන්සේ කාරුණික නමුත් තේජවන්තය. ලියන මේසය මත පුස්කොළ, හඳහන් කිහිපයක් හා පොත් කිහිපයක් තිබුණි. ගාස්තුවක් ගැන කථා කළේම නැත.
මොකද? උන්වහන්සේ ප්‍රශ්න කළහ.
හාමුදුරුවනේ මේ නෝනාගේ කේන්දරේ බලවගන්න. රස්සාවකට උත්සාහ කරනවා තවම හරි ගියේ නැහැ. මම කතාව කෙටියෙන් කීවෙමි. වැඩි කතාව නුරුස්සනා බවක් උන්වහන්සේගේ මුහුණින් පෙණුනි.
වෙද හාමුදුරුවෝ කේන්දරය දෙස මඳක් බලා සිටින අතර මා දෙස බලා කෝ මහත්තයාගේ කේන්දරේ? යෑයි විමසූහ. මේ අනූව සාක්කුවේ තිබූ මගේ කේන්දරයද පිළිගැන්වීමි.
"මේක දැං බලන්ඩ වේලා නෑ. මට දානෙකට යන්ඩ තියනවා. දවස් දෙක තුනකින් එන්න"
උන්වහන්සේ විධානය කළ සේක. අපි ආපසු ආවෙමු. එහෙත් නිතර නිතර මගේ හිතේ රැව් දුන්නේ වෙද හාමුදුරුවන්ගේ කථාව හා රූපයයි. බුලත්, පඬුරු, පුස්කොළ ලිත්, දැහැත් වට්ටිය පොත්පත් මා සිත කුතුහලය ජනිත කළේය. ජ්‍යෙdතිෂය ඉගැනීමේ ආසාවක් මගේ හිතේ ජනිත වූයේ එදාය.
වෙද හාමුදුරුවන් හමුවීමට දින දෙක තුනකින් අපි ගියෙමු. උන්වහන්සේ අප දෙස මඳක් බලාසිටියහ. ඉන්පසුව මෙසේ පැවසූහ.
Ñ"මේ කේන්දර දෙකෙන් අපල තියෙන්නේ ස්ත්‍රී කේන්දරේට නෙවේ. පුරුෂ කේන්දරේට. මහත්තයට යන්තරයක් දාන්න වෙයි"
මට කිව හැකි දෙයක් නැත. මම එකල ජ්‍යෙdතිෂය හෝ යන්ත්‍ර ගැන කිසිවක් දැන නොසිටියෙමි. එහෙත් සුජාතාට රැකියාවක් ලබා ගැනීමේ නොනවතින උත්සාහයක යෙදී සිටින හෙයින් යන්ත්‍රය පැළඳීමට වහාම කැමති වුණෙමි. තවදුරටත් උවමනා කරුණු කතා කරගත් අපි ඊළ`ග බදාදා යන්ත්‍රය පැළඳීමට එන බව දන්වා ආපසු ආවෙමු.
නියමිත දිනයේ වෙද හාමුදුරුවන් විසින් මගේ කරට යන්ත්‍රය පළඳවන ලදී. දෙහි කැපීමක්, තොවිල් නැටීමක් තිබුණේ නැත. ඉතාම වැදගත් කරුණ වන්නේ යන්ත්‍රය සඳහා මෙපමණ මුදලක් අවශ්‍ය යෑයි උන්වහන්සේ නියම නොකිරීමයි.
රැකියා ඇබෑර්තු ගැන ආරංචි වීම, ඉල්ලුම් කිරීම, සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම හා පත්වීම් ලැබීම සිදු වූයේ බොහෝ වේගයෙනි. ඒ පිළිබඳ සිදුවීම් අවුරුදු තිහකට පෙරදී වුවත් අද මෙන් මතකය. සුජාතාගේ
රැකියා තනතුර ලැබී තිබුණේ රත්නපුරයට වුවත් පත්වීම් කරනොගෙනම මාරුවක් හදා ගැනීමට නොනවතින උත්සාහය පිටුවහලක් වූ බව කිව යුතුය. යන්ත්‍රය අපේ අරමුණ කරා කැඳවාගෙන යන යන්ත්‍රයක්ම වූ බව කිව යුතුය.
"උත්සාහවන්තයා ජයගනී" යන ආදර්ශ පාඨය මම තවත් අරමුණක් වෙත යොමු කරනු ලැබිණ. ඒ ජ්‍යෙdතිෂය ඉගෙනීමට තිබූ ආසාවක් මා තු=ළ හට ගැනීමයි. රාජ්‍ය ආයතනයක සැලකිය යුතු තනතුරක් දරන නිලධාරියෙකු අතින් නිවාඩු දමා බොහෝ දුර කතර ගෙවා අහිංසක ජීවිත ගතකළ ගුරුවරුන් කරා යැම හුදු මෝඩකමක් මිස අන් කුමක්දැයි මූණට නොකීවාට සමහරුන් හිතන බවත් පෙනුනි. මම උත්සාහය අත් නොහැරියෙමි.
වරෙක තවත් හිමි නමක් සමඟ පිරිසක් වෑන් රථයකින් පැමිණ අප නිවස කරා ආහ. මේ හිමියන් කීවේ පන්සලක ජලනන්දන යන්ත්‍රය ජීවං කරන බවකි. යන්ත්‍රය රු. 2500/- වන බවත්, අත්තිකාරම් භාරගන්නා බවත් පැවසූහ. එයට අමතරව තව කුඩා යන්ත්‍ර තෙල් ජීවං කරන බවද දන්වන ලදී. වැඩේට කලින් අත්තිකාරම් එකතු කිරීම බලාපොරොත්තුවයි. යන්ත්‍ර විද්‍යාවට අනුව එසේ තොග ගණනින් අච්චු ගසා යන්ත්‍ර සෑදීම කරන්නේ කෙසේද? එය වරදක් නොවේද? යන්න විමසීමට මම මේ වන විට ඉගෙන ගෙන සිටියෙමි. යන්ත්‍ර යනු පුරාණ සිව් සැට කලාවන්ට අයත් වූ එක් විෂයකි. චතුෂෂ්ටි කලාවේ යන්ත්‍ර හඳුන්වා දී ඇත්තේ මෙසේය.
Ñජීවින් කෙරේ පවතින කාම ක්‍රෝධ ආදී දෝෂයන්ද, එම දෝෂ හේතු කොටගෙන ඇතිවන දුකද යන්ත්‍ර මගින් මැඬපවත්වන බැවින් ඒවාට යන්ත්‍ර යන නම දී තිබේ යනුවෙනි. යන්ත්‍ර විද්‍යාව දීර්ඝ විෂයකි. කෙසේ නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු නැති කාලයක් වූ අතීතයේ ලෙඩ රෝග සුවකර ගැනීමට යන්ත්‍ර භාවිතය බහුලව සිදු කර ඇත.
යන්ත්‍ර තහඩුqවක දිග පළල ගන්නා හැටි, එහි ඇඳිය යුතු නියමිත ජ්‍යාමිතික රූපය, ජීවං කරන නැකැත්, භාවිතා කරන නූලේ පොටවල් ගණන ආදී කරුණු එකිනෙකට වෙනස්ය. පළඳන නූලේ පාට පවා විවිධ ලෙස විස්තර කර ඇත. බෞද්ධ පිරිත් සූත්‍රවලින් සාදනු ලබන යන්ත්‍ර රාශියක් ගැන සර්වෝපදාව හරන බුද්ධ යන්ත්‍ර යෑයි යන්ත්‍ර රත්නය නම් ග්‍රන්ථයේ හඳුන්වා තිබේ. වෙද හාමුදුරුවන් හමුවී වසර ගණනාවකට පසුව මම යන්ත්‍ර හා ජ්‍යෙdතිෂය ගැන ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිමි.
ඊයේ පෙරේදා දිනෙක ලලිත් හමු වූයේ මේ අතරතුරය. තම පියාගෙන් උරුම වූ ජ්‍යෙdතිෂ සේවාව ආරම්භ කළ හේ යන්ත්‍ර ගැන බොහෝ විට මගෙන් විමසමින් සිටි කෙනෙකි.
"Ñඊයේ පෙරේදා අමුත්තෙක් ආව වැඩක් කරගන්න"
"ඉතිං ඉතිං"
Ñ"එයා ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. භෞතික විද්‍යාව ගැන කරලා තියෙන්නේ. දැන් ඇමෙරිකාවේ අහවල් විශ්වවිද්‍යාලයේ ඉන්නේ. ලංකාවට ඇවිත් තව දවස් දෙක තුනකින් යනවා කීවා"
"ආ... ඉතිං"
"ඒකනේ මහත්තයා දැන් ඒගොල්ලෝ යන්ත්‍ර ගැන පර්යේෂණ කරනවලු. යන්ත්‍ර කරන අය ඉන්දියාවෙන් ගෙන්නවලා යන්ත්‍රයක බලය ගැන හොයනවලු. දැනට ඔප්පු කරලා තියෙනවලු ඒකෙන් විශේෂ බලයක් නිකුත් වෙනවා කියලා. ඒ වගේම Ñප්‍රාණ මන්තර කියලා නැතිනම් බලය අඩු බව එහෙම ඔප්පු කරන්න පුළුවන්ලු. මේවට අලුත් උපකරණ හදලා තියෙනවලු"
මගේ මතකයට ආවේ ලීචර් ඇන්ටනාවයි. වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ ඇති තැන්වලදී එය බැලිය හැකි ලීචර් ඇන්ටනාව දැන් නිපදවා තිබේ. ඕනෑම වස්තුවකින් නිකුත් කරන ශක්තිය කුමක්දැයි එය පෙන්වයි.
ලෝකයේ තත්ත්වය එසේය. ඇමෙරිකාව අපේ පාරම්පරික යන්ත්‍ර ගැන විද්‍යාත්මක පර්යේෂණයක යෙදී සිටී. ඉන්දියාව ඒ පිළිබඳ නූතන උපකරණ නිපදවා ඇත. ලංකාවේ? යන්තර මන්තර ඕව බොරු මිථ්‍යා මත යෑයි තර්ක කරන අයගෙන්ද, මේ පැරැණි විද්‍යාවන් ගැන මෙලෝ හසරක් නොදැන අසරණ මිනිසුන්ගේ සාක්කු සුද්ද කරන අයගෙන්ද අඩුවක් නැත. ලිපිය දිග වැඩිවන බැවින් නවතිමි. ඇත්ත හා නැත්ත වෙන්කර ගැනීමට පාඨක ඔබට භාරය.