ඇත්තටම ලස්සන වෙන්නෙ කොහොමද?
ලස්සන ගැන කතා කරන්න විතරක් නොවෙයි. ඇත්තටම ලස්සන වෙන්නත් අපි කොයිතරම්
කැමැතිද? මේ නිසාම රුව ලස්සන ගැන අපි කොයි තරම් නම් උනන්දු වෙනවද? රුව
ලස්සන කරන දේවල් ගැන සැලකිලිමත් වෙනවද?
නමුත් සමහරු රුව ලස්සන කර ගන්න උනන්දු වෙද්දී තවත් සමහරු තමන්ගේ රුව
ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක්. ඒ අය හිතන්නේ තමන්ගේ රුව ලස්සනක් නැති බවයි.
මොනතරම් මේක් අප් කලත්, හැඩවැඩ උනත් අපි ලස්සන නෑනේ. අර ගෑනු කෙනා නම්
හරිම ලස්සනයි. ඔබ මේ විදිහට ඔබ ගැන හිතනවා නම් ඔබේ ලස්සනම ඔබම අවතක්සේරු
කරගන්නව නම් කවදාවත්ම ලස්සන කෙනෙක් වෙන්න ඔබට නොහැකි වේවි. සෑම කාන්තාවක්ම
උපතින්ම කුමක් හෝ සුන්දරත්වයක් රැගෙන එනවා. තමන්ට හිමි එම සුන්දරත්වය ගැන
තමන් තුළ ආත්ම තෘප්තියක් තිබිය යුතුයි. එසේ නොමැතිව අසුබවාදී සිතුවලිවලින්
ගත පුරවාගෙන ඉන්නවා නම් කොහොමද ඔබ ලස්සන කෙනෙක් වෙන්නේ? රුව ලස්සන ගැන
උනන්දු නොවනවා නම් ඒ ගැන සැලකිලිමත් නැත්නම් කොහොමද ඔබ ලස්සන කෙනෙක්
වෙන්නේ? ඔබට ලස්සන වෙන්න ඕන නම් වහාම ඔය අසුබවාදී සිතිවිලි විලන් මිදෙන්න
අවලස්සන හැඟීම් වලට සිතට ඇතුළු වෙන්නට දෙන්න එපා. ඔබ අවලස්සන බව සිතමින්
මොන තරම් දේවල් ගෑවත් හැඩවෙන්න හැදුවත් වැඩක් නෑ. ඒ තමන් ලස්සන නෑ කියන
හීනමානය ඔබ තුළ ඇති නිසයි. ඔබට උපතින්ම ලැබී ඇති රූපයේ ලස්සන දකින්න උත්සහ
කරන්න. ඔබේ පෞරුෂත්වය ආකර්ෂණය ගොඩනගා ගන්න. මම සුන්දර කාන්තාවන් අතර ඉන්න
ලස්සනම කෙනෙක්ය යන හැඟීම ඔබ සිත තුළ ඇති කරගත්තොත් ඉන් ඔබේ සිතට දැනෙන සතුට
මානසික තෘප්තිය ඔබේ රුව වඩාත් සුන්දර කරාවි.
ලස්සන කෙනෙක් වෙන්න නම් ඔබේ ජීවිතයට එක්විය යුතු තවත් දේවල් තිබෙනවා. ඒ ඔබ කතා කරන විලාසය, හැසිරෙන ආකාරය, ඔබ ඇඳුම් පැලඳුම් තෝරාගන්නා ආකාරය, ඔබේ මෘදු බව හා කාරුණික බව නිහතමානි බව බුද්ධිමත් බව ආදී දේ වලින් ඔබේ පෞරුෂත්වය සමග රුව ලස්සනද ඉස්මතු වෙනවා. ටිකක් හිතන්න කෙතරම් ලස්සන කෙනකු වුවත් සමාජය ඉදිරියේදී ඔබේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගී නැත්නම් එනම් ඔබේ සිනාව කතාව හැසිරවීම ආදියෙහි ගෞරවනීය බවක් නැත්නම් අන් අය අතර ඔබට පිළිගැනීමක් නෑ නේද? බලන්න ලස්සන වෙන්න නම් මේ දේවල් කෙතරම් වැදගත් වනවාද කියා.
එහෙම නම් අපි දැන් බලමු ඔබ ඔබේ රුව ලස්සන රැකගන්න නම් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද කියා. බොහෝ විට සමේ ඇතිවන ලප කැළැල් දුර්වර්ණය, වියළි බව, කුරුළෑ, දද වැඩි වශයෙන් දකින්නට ලැබෙන ප්‍රශ්නයි. සමහරුන්ට මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතුව සොයාගන්නට බැහැ. නමුත් තමන්ගේ සම ගැන සැලකිලිමත් වෙනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වීමට ඉඩක් නෑ. ඒ කියන්නේ සම පිරිසුදුව තබාගන්නවා නම් බොහෝ විට සමේ ගැටලු ඇතිවන්නේ නෑ. රූපලාවණ්‍යයේ ප්‍රධානම දේ වන්නේ පිරිසුදුකමයි. සම පිරිසුදු කිරීමට වැඩි දෙනෙක් සබන් භාවිතයට පුරුදු වී සිටියත් එයින් සමේ තිබෙන ස්වභාවික තෙතමනය නැති වී යන නිසා දැන් සබන් වෙනුවට ෆේස් වොෂ් භාවිතය වඩාත් ජනපි‍්‍රය වී තිබෙනවා. ෆේස් වොෂ් වශයෙන් හඳුන්වන්නේ පිරිසුදු කිරීමේ දියරයක්. මෙය ඉතා මෘදුයි. ෆේෂ් වොෂ් වුවත් සම අනුව තෝරා ගන්නට පුළුවන්. ඔබ කුරුලෑ සහිත සමක් තිබෙන අයෙකු නම් ඖෂධීය ශාඛ සාර මුසු ෆේස් වොෂ් වර්ගයක් භාවිත කිරීමට පුළුවන්.
මුහුණ පිරිසුදු කරන විට තවත් වැදගත් දෙයක් වන්නේ ක්ලෙන්සර් කිරීමයි. දවස පුරාම පිටත සිට පැමිණෙන විට මුහුණේ සමේ රැඳෙන කුණු දූවිලි ප්‍රමාණය වැඩියි. මේවා හොඳින් ඉවත්කර ගන්නට නම් අනිවාර්යයෙන්ම ක්ලෙන්සර් එකක් භාවිත කළ යුතුයි. දිනපතාම මුහුණ හොඳින් ක්ලෙන්සර් කිරීමෙන් ඉතාමත් පැහැපත් නිරෝගීමත් සමක් ඔබට හිමවේවි. සම පිරිසුදු කරන, සමට සිසිලස දෙන පිපිඤ්ඤා සාරය අඩංගු ක්ලෙන්සර් වර්ග තිබෙනවා. මෙය කියුකම්බර් ක්ලෙන්සර් ක්‍රීම් සහ ක්ලෙන්සින් මිල්ක් වශයෙන් තිබෙනවා. රූපලාවණ්‍ය ආලේපන ගැන සහ ද්‍රව්‍ය ගැනත් රුව ලස්සන කරගන්නා ක්‍රම ගැනත් ඔටබ දැනුමත් බවත් තිබෙනවා වන්නට පුළුවන්. එහෙම නම් ක්ලෙන්සර් එකක් භාවිතයෙන් පසු අනිවාර්යයෙන්ම ටෝනර් කළයුතු බව ඔබ දන්නවා ඇති. සමට හිතකර වූ සමට සිසිලස දෙන ටෝනර් වර්ග තිබෙනවා. ක්ලෙන්සර් කරන විට විවෘත වන සමේ සිදුරු සහ රෝම කූපයන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාරි වන්නේ ටෝනර් එකයි. ටෝනර් එකක් භාවිත කිරීම අනිවාර්යය වන්නේ එම නිසයි.
මීළඟට ඔබ සූදානම් විය යුත්තේ මැරුණු සම ඉවත් කිරීමටයි. මුහුණේ මැරුණු සම ඇති විට සමේ මෘදු බවක් ඇති වන්නේ නෑ. මේ නිසා අප ස්ක්‍රබ් එකක් මගින් මුහුණේ මැරුණු සම ඉවත් කරගත යුතුයි. ස්ක්‍රබ් වර්ග විවිධ ආකාරයෙන් වෙළෙඳපොළේ තිබෙයි. මෙහිදී ස්වභාවික කෝපි සාරය කැටිකරගත් ස්ක්‍රබ් එකක් සතියකට වරක් ආලේප කර සම මාදුව පිරිමදිමින් ස්ක්‍රබ් කිරීමෙන් සමේ වන අක්‍රීය සෛල ඉවත් කරගත හැකියි.
ස්ක්‍රබ් කිරීමේදී එය සමට හානියක් නොවන පරිදි ඉතාමත් මෘදුව පිරිමැදීම කළ යුතුයි. ඉතා තදින් පිරිමැදීමෙන් සම ඇදීමකට ලක්වීම මෙන්ම සිරීමට ලක්වීමද සිදුවිය හැකියි. ඔබේ සමේ කුරුලෑ තිබෙනවා නම් සම වඩාත් සංවේදී නම් ස්ක්රාබ් කිරීම එතරම් සුදුසු වන්නේ නෑ. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්.
සම වියළි නම් සමේ තෙත් ගතියක් නැත්නම් බොහෝ විට දිස්වන්නේ වියපත් පෙනුමක් මේ නිසා එය මගහරවා ගන්නට සමේ තෙත් ගතිය රදා පවත්වාගත හැකි මොයිස්චර් රයිසර් ආලේපනයක් භාවිත කළ යුතුයි. මෙහිදී තමන්ගේ සම අනුව ගැළපෙන මොයිස්චර් රයිසර් එකක් තෝරා ගන්නට සැලකිලිමත් වන්න.
අප රුව ලස්සන ගැන කතා කිරීමේදී මුහුණ ගැන පමණක් අවධානය දැක්වීම සුදුසු නෑ. අප අපගේ මුළු ශරීරයේම පිරිසුදුකම ගැන ලස්සන ගැන උනන්දු විය යුතුයි. අත්පා දුර්වර්ණ වී වියළී වී ඇත්නම් එය ඔබේ පෙනුමට කෙතරම් බාධාවක්ද? අත් පාවල වියළි බවක් පවතී නම් දුර්වර්ණ නම් එය මගහරවා ගන්නට බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න. නෑමෙන් පසු හෝ ඇඟ සේදීමෙන් පසු බොඩි ලෝෂන් ගල්වන්න. සමේ නිරෝගී බව පිරිසුදු බව පැහැපත් පෙනුමක් ලබාදෙනවා. සමේ පැහැපත් බව ගෙන දෙන ආලේපන වර්ගද තිබෙනවා. මේවා තෝරාගත යුත්තේ සමේ ස්වභාවය අනුවයි.
ඉතින් රුව ලස්සන කරගන්න සම පැහැපත් කර ගන්න මෙම සත්කාර කරන්නා හා සේම සමට නිසි පෝෂණය ලබා දෙන්නටත් උනන්දුවීම වැදගත්. මේ දේවල් ගැන ඔබ සැලකිලිමත් වනවා නම් සැබෑම රුවැත්තියක් වීමට ඔබටත් හැකියාව ලැබේවි. බලන්න ඔබ ඔබ ගැන සිතනවා නම් මේ රුව ලස්සන ගැන හිතනවා නම් ඔබත් කොයි තරම් ලස්සනද කියා ඔබට සිතේවි.