Health
ආයුර්වේද ප්රතිකාරවලින් සමේ රෝගවලට නිට්ටාවට සුවයක්
සම යනු සිරුරේ ප්‍රධාන කාර්යභාරයන් විශාල ප්‍රමාණය ඉටු කරන සිරුරේ විශාලතම ඉන්ද්රියයිග සමේ පවතින ගැටලු අපගේ ජීවිතයේ නීරෝගී භාවයට එල්ල කරන්නේ දැඩි පහරක්ග එබැවින් සම ආරක්ෂා කර ගැනීමෙන් සිරුරට සිදුවන අනිසි බලපෑම් වැළක්වා ගත යුතුයිග ඒ පිළිබඳ ඔබ දැනුවත් කළේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතායිග
සම මඟින් ඉටුවන ප්‍රධාන කාර්යයන් මොනවාදරෑ
සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්රියයන් ආරක්ෂා කිරීමග
ඇතැම් ස්ථානවලට හැඩයක් ලබා දීමග
සිරුරේ උණුසුම නියත මට්ටමක පවත්වාගෙන යාමග
විෂ අපද්‍රව්‍ය බහිශ්රාවීය ක්‍රියාවලිය මඟින් බැහැර කිරීම සම මඟින් ඉටුවන ප්‍රධාන කාර්යයයිග
සමට ඇතිවන ගැටලුකාරී තත්ත්ව හා බෝවන සමේ රෝග පිළිබඳ පැහැදිලි කළොත්රෑ
විවිධාකාර හේතූන් මඟින් පැන නඟින ගැටලුකාරී තත්ත්ව මඟින් පුද්ගලයෙකුගේ සම විවිධාකාර රෝගාබාධයන්ට ලක්විය හැකියිග ඇතැම්විට මෙසේ සම මත ඇතිවන රෝගී තත්ත්ව බෝවන හෝ බෝ නොවන සමේ රෝග විය හැකි අතර බෝවන රෝගාබාධවලට හේතුව ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදනයන් විය හැකියිග තවද මෙම බෝවන සම ආශි‍්‍රත රෝගී තත්ත්ව ස්පර්ශය මඟින්ල ලිංගික ක්‍රියාවලි මඟින් පමණක් නොව අපිරිසුදුකම වැනි හේතු මඟින් එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය හැකියිග නමුත් එසේ ඇතිවන බෝවන රෝග සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ විෂබීජ නාශක ප්‍රතිජීවක ඖෂධ ඕනෑ තරම් තිබෙන නමුත් බෝ නොවන රෝග සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රතිකාර පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමු කිරීම ඉතා වැදගත් වේග ඒ අනුව ක්ෂුද්‍ර ජීවී ආසාදනයන් නොවන සමේ ස්වභාවිකත්වයට හානි පමුණුවමින් හට ගන්නා බෝ නොවන සමේ රෝග ස්ථිරව සුවපත් කිරීමට පවතින වෛද්‍ය ක්‍රම මොනවාද යන්න විමසා බැලීම වැදගත්ග එහිදී අනෙකුත් වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මූලිකත්වයක් හිමිකර ගනු ලැබේග තවද එම වෛද්‍ය ක්‍රමය අතරේ ද පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයට මෙහිදී හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්ග
බෝ නොවන සමේ රෝග ඇති වීමට හේතු මොනවාදරෑ
බෝ නොවන සමේ රෝග ඇති ඇති වීමට විවිධාකාර හේතූන් නිසා රක්තය හෙවත් ලේ ධාතුව කෝපයට ලක් වීම මූලිකම හේතුව වශයෙන් හඳුන්වා දිය හැකියිග එසේ රක්තය දූෂණය වීම සඳහාත් විවිධ හේතු බලපෑ හැකි අතර ඒවා පහත ආකාරයට පැහැදිලි කළ හැකියිග
දවිවිධාකාර පුද්ගලයන්ගේ විවිධාකාරී වූ ආහාර රටා
දආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන විෂමතාවන්
දඑක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රකෘතිය එනම් වාතල පිතල සෙම යන ප්රකෘතියන්ගෙන් පිත් පදාර්ථය වැඩි වූ විට රක්තය දූෂණය වේග
මානසික වශයෙන් බලපාන හේතු
කර්මජ හේතූන් ද මේ යටතේ කථාබහහ කළ හැකියිග
මෙම විවිධාකාර වූ හේතූන් පහත ආකාරයට පැහැදිලි කළ හැකියිග
ආහාර හා විහරණ
අප විසින් පරිභෝජනය කරන බිලිංල ගොරකාල සියඹලා තක්කාලි වැනි විටමින් සී බහුල ආහාරවල :මෙම ආහාර ආම්ලික ප්‍රභව ලෙසින් ද හැඳින්වේ- ඇති ර්ණඇස්කෝබික්
Wmqgd .ekSu