Health
ආතරයිටීස් සුව කළ හැකියි - ආතරයිටිස් රෝගීන්ට ඇල්දිය සුදුසු නැහැ
* ශීතකරණයේ තැබූ ආහාර රත්කර නැවත නැවත ආහාරයට ගැනීම සිරුරට විෂ ඇති කරනවා
ආතරයිටීස් රෝගය පිළිබඳ සමාජය හමුවේ නිතර කතා බහ අසන්නට ලැබේ. ආතරයිටීස් වෙනුවෙන් පීඩා විඳින පිරිස සුළු පටු නොවන බව හඳුනාගත හැකිව තිබෙන්නේ රෝගය නියමාකාරයෙන් හඳුනා නොගැනීම නිසාවෙන් බව බොහෝ තැනකදී පැහැදිලිව දක්නට ලැබේ.
ආයුර්වේදයේ, දේශීය වෛද්‍ය ක්රමයේ ආතරයිටීස් රෝග තත්ත්වය ආමවාත රෝගය ලෙසට හඳුන්වාදී තිබේ.
මෙහිදී ආමය යනු රස ධාතුවේ විදග්ද ස්වභාවයයි. එනම් රස ධාතුවේ බර බව, නොදිර වූ බව මෙන්ම අමු බවයි.
මෙහිදී මෙය රක්ත ධාතුව හා මුසුව ( ලේ සමඟ එක් වී) වාතයේ මෙහෙයවීමෙන් ශරීරය තුළ සංසරණය වේ. ආමය වනාහි විෂ ගතියෙන් යුක්තය. ප්‍රධාන ලෙසටම එසේ ගමන් ගන්නා වූ ආමය ශරීරයේ ප්‍රධාන සන්ධිස්ථානවල තැන්පත් වී එම ස්ථාන පීඩාවට හා ප්‍රදාහයට ලක් කරයි. විශේෂයෙන් දණහිස සන්ධි හා සෙසු ප්‍රධාන සන්ධි පළමු කොට රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව පවතී. එහිදී ලක්ෂණ ලෙස සන්ධි වේදනාව, නම්‍යශීලීත්වය ගිලිහී යැම, බරබව, ඉදිමුම සහ චලනයේ දැඩි අපහසුව දැකිය හැක. අදාළ රෝගීන් ආකෘති ලක්ෂණ (දකින කොටම) තුළින් හඳුනා ගැනීමේ පහසුව අත්දැකීම් ඇති වෛද්‍යවරයා සතුය.
මෙම රෝගයට ප්‍රධානම හේතුව ලෙසට මිථ්‍යා ආහාර රටාව (වැරදි ආහාර) බර ආහාර, තෙල් සහිත නොදිරවන සුලු ආහාරපාන රටාවන් සහ විෂම ජීවන රටාව පෙන්වා දිය හැක.
මෙහිදී නුසුදුසු ආහාරපාන ලෙස මස් වර්ග, ක්ෂණික ආහාර වර්ග, අධික තෙල් යෙදු කෘත්‍රීම ආහාර, යීස්ට් යොදා බොහෝ වේලාවක් පිපෙන්නට තැබූ පිටි මිශ්‍ර ආහාර, බෙලසුල් ආහාර පාන එනම් මුදවාපු කිරි, මෝජු වැනි ආහාර, පුරුද්දක් ලෙසට කිරි ආහාර ගැනීමෙන් පසු හෝ පෙර මස් මාළු ආහාරයට ගැනීම වැනි අවස්ථා පෙන්වා දීමට පුළුවන. ආහාර පාන ගැනීමේදී නූතනයේ සිදුවන තවත් වරදක් ලෙසට කාර්යබහුලකම පෙන්වා දෙමින් වරක් පිසූ ආහාර ශීතකරණයේ තබා නැවත නැවත රත්කර ආහාරයට ගැනීම පහසුව පසෙක තබා අප රෝගීන් කරවන බව අමතක නොකළ යුතුය. මෙම තත්ත්වය හමුවේ නිපදවෙන විෂ ආතරයිටීස් රෝගයට හේතුවිය හැකිය. විශේෂයෙන්ම මෙම ක්‍රමයට ඉස්සන් දැල්ලන් ආහාරයට ගැනීමේදී ඇති වන විෂ ඉහළය.
විෂ රුධිරය සමඟ එක් වී ක්‍රමයෙන් ඇසුරු කළා වූ ලොකු සන්ධි ප්‍රදාහයට පත් කරමින් සෙසු කුඩා සන්ධි පවා ආක්‍රමණය කිරීම රෝගයේ ස්වභාවයයි.
රෝගියා තුළින් දැකිය හැකි සෙසු රෝග ලක්ෂණ ලෙසට සන්ධි වේදනා සහ ඉදිමුමට අමතරව ආහාර අරුචිය, ඔළුවේ කැක්කුම, රාත්‍රියට සහ පාන්දරම මඳ උණ ගතියක් ඇති විය හැකි වීම පෙන්වා දීමට පුළුවන.
මෙහිදී එම ලක්ෂණවලට ප්‍රතිකාර කළද රෝග නිදානය නොසන්සිඳෙන බැවින් පිළියම්වලට ප්‍රතිකාර කිරීම ස්ථීරසාර විසඳුමක් නොවේ. මෙම රෝගයේදී චිකිත්සා පිළිවෙත වන්නේ ආමය ප්‍රථමකොට සන්සිඳුවා ගැනීමයි.
එහිදී බාහිර සහ අභ්‍යන්තර ලෙසට දෙවැදෑරුම් ප්‍රතිකර්ම කළ යුතුය. ඒ සඳහා කෂාය ආදී වූ පාන ඖෂධ මෙන්ම අවස්ථානෝචිත තෙල්, කැවිලි, පත්තු ලේප, මැල්ලුම් ආදිය උපයෝගිකොට ගනු ඇත.
විශේෂයෙන්ම ආමය, බර, වැගිරෙන උකු ගතියෙන් යුක්ත නිසා යොදනු ලබන තෙල්, තැවිලි, ලේප ආදිය රළු, ඝර්ම එනම් දහඩිය දමන සුලු ද්‍රව්‍යවලින් යුත් ඒවා විය යුතුය. එසේ නොවී නම් දෝෂ කුපිතතාවය වඩාත් තීව්ර වී ප්‍රදාහය දරුණු ස්වභාවයට පත්වේ. එවිට පිළියම් පවා අතිදුෂ්කර වනු ඇත.
එසේම රෝගියාගේ ආහාරපාන රටාව, ව්‍යායාම, නින්ද ආදී වූ කරුණු කෙරෙහිද අවධානය යොමු කොට ප්රත්යාපත්ය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. දුම්පානය කරන්නේ නම් එය අත්හළ යුතුමය.
රෝගියා ඇල්දිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉක්මන් සුවයට හේතුවේ. එය විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වනු ඇත.
ආමවාත රෝගයේදී සිදුවන ප්‍රධානතම හානිය වන්නේ අදාළ පුද්ගලයාගේ දෛනික කටයුතු ක්‍රමයෙන් අඩාල කරමින් අස්ථි බන්ධක ද්‍රව්‍යයන් (අස්ථි බැඳ තබා ගන්න තෙතමනය සහිත ද්‍රdවණයක්) ඛාදනය කරමින් මෘදු අස්ථි කොටස් (කාටිලේජ) විනාශ කර දැමීමයි. මෙම අවස්ථාව වන විට පෙර තිබූ අධික ශ්‍රොaතය (දැඩි ඉදිමුම) මඳක් තුනී වී යා හැකිය. එහෙත් වේදනාව උග්‍රවේ. යමකින් අනිනවා වැනි වේදනාවක් ඇතිවේ.
දණහිස, උකුල සන්ධි, (උර සන්ධි) වළලුකර, වැළමිට, මැණික්කටු, කොඳුඇට පෙළ සන්ධි ඇඟිලි පුරුක් ලෙසට රෝගය ආක්‍රමණය කරනු ඇත.
මෙම අවස්ථාවට ශීත ගුණයෙන් යුත් (තර්පණ ගුණ) තෙල් සුදුසු නැත. ආමයේත් ශීත ගුණ තිබීම එයට හේතුවයි. එවිට ආමය තව තවත් වැඩිවන්නේය. ඇතැම් අය මේ සඳහා මහානාරායනය, මහාමාෂ, අශ්වගන්ධ, ශීරබලා, ප්‍රසාරණී, සිද්ධාර්ථ වැනි තෙල් ආලේප කරන අතර එවැනි තෙල් වර්ග සුදුසුම නැත.
රෝගයේ හේතූන්ට ප්‍රතිවිරුද්ධ ඝර්ම ගුණ යුත් තෙල් හා පොට්ටනි භාවිත කළ යුතුය. වැලි කබලේ රත්කර ඝර්ම ගුණයෙන් යුතු පොට්ටනි පළමු අවස්ථාවට යොදාගත යුතුය.
අස්ථි සම්බන්ධ ආවරණය සහ කාටිලේජ ආමය මගින් පළමු කොට විනාශ කරන අතර ඉන්පසු ප්‍රධාන අස්ථින් ආක්‍රමණය කරනු ලැබේ. මෙවිට අස්ථි ගැටෙන කට කටස් ශබ්දය නැඟේ. එවිට හැඩය (වක්‍රවීම) වෙනස් වී යන අතර "සන්ධි නම්‍යශීලීත්වය සම්පූර්ණයෙන් බිඳ වැටේ. මෙම තත්ත්වයට පෙර ප්‍රතිකාර ගත යුතු වන්නේ මෙම තත්ත්වය අස්ථි දිරායැමට හේතුවන නිසාවෙනි.
රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් නිට්ටාවට සුවය ලබාගත හැක.
සන්ධි වේදනාව මූලික රෝග ලක්ෂණය වන අතර එම අවස්ථාවේදී අවධානයෙන් කටයුතු කිරීමට යොමුවිය යුතුය. සන්ධි වේදනාව සමඟ ආහාර අරුචිය, ඇඟමැළි ගතිය, ක්‍රියාශීලී අයෙක් හිටි හැටියේ අලස බවට පත්වීම, පිපාසය නැතිව යැම, ඇල්දිය ස්නානය කළ විට දැනෙන අපහසුව, බෙල්ල සහ හිසේ පැත්තකින් එන වේදනාව කල්පනාකාරී විය යුතු තවත් අවස්ථා වන්නේ ආතරයිටීස් රෝග ලක්ෂණයන් විය හැකි නිසාවෙන්ය.
මෙහි අවසාන අවස්ථාව ඔස්ටියෝ පොරෝසිස්ය. එනම් ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වයට පත්වීමය. (අස්ථි දිරායැම)
මෙහිදී සඳහන් කළේ සන්ධි සහ අස්ථි ඇසුරු කර පැන නැඟෙන ආමවාත තත්ත්වයයි. මීට අමතරව ආමවාතිකජවරය අවස්ථාව පිළිබඳ යම් කිසි වූ දැනුවත් බවක් තිබීම වැදගත්ය.
මෙම තත්ත්වයට බහුල ලෙසම ගොදුරු වන්නේ වැඩිවියට ආසන්නයේ පසුවන ගැහැණු දරුවන් වීම තවත් විශේෂත්වයකි. මෙහි මූලික ලක්ෂණ වන්නේ නිතර නිතර ඇතිවන සෙම්ගෙඩි ප්‍රදාහය සහ මඳ උණ සහ ප්‍රතිශ්‍යා තත්ත්වයයි. මෙය පිරිමි ළමුන්ට නොහැදෙනවාම නොවේ.
අදාළ රෝග කාරක හේතුව සෙම්ගෙඩි ප්‍රදාහය සමඟ ආරම්භ වී තීව්රතාවයට පත් වී හෘද කපාට ආක්‍රමණය සිදු කරයි.
මෙම රෝග තත්ත්වය අවුරුදු 7-8 පමණ වයසේදී ඇතිවන අතර කපාට සියුම් නිසාවෙන් කපාට දුර්වල වී මරණයට පවා පත්වීමට පුළුවන. (රුමටොයිඩ් ආතරයිටීස්)
ආමවාත රෝගය සලකා බැලීමේදී රෝගය ඇති වන්නේ අවුරුදු 35-40 පමණ වයසේදීය.
ආමවාතය සඳහා සුදුසු ආහාර ලෙසට සුදු ලූනු, කොල්ලු, සාරණ, නිවිති, බීට්රූට්, වැටකොළු, කරපිංචා, පලා වර්ග, වට්ටක්කා, මුං ඇට මෙන්ම හීනටි හාල් සහ ඇල් හාල් ගුණදායකය. ඒ සමඟම රෝගය තිබේ නම් උණුදිය භාවිත කළ යුතුය.
කුඩා කල සිටම නිවැරදි ආහාර රටාව සහ නිවැරදි ව්‍යායාමවලට යොමු විය යුතු වන්නේ සිරුර තුළ ආමය සැදීමෙන් වැළකී නිරෝගී දිවි පෙවෙතක් ළඟාකර ගැනීම වෙනුවෙන් බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. සන්ධි වේදනාව ඒ තරමටම ප්‍රබල බව මතක තබා ගන්න.
රෝගය ආරයට යැම සඳහා යම් ප්‍රවණතාවක් ඇත. වැස්ස, ශීත කාලවල රෝග ලක්ෂණ ඉස්මතු වීමත්, අපහසුතාවට පත් වීමටත් හේතුව ශීත දේශගුණය. වර්ෂාවත් සමඟ ඇතිවන ඉදිමුමට තෙල් ආලේප කළා දැන් අඩුයි, කියන්නේ වර්ෂාව අඩුවීමේදී රෝගය යටපත් වන නිසාවෙන්ය. එහෙත් ඒ රෝගය සුව වූවා නොවේ. එනිසා එවැනි තත්ත්ව යටතේ නිහඬව නොසිට නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වන්නේ ආතරයිටීස් අවසාන අවස්ථාව ඉතා භයානක වන නිසාවෙන්ය.
රෝගය නිවැරදිව හඳුනා ගැනීම තුළ ආතරයිටීස් (ආමවාතයට) රෝගය නිට්ටාවට සුවකළ හැකි ප්‍රතිකාර අදටත් දේශීය වෛද්‍ය විද්‍යාව සතුව තිබේ.
වැඩිහිටියන් බොහෝ පිරිසක් වේදනාවට පත්කරන ආතරයිටීස් රෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ විස්තර දැන ගැනීමේ අවස්ථාව ඇත.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි