Beauty
ආකර්ශනීය දෙපා යුගලක් සදහා විශ්මිත දේශීය රූපලාවන්‍ය සත්කාර
තරුණ යුවතියක් වන ඔබ මුහුණ තරමට දෙපා වල පැහැපත් බව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මුහුණ කොයි තරම් පැහැපත් උනත් වැඩක් නෑ ඔබේ දෙපා අවලස්සන නම්. මුහුණට විවිධ රුපාලාවන්ය සත්කාර සිදු කර පැහැපත් කර ගැනීමට සමගාමීවම ඔබගේ දෙපාද පැහැපත් කර ගැනීමට ස්වාභාවික සත්කාර අද විශ්ම ලෝකයෙන් කියන්නමි.
මුලින්ම ඔබේ පාද දෙක දමා ගෙන සිටිමට තරම් මද උණුසුම් ජල බාස්කට් එකක් ලැස්ති කර ගන්න
එයට දෙහි බින්දු කිහිපයක් හෝ හීනියට කපාගත් කොහොඹ කොළ මිටක් හෝ මඳ උණුසුම් ජලයේ දියකර ගත් ෂැම්පු හෝ විසබීජ නාශක දියරයක් දමන්න
ඊට පසු එම සකස් කරගත් මද උණුසුම් ජාල බදුනටම ඛැපදබ හෝ ඡැචචැරපසබඑ අඩංගු ඇරෝමා තෙල් බින්දු දෙකක් මුසු කරන්න
මෙම දියරයට ඔබේ දෙපා විනාඩි 5-10ක් අතර කාලයක් බහා තබන්න.
දැන් පාද ඉන් ඉවතට ගෙන ස්පොන්ජ් කැබැල්ලකින් හොඳින් අතුල්ලා පිරිසුදු කර ගන්න. මේ පියවරේදී වෙන්නේ පාද අවපැහැ ගන්වන ප්‍රධාන හේතුවක් වන පාද වල මැරුණු ෙසෙල ඉවත් කිරීම
පාදයේ විළුඹ ප්‍රදේශය රළු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හොඳින් අතුල්ලා පිරිසුදු කර ගැනීමට පුළුවන. එමගින් පාදයේ රළු ස්වභාවයද පහව යයි. සෝදා ගත් පසු අවසානයේ පාද හොඳින් තෙතමාත්තු කරගන්න.
දැන් අපි ඔබේ දෙපා මෘදු කිරීමට ස්ක්‍රබ් එකක් හදමු
පාදයේ මෘදු බව ආරක්ෂා කර මැරුණු සම ඉවත් කිරීමට මෙම ස්ක්‍රබ් එක ඔබට නිවෙසේදීම සාදා ගැනීමට හැකිය.
මේ සඳහා හාල් පිටි, පාන් පිටි, වැල් මදට, නෙල්ලි කුඩු සම ප්‍රමාණයෙන් ගෙන ඇල් වතුරෙන් අනා ගුළි සෑදෙන ආකාරයට පදමට සාදා ගන්න. මේ ආකාරයට සාදාගත් මිශ්‍රණය කකුලේ හොඳින් ආලේප කරමින් අතුල්ලන්න. මෙය විනාඩි 5ක් පමණ තබා ඉවත් කර ගතහැකිය.
දෙපා අවපැහැයට සත්කාරයක්
අවපැහැ වූ මලානික ස්වභාවයෙන් යුත් දෙපා හිමි ඔබට නම් මෙය වඩාත්ම සුදුසු සත්කාරයකි. දෙපාවලට පෝෂණය ලබාදීමට නම් මෙවැනි පෝෂණ මාධ්‍යයක දෙපා බහා තැබිය යුතුය. එම මිශ්‍රණය සාදා ගන්නේ මෙසේය.
ගොරකා තම්බාගත් වතුර, මඳක් රත් කළ එළවළු තෙල්, ආමන්ඩ් තෙල් හා ලැවැන්ඩර් ත්ජස්ක දසක බින්දු කිහිපයක්ද, සහිඳ ලුණු තේ හැඳි 1/2ක්ද එක්කර මෙම පෝෂ
(under the courtesy of goodhousekeeping.lk web)