තවමත් දරු සම්පත් නැත්නම්... (3)
ආධ්‍යාත්මික ආලෝකය ලැබීමෙන් මිනිසා දේවත්වයට පැමිණේ. මිනිස් ජීවිතය බලාපොරොත්තු රහිත අවස්ථාවන්හි සැලකිය යුතු වෙනස්වීම්වලට පෙරළෙන්නේ මේ ආධ්‍යාත්මික ආලෝකයේ බලයෙනි. සිරුරේ ජරා ජීර්ණත්වය, සිතෙහි පහලවෙන මමත්වයත් ජීවිතය ඉදිරියෙහි පවත්නා අන්ධකාරයත්, ක්‍රමයෙන් අමරණීයත්වයට, Rජු බවට සහ ආලෝකයට හරවා ගැනීමට යෝග ධර්ම හැදෑරීම අවශ්‍ය වේ. මිනිස් සිරුර, සිත සහ ආධ්‍යාත්මය ක්‍රියාවෙහි යෙදෙන්නේ ඒ එකිනෙකට අනුරූප වූ ද්‍රව්‍ය, චෛතසික සහ ආධ්‍යාත්මික තලයන්හි යයි කල්පනා කළ යුතුය.
දියුණු කළ සිත මහත් බලයකි. ඉන් කළ හැකි ක්‍රියා අතර රෝගීන් සුව කිරීම ද්‍රව්‍යයන් වෙනස් කිරීම සහ සිත්හි පහලවන බිහිසුණු රූප නැති කිරීමද වේ. චෛතසික බලය ඉපද වූ තැනැත්තා ස්වකීය ආත්මය වැඩුනු මල් කැනක් මේන් පුබුදුවයි. ඔහු ආශ්‍රයට පැමිණෙන බොහෝ දෙන ඒ ආත්ම පුෂ්පයෙන් විහිදෙන සුවඳින් ප්‍රමුදිත වෙයි. ආත්මාලෝකය ලැබූවෙකු ආදර්ශයට ගැනීමෙන් පහත් දිවි පෙවතක් ඇත්තකුට වුවද ආධ්‍යාත්මික බලයක් ඇතිකර ගැනීමේ මාගර්යට පිවිසිය හැක.
එක් දිනක් මා රාත්‍රියේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහ මළුවේ බවුන් වඩමින් සිටි යෙමි. ඒ අසලම යුවලක් ඉතාම ශබ්ද නඟා ඉතිපිසෝ භගවා ගාථාව විශාල වාර ගනණක් සඡ්Cධායනය කරන ආකාරය මට ඇසුනි. භාවනාවෙන් ඔවුන් දෙදෙනා කුමක් සඳහා මෙම ගාථාව සඡ්Cධායනා කරන්නේ දැයි මා බැලුවෙමි. විවාහ වී වසර ගනණාවක් වුණත් ඔවුන්ට දරු සම්පත අහිමි වී ඇති බව මා වටහා ගතිමි.
ඔවුන් දෙදෙනාට මා කථාකර සඡ්Cධායනය කළ යුතු ගාථාව කුමක්ද කියා වටහා දුන් නෙමි. මාගේ ලිපිනය සහ දුරකථන අංකය පෙරත්ත කොට ඉල්ලා සිටියත්, මා එය ඔවුනට ලබානොදුන්නෙමි. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ වාදන කණ්ඩායමක වයලීන් වාදකයෙකි. ඔවුන්ගේ කර්ම ශක්තිය හීන වී පැතුම් ඉටුවන්නට රුවන්වැලි මහාසෑයට පූජා කටයුතු කරන ආකාරය ද මම ඔවුනට කියා දුන්නෙමි. මා සඡ්Cධායනා කරන්නට ඔවුන්ට කියූ ගාථාව කියමින් රුවන්වැලි මහාසෑය වටේ පැදකුණු කරනවා දුටුවෙමි. පසු කාලක රාත්‍රියකදී ඇය ගැබ්බරව සුදු මල් වට්ටියක්ද රැගෙන ස්වාමි පුරුෂයා සමඟ නැවත රුවන්වැලි මහාසෑය වඳින්නට පැමිණ සිටිනවා දැකීම මගේ සිතට සතුටක් ගෙන දුනි. සුදු මල් වට්ටියක්, ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහාසෑයට පූජා කර ඔබගේ අහිංසක ප්‍රාර්ථනාව කරන්න. එය ඒකාන්තයෙන්ම ඉටු වේවි.
රෝගී පුද්ගලයා තුලිනුත් නිරෝගී පුද්ගලයා තුලිනුත් පින්වත් ඔබ දක්ෂ නම් කුසල් අකුසල් මූලයන්ගේ යථා ස්භාවය මතුකොට ගන්න. ඒ මතුකොට ගැනීම තුලම පින්වත් ඔබ සම්මා දිට්ඨියට පත්වීමට අවශ්‍ය කාරණා ජීවිතයට එකතු කොට ගන්න. ඉහත කාරණය නිසාමයි රෝගියා දේව දූතයකු කියන අර්ථය ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන පිංවතා තුවාලවලට බෙහෙත් දැමීමට දැන ගත යුතුයි කියලා.
මෙහිදී තුවාලය කියන්නේ ආයතන හයයි. මෙම තුවාල ඇතිකරගන්නේ අවිද්‍යාව කියන විෂබීජයෙන්. ඇසෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතමින් අකුසල් අරමුණු ඇතිකර ගැනීමෙන් නිරතුරුවම අපි තුවාල වැඩි කරගන්නවා. සත්ත්වයා ඵස්සය කියන තුවාලය නිරතුරුවම වේදනා නැමැති කෝටුවෙන් හෑරීමට ලක්කර ගන්නවා. අප අනුන්ගේ තුවාල සනීප කළත් ඇස, කන, නාසය නිසා භවයට ඔඩු දුවන තුවාල අපි ඇති කර ගන්නවානම් එය අපේ භව ගමනට රිදුම් දෙන තුවාලයක් වෙනවා. එම දේශනාවේම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන දක්ෂයා සුදුසු හොඳ තණ බිම් දැන ගත යුතුයි කියලා. මෙතනදී හො`ද තණ බිම් කියලා ලොව්තුරා බුදුපියානන් වහන්සේ හඳුන්වන්නෙ ධර්මධර, විනයධර, මහා සංඝ රත්නයයි. කල්‍යාණ මිත්‍ර ඇසුරයි. ඉහත හොඳ තණ බිම් ඇසුරු කරලීම තුලින්මයි භවයට ඔඩුදුවන රිදුම් දෙන තුවාල සනීප කොට ගැනීමට හැකිවන්නේ.