Beauty
අවුරුදු 30න් පසු වියපත් වන මුහුණට ස්විභාවික දේශීය රූපලාවන්‍ය සත්කාරය
මගේ අදහසට නම් අනුව ජිවිතේ හොදම කාලේ ලබන්නේ අවුරුදු 30න් පස්සේ. ලංකාව වගේ රටක ගොඩක් දෙනා ආර්ථික අතින් ස්ථාවර වෙන්නේ අවුරුදු 30 දී වගේ තමයි. කෙටියෙන්ම කිව්වොත් ජිවිතේ කාටවත් බරක් නොවී සුපිරියටම විදින්න පටන් ගන්නවා. එත් ඒ වෙනකොට ඔබේ තරුණ පෙනුම ඔඛෙන් ගිලිහි තිබුනොත් කොයි තරම් සල්ලි හම්බ කරත් වැඩක් නෑ නේද ?
බය වෙන්න එපා අවුරුදු 30න් පස්සේ වියපත් වන මුහුණුට නවත් තරුණ පෙනුමක් ලබා දෙන ස්වාභාවික හා දේශීය රහස් රුපලාවන්‍ය සත්කාරයක් ගැන අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම්
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ
එඩරු කොළ
ඔලිව් තෙල් හා තල තෙල්
ගස්ලබු
දෙහි යුෂ
ගස්ලබු යුෂට දෙහි යුෂ එක්කර මුහුණ හොඳින් ක්ලෙන්සර් කරගන්න.
උතුරන වතුර භාජනයක් අරගෙන ඒ භාජනයට එඩරු කොළ ටික දාලා ටික වේලාවක් වසා තබා තැම්බීමට ඉඩ දෙන්න.
ඉන්පසු තැම්බුණු එඩරු කොළ පිටතට රැගෙන කොළයේ ඇතුළු පැත්ත මුහුණ මතට සිටින සේ විනාඩි 3ක් පමණ හොඳින් මුහුණ තවන්න.
ඉන්පසුව විනාඩි 5ක් පමණ නිදහසේ සිටින්න.
ඔබ කැමැති තෙල් වර්ගයක් අල්ල මතට වත්කර දෙඅත්ල එකිනෙක හොඳින් පිරිමදින්න. තෙල් තැවරුණු දෑත් මුහුණේ උඩු අතට ගෙන යමින් විනාඩි 2ක් පමණ මුහුණ හොඳින් සම්බාහනය කරන්න.
දෙඅත් එකිනෙක හොඳින් පිරිමැද ඇස් දෙක වැසෙන සේ දෙඇගිලි තබන්න. මේ ආකාරයට තුන්වතාවක් පමණ දෙඅත් දෑස්මත තබන්න.
ඉන්පසු තෙත පුළුන් කැබලි දෙකක් ගෙන දෑස් මත තබා නිදහසේ සිටින්න.
විනාඩි 10කට පමණ පසු මඳ රස්නය ඇති වතුරෙන් මුහුණ සෝදා තෙත මාත්තු කරන්න.
පැය තුනක් යනතුරු නැවැත මුහුණ සේදීම නොකළ යුතුයි. දිනක් පමණ යනතුරු අධික හිරු එළියට නිරාවරණය වීම, සබන් ගා මුහුණ සේදීම නොකළ යුතුයි.
මේ සත්කාරය සතියට වරක් දෙවරක් වත් සිදු කරන්න පුරුදු උනොතින් ඔබගේ මුහුණට අමුතුම එලියක් වැටේවි. තරුණ පෙනුම ගොඩක් කල් පවතීවි.
curtesy :
http://www.wishmalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)