Beauty
අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි
අපි හැමෝම දන්නවනේ අලිගැට පේර කියන්නෙත් රසවත් පළතුරක් කියල. රස වගේම ඒක ගොඩක් පෝෂණයෙන් පිරි පළතුරක්. අපේ ශරීරයට හොඳ පෝෂ්‍ය පදාර්ථ 25ක් වගේ තියෙනවලු. විටමින් A, B, C, E, & K, කොපර්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්. ප්‍රෝටීන් වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවලු. නමුත් අද අපි කියන්න යන්නේ අලිගැට පේර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.
අලිගැට පේර බියුටි ටිප්ස්
01. ෆේෂල් ක්ලේන්සර් එකක් විදියට
අවශ්‍ය දෑ:
හොදින් ගසාගත් බිත්තර කහමද 1
කිරි කෝප්ප 1/2
සූරා ගත් අලිගැට පේර ගෙඩි 1/2
මේ සියල්ල භාජනයක දමා ගෑරුප්පුවකින් හොදින් mix කර ගන්න (ක්‍රීමි ගතියට එනතුරු). ඉන්පසු cotton swabs ආධාරයෙන් ඔයාගේ මුහුණේ ඉතා මෘදුව ආලේප කරන්න. මෙය ටික වෙලාවක් තිබෙන්නට හැර, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.
02. වියලි, රැළි වැටුන සමකට ෆේෂල් මාස්ක් එකක් විදියට
අවශ්‍ය දෑ:
මී පැණි කෝප්ප 1/4ක්
අලිගැට පේර ගෙඩි 1/2
මේවා භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න (ක්‍රීමි mixture 1ක් එනතුරු). ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ට පමණ පසු හොදින් සෝදා හරින්න.
03. අලිගැට පේර, සුසිනිදු දිදුලන කොණ්ඩයකට
අවශ්‍ය දෑ:
අලිගැට පේර ගෙඩි 1 (ඔයාගේ කොණ්ඩය කොට නම්, අලිගැට පේර ගෙඩි එකකට අඩුවෙන් ප්‍රමාණවත් වේ)
බිත්තර කහමද 1ක්
ඔලිව් ඔයිල් තේ හැඳි 1/2ක්
මෙය හොඳින් මිශ්‍ර කර ඔයාගේ කොණ්ඩයේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. (සේදීමේදී, සුපුරුදු පරිදි ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා කරන්න)
04. අලිගැට පේර, ෆේෂල් මොයිස්චර් එකක් විදියට
අවශ්‍ය දෑ:
අලිගැට පේර ලෙලි 1ක්
අලිගැට පේර ගෙඩියේ ලෙල්ල ගෙන එය ඔයාගේ මුහුණේ (මෙය ආලේප කරන්නට කලින්, මුහුණ හොදින් පිරිසිදු කරගෙන තිබිය යුතුයි) උඩු අතට මෘදුව අතුල්ලන්න. ඉන්පසු, විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර, හොදින් සෝදා හරින්න.
05. අලිගැට පේර, soft skin body cream1ක් ලෙස
අවශ්‍ය දෑ:
ලෙමන් ජූස් තේ හැඳි 1ක්
අලිගැට පේර ගෙඩි 1ක්
භාජනයක දමා මේවා හොදින් මිශ්‍ර කර (බීට් කර), එම මිශ්‍රණය ඔයාගේ මුළු ශරීරයේම ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)