Beauty
අඳුරු ලප නැති වෙන්න අල වලින් සත්කාරයක් ඔයාලත් මේක හත් හදා බලල කියන්න
ඔන්න අද මම කියන්න යන්නේ ඔබේ සමේ තියෙන අඳුරු ලප නැති කරගන්න ක්‍රමයක්. වැඩි වියදමක් යන්නේ නැති පහසුවෙන් අඩු මිලකට මිලදී ගන්න පුළුවන් අල වලින් තමයි මේ සත්කාරය කිරීමට යන්නේ. අල වලින් හමේ තියෙන අඳුරු ලප නැති කරන්න පුළුවන් කියලා ඔබ මිට කලින් දැනගෙන හිටියාද? ඔයාල මේක නොදැන සිටියා වන්නට පුළුවන්. ඔන්න දැන් අපි දැනගමු අල සත්කාරයෙන් කෙසේද මුහුණේ අඳුරු ලප නැතිකරගන්නේ කියල.
මේ සත්කාරය ඉතාම පහසුයි. අපි බලමු මෙය කෙසේ කරන්න අවශ්‍යයද කියල.
අල ගෙඩියක් අරගෙන මුලින්ම පෙති කපා ගන්න ඕනෑ.
ඉන් පසු කපා ගත අල පෙති වලට වතුර බිංදු දෙක තුනක් එක කරලා අඳුරු ලප ඇති තැන් වල හොඳින් අතුල්ලන්න.
එසේත් නැතිනම් අල හොඳට අඹරාගෙන එම යුෂ ඔබේ මුහුණේ ඇති අඳුරු ලප වල ආලේප කරන්න.
පැය භාගයකින් පමණ මඳ රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. මාසයක් පමණ එක දිගට මේ සත්කාරය කලාට පස්සේ සාර්ථක ප්‍රතිපල ලැබේවි.
මේ සත්කාරය කිරීමෙන් ලැබුන ප්‍රතිඵල අපිත් එක්ක ඛෙදා හදා ගැනීමට අමතක කරන්න එපා.
curtesy : http://www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)