Life
අඬන අඬන සැරේට කිරි දෙන්න ගියොත් ලෙඩ ගොඩක්
මව් කිරි වලට සම කරන්න පුළුවන් නිෂ්පාදනයක් මේ දක්වාම නිපදවී නැහැ. මව් කිරි වල ගුණය ඒ වගේ. දරුවන්ට අවශ්‍ය සියලුම පෝෂණ අවශ්‍යතා මව් කිරි වලින් සම්පුර්ණ වන නිසයි පළමු මාස හය තුල මව් කිරි පමණක්ම දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ.
කෙසේ නමුත් මව් කිරි දීමත් එක්තරා කලාවක්. එය නිසි ආකාරයට ඉටු නොකලොත් එයින් ලැබෙන පෝෂණය නොලැබී යන්නට වගේම අමතර ප්‍රශ්න ඇති වෙන්නටත් බැරි කමක් නැහැ.
අම්මලා වැඩි ආදරේට දරුවෙක් අඬනකොටම නලව ගන්න කිරි දෙනවා. මෙය කිසි සේත්ම හොඳ දෙයක් නෙමෙයි. දරුවාට තිබෙන්නේ හරි පොඩි බඩක්. නිකම් හිතන්න ඔබේ බඩට දරාගන්න බැරි තරම් කෑවොත් මොකද වෙන්නේ.
ඔබට උගුරට එන්න ගන්නවා නේද? පුංචි දරුවන්ට වුනත් එය එහෙමයි. නිතර නිතර බඩ පුරවද්දී දරුවාගේ කුසට දරාගන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා ගිහින් ඔවුන්ට උගුරට එන්න පටන් ගන්නවා.
බඩේ තිබෙන ඇසිඩ් ගතිය උගුරට එද්දී අපිට වුනත් දැවිල්ලක් එනවනේ. දරුවන්ටත් එහෙමමයි. එත් ඔවුන්ට ඒ වේදනාව අපහසුව කියා ගන්න බැහැ. ඒ නිසා ඔවුන් නොනවත්වා අඬන්න පටන් ගන්නවා.
අම්මලා හිතන්නේ දරුවෝ අඬන්නේ බඩගින්නට විතරමයි කියලා. එත් එහෙම නැහැ. දරුවන්ට දැනෙන හැම දේටම ඔවුන් කරන්නේ අඬන එක.
ඉතින් මේ විදියට නිතර නිතර උගුරට එන්නට පටන් ගත්තම එය ඔවුන්ගේ බඩවැල ආශ්රිත තුවාල ඇති කරනවා හරියටම අපිට ගැස්ට්‍රයිටිස් හැදෙනවා වගේ.
මේ නිසා වෛද්‍ය වරුන් පවසන්නේ දරුවන්ට කිරි දෙන්නට ඕනෑ පැය දෙකකට වරක් පමණ බවයි ඒ වන විට ඔඑඋඞෙ ආමාශය හොඳින් හිස් වෙලා තව කිරි පිරෙන්නට ඉඩ ඇති වෙලා තිබෙනවා.
අම්මලා දැන ගත යුතුම කාරණය වන්නේ දරුවෝ අඬන්නේ බඩගින්නට විතරක්ම නොවෙන වග. බඩගින්නට දරුවා අඬන විදිය අම්මලාට ටික කලක් යද්දී ඉබේම තේරෙනවා. මොනවා වුනත් අඬන අඬන වතාවට දරුවන්ට කිරි දෙන්න ගිහින් නැති ලෙඩ හදාගන්න එපා.
Wmqgd .ekSu taIshka