Beauty
අඩු වියදමින් ගෙදරදීම ලස්සන වෙන්න..
කාන්තාවන් වශයෙන් අපි කවුරුත් ලස්සනට ඉන්න ඛෙහෙවින්ම කැමැතියි. ලොකු මුදලක් වැය කරලා එක එක වර්ගයේ ආලේපන මුහුණේ ගැල්වීමෙන් ඔබට අහිතකර ප්‍රතිවිපාක රාශියක් උරුම වෙන්න පුළුවන්. ඉතා සුළු ගාණක් වියදම් කරලා තමන් විසින්ම නිපදවා ගන්නා පුංචි ප්‍රතිකාරයක් අපට මොනතරම් විශ්වාසවන්තද?
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී රංජනී ගුණරත්න
ස්වාභාවික දේවල් අනුසාරයෙන් නිපදවා ගන්නා ඕනෑම ආලේපනයකට එකතු කරගන්නේ අපි ජීවත්වෙන පරිසරයේම අඩංගු දේවල්. ඒ වගේම නැවුම් පලතුරු මෙන්ම එළවළු වර්ග දෛනිකව ආහාරයට ගැනීම තුළින්ද අපට පැහැපත් මෙන්ම නිරෝගී පෙනුමක් ලබාගන්න පුළුවන්. කෘත්‍රිම ආලේපන නිෂ්පාදනය කරලා නිකුත් කරන දවසේ ඉඳන් අවුරුදු එකක් හෝ දෙකක් භාවිත කරන්න හැකියාව තිඛෙනවා. නමුත් ස්වාභාවික ආලේපන එහෙම එතරම් කාලයක් භාවිත කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
ලස්සන වෙන්න කියලා අපි වෙළෙඳසල්වලින් මිලදී ගන්නා නිෂ්පාදන ඕනෑ තරම් තිඛෙනවා. නමුත් එම ආලේපනය තුළ මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ, මොනවද ආලේපනයෙන් ලැඛෙන්නේ කියන දේ ගැන අප කවමදාකවත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා අපට අහිතකර තත්ත්ව, ගැටලුකාරී තත්ත්වවලට මුහුණදීමට සිදුවෙනවා. ඒ අතර මුහුණ තුවාල වීම, සමට හානි පැමි�ම, අවපැහැ ගැන්වීම, වණ වීම දක්වන්නට පුළුවන්.
ගොටුකොළ සම්බෝල කන්න අපි හැමෝම කැමැතියි. ඒ වගේම ගොටුකොළ අඹරලා ඒ යුෂ පානය කිරීම තුළින් ද අපට බොහෝමයක් වාසි අත්වෙනවා.
ඒ අතරට,
ෆ සම පැහැපත් වීම.
ෆ පීනස් රෝගී තත්ත්වය පහව යෑම.
ෆ අකලට හිසකෙස් ගැලවීම වැළකීම.
ෆ ධාරණ ශක්තිය වර්ධනය වීම ඇතුළත් වෙනවා.
කරවිල පෙති කපලා ඒවා බ්ලෙන්ඩ් කරලා ඒ යුෂ උගුරු 2ක් බොන්න පුරුදු වෙන්න. මෙමඟින් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඇතිවීම පාලනය වීම, රුධිරය පිරිසුදු වීම, ශරීරයේ තිඛෙන පිළිකා සෛල නැති වීම, අතපය වේදනා නැතිවීම, මස්පිඬු වේදනා නැතිවීම සිදුවෙනවා. කරවිල වෑංජනයක් ලෙස සකස් කිරීමේදී එයට තක්කාලි, තෙල් ඇතුළත් කිරීමෙන් වළකින්න.
ලස්සනට ඉන්න මේ දේවල් කරන්න.
ෆ උදේ නැඟිට්ට ගමන් මඳ රස්නෙ වතුර වීදුරුවක් තේ පානය කිරීමට පෙර පානය කරන්න. ඉන් පැය භාගයකට පසුව උදෑසන තේ කෝප්පය පානය කරන්න.
ෆ කරපිංචා කැඳ, කරවිල යුෂ, කැරට් යුෂ ආදිය පානය කරන්න. (මෙම යුෂ වර්ග පිළියෙල කිරීමේදී මෙයට ලුණු / සීනි එක්නොකර දෙහි බින්දු 2ක් 3ක් පමණක් මිශ්‍ර කරන්න)
ෆ උදෑසනම පිරිසුදු ඇල් වතුර වීදුරුවක් බොන්න.
ෆ රාත්‍රී කාලයේදී ඉඟුරු කැබැල්ලක් තළා, පිපිඤ්ඤා පෙති කුඩාවට කැබලි කර, දෙහි ගෙඩියක් පෙති කපා එයට මිංචි කොළ කලවම් කර එය වතුර ලීටර් 01කට මිශ්‍ර කර ශීතකරණයේ තබන්න. මෙය උදෑසන සීතල අඩුවූ පසු වීදුරුවක් පානය කරන්න. (මෙය තරබාරු පුද්ගලයන්ට වඩාත් සුදුසු වේ.)
ෆ උදෑසන ආහාරයට මුං ඇට, කවුපි හා කඩල වැනි ධාන්‍ය වර්ග ලබා ගැනීමට පුරුදු වෙන්න. මුං ඇට තැම්බූ වතුර වීදුරුවකට ලුණු බින්දු 2 - 3 එක්කර පානය කිරීමද යෝග්‍ය වෙනවා.
ෆ දහවල් ආහාරයට රතු කැකුළු බත්, කොළ මැල්ලුමක්, සම්බෝලයක්, මාළු සහ තවත් එළවළු වර්ග 2ක් ලබා ගැනීම සුදුසු වෙනවා.
ෆ රාත්‍රි ආහාරයට සැහැල්ලු ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. එයට පාන් පෙති 2ක් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. එමෙන්ම ඉන්පසු පලතුරු වර්ගයක්ද ආහාරයට ගන්න.
curtesy : thinetha.com
(under the courtesy of goodhousekeeping.lk web)