නිරන්තර කතාබහට හෝ සමාජ අවධානයට
නිරතුරු ලක් නොවුණ ද අඩු වයස් ගැබ් ගැනීම් සෞඛ්‍ය මෙන්ම සමාජයීය ගැටලු
රාශියක ප්‍රතිඵල ලෙසින් බහුලව සමාජය ආක්‍රමණය කරමින් පවතී. විශේෂයෙන්ම
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පළාත්වල අඩුවයස් විවාහ බහුල තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ
නීතිමය තත්ත්වය අනුව අවුරුදු 18 විවාහ නීතිය ලෙස පැවතුණ ද අඩු වයස් ගර්භණී
තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් එතරම් යහපත් තත්ත්වයක් ලෙසින් සැලකීමට නොහැක.
සාමාන්‍යයෙන් කාන්තාවක් වයස අවුරුදු 20ට වඩා වයසකදී ගැබ් ගැනීම මවටත් දරුවාටත් යන දෙදෙනාටම සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකි තත්ත්වයකි.
අඩු වයස් ගැබ් ගැනීම් තුළ දැකිය හැකි හේතු මෙන්ම ප්‍රතිවිපාක රැසකි. ඒවා
බහුතරයක් සමාජයීය හේතුමතින් පැන නඟින අතර සෞඛ්‍ය ගැටලු ද රැසක් සමාජයට
ඉතිරි කරයි.
මෙවැනි අඩු වයස් ගැබ් ගැනිම්වලදී දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයක් වනුයේ
ගබ්සා කිරීම් ය. නීති්‍යානුකූල නොවන මෙවැනි ගබ්සා කිරීම් මඟින් මවට සිදුවන
අධික රුධිර වහනය, විවිධ ආසාදන තත්ත්වයන්, කලලය විනාශ වීම මෙන්ම මවට විය
හැකි ජීවිත හානිය ද බරපතළ සෞඛ්‍ය ගැටලු අතර වේ. ඊට අමතරව මෙවැනි අක්‍රමවත්
ගබ්සා කිරීම් හේතුවෙන් පසුකාලීනව එනම් දෙවැනිවර ගැබ් ගැනීමක් සිදු නොවීමේ
ප්රවනතාව ද ඉහළ මට්ටමක පවතී. ඊට අමතරව මෙවැනි ගැටලුවකදී පැන නඟින නීතිමය
ගැටලු එනම් නීතියේ රැහැනට හසුවීම හා සමාජ අපවාදයට ගොදුරු වීමද මෙහි දැකිය
හැකි අනෙකුත් සමාජයීය ගැටලු අතර ප්‍රධානය. එසේම බොහෝවිට වයස අවුරුදු 20ට
අඩු විවාහ වලදි ස්වාමියා මෙන්ම බිරිඳ අතර ඇතිවන ගැටලු ද ප්‍රධානය. ගෘහස්ත
ප්රචණ්ඩත්වය අඩු වයස් විවාහවල දැකිය හැකි බහුල ලක්ෂණයකි. අත්දැකීම් අඩු
බව, ආර්ථික ස්ථාවරය අඩුවීම ආදී කරුණු ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මූලික වේ.
සාමාන්‍යයෙන් කාන්තාවගේ ප්‍රජනක පද්ධතිය මනාව පරිනත තත්ත්වයට පත් වනුයේ
වසර විස්සක් පමණ ඉක්මවා ගිය පසුය. එසේම මවට දරුවකු ඇති දැඩි කර ගැනිම
පිළිබඳ ස්ථාවර මානසික වාතාවරණයක් ගොඩනැගෙනුයේ වයස අවුරුදු විස්සක් පමණ ඉක්ම
ගිය පසුය. නමුත් මවගේ ප්‍රජනක පද්ධතිය පරිනත නැති විට අඩු බර උපත්
සිදුවීමට ඇති ඉඩකඩ අධිකය. සාමාන්‍යයෙන් අවුරුදු 20 ට අඩු මවුවරුන් අතර මෙම
ප්රවනතාව දැකගත හැකි වේ. එසේම ආබාධ සහිත දරුවන් ඉපදීම ද මෙම අඩු වයස්
මවුවරුන් විසින් ප්‍රසූත කරන දරුවන් කෙරෙන් දැකිය හැකි ලක්ෂණයකි. අඩු වයස්
මවුවරුන් හට උපදින දරුවන්ට නිසිලෙස කිරිදීම හදාවඩා ගැනීම දරුවාගේ සංවර්ධනය
නිසිලෙස ඉටුකිරීමට දායක වීමට අඩු වයස් මවුවරුන් හට අපහසු වේ. එසේම අඩු වයස්
විවාහවලදී ඇතිවන වෙනත් සම්බන්ධතා ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගවලට මූලික
හේතුවකි.
අද මෙවැනි තත්ත්වයන් ලෝක ප්රවනතාවක් ලෙසද හඳුනාගත හැක. පාසල්වියේ
පේ‍්‍රම සම්බන්ධතා, විවාහයට පෙර ගැබ් ගැනීම් ආදිය මීට බලපාන ප්‍රධාන
හේතුන්ය. මෙවැනි තත්ත්වයන් නීත්යානුකූලනොවන ගබ්සාවීම්වලට ප්‍රධාන හේතුවකි.
විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි අඩුවයස් විවාහ බහුලව හඳුනාගත හැක.
ආර්ථික ගැටලු මත මවුපියන් තම අඩු වයස් දරුවන් ඉක්මනින් විවාහ කර දීම දැකගත
හැක. එසේම නූතන තාක්ෂණික දියුණුව මත ජංගම දුරකථන හරහා ගොඩනැගෙන ප්‍රේම
සම්බන්ධතා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ නරඹන ලිංගික චිත්‍රපටි මඟින් ලබාදෙන
විකෘති හා වැරදි ලිංගික තොරතුරු පදනම්ව ද මෙවැනි අඩු වයස් ගැබ් ගැනීම්
බහුලව සිදුවිය හැක.
අවුරුදු 15 -16 වැනි වයස් සීමාවන් සාමාන්‍යයෙන් සිරුරේ හෝර්මෝන සක්‍රීය
වන අවධියය. එනමුත් අද දවසේ මෙවැනි දරුවන් බොහෝවිට ලිංගික කරුණු ලෙස
හඳුනාගනුයේ බොහෝවිට වැරදි හෝ විකෘති ලිංගික තොරතුරුය. නමුත් දරුවන් ඒවා
දැකීමෙන් පසු අත්හදා බැලීමට යොමු වීමෙන් ඉහත දැක්වූ ආකාරයේ විවිධ ගැටලුකාරී
සමාජ හා සෞඛ්‍ය ගැටලුවලට පහසුවෙන් ගොදුරු වේ.
මේ සඳහා පාසල් වියේ දරුවන් සෞඛ්‍ය අධ්‍යාපනයේ මැදිහත් වීම ඉතා වැදගත්ය.
නිසි සෞඛ්‍ය අධ්‍යාපනයක් දරුවාට පාසල් වියේදීම ලබා දෙන්නේ නම් දරුවාට
අන්තර්ජාලය ඔස්සේ එන විකෘති දැනුම කිසිසේත් අවශ්‍ය නොවේ.
විශේෂයෙන් පාසල්වියේ පේ‍්‍රම සම්බන්ධතා මෙන්ම අධ්‍යාපනය අතරමඟ කැඩී
යාමත් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවකට යොමු නොවීම වැනි කරුණු මත
ජීවිතයේ පැහැදිලි බලාපොරොත්තුවක් රහිතව අතරමඟ නවතින තරුණයන් පාසල් වයසේ
දියණියන් හා බොහෝදුරට මෙවැනි පේ‍්‍රම සම්බන්ධතා ගොඩනඟා ගනී. මෙවැනි
තත්ත්වයක සිටින හා බොහෝවිට ආර්ථික ස්ථාවරයන් රහිතව නමුත් ඉක්මනින්ම ජීවිතය
ආරම්භ කරන මෙවැනි තරුණ යුවළ අතර මතුවෙන මෙවැනි ගැටලු හේතුවෙන් අවසානයේ
විශාල ගැටලු රාශියක් සමාජගත වේ.
බොහෝවිට එහි අවසන් ප්‍රතිඵල නම් ඉතාමත් වටිනා තරුණ ජීවිත අවාසනාවන්ත ලෙස
විනාශ වීම මෙන්ම ඔවුන්ගේ දුර නොදුටු ආදරයේ ප්‍රතිඵල වන දරුවන්ගේ ජීවිත ඉතා
ඛේදනීය අයුරින් විනාශ මුඛයට ක්‍රමයෙන් ඇද වැටීමය.
එබැවින් විශේෂයෙන්ම යොවුන් වයසේ සිටින දූ දරුවන්ට නිසි ලිංගික
අධ්‍යාපනයක් ලබා දීමත්, නිවැරදි අනාගත මං පෙත් විවර කර දීමත් මෙම ගැටලු අවම
කර ගැනීමට ඇති යහපත් විසඳුම් වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නෙළුව
වෛද්‍ය ඊ.එම්. ටී. එම්. ඒකනායක
සමුද්‍රිකා වර්ණකුල