iranama
අගෝස්තු 5, 6, 7එක ළඟ දින තුනක් ග්‍රහ යුද්ධ
මේ වසරේ සිදුවීමට නියමිත ග්‍රහ යුද්ධ 19ක් අතරින් ග්‍රහ යුද්ධ තුනක්ම එක ළඟ දින තුනක පැවැතීම සුවිශේෂී කරුණකි. ලබන අගෝස්තු 5, 6, 7 යන දිනයන්හි මෙය සිදුවෙයි.
5 වැනිදා පෙ.ව. 3.18 සිකුරු හා ගුරු යුද වදින අතර ජයග්‍රහණය ගුරුට අත්වෙයි. සිකුරු ලෞකික අංශය කාන්තා පාර්ශ්වයද නියෝජනය කරන ග්‍රහයා වන අතර ගුරු උගතුන්, බුද්ධිමතුන් ආගමික නායකයන් නියෝජනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෘෂභ, තුලා ලග්න ප්රමුඛ කාන්තා පාර්ශ්වයට අපල ඇති වෙයි. පීඩනයන්ට ලක්වෙයි. කලා අංශයේද ගැටලු මතුවෙයි. එහෙත් බුද්ධිමතුන්, උගතුන් ආගමික නායකයන්ට ඉහළම පිළිගැනීමකි. ගෞරවයක් හා ඔවුන්ගේ මතයන්ට ජනතා ප්‍රසාදය හිමිවීමටත් සිදුවනු ඇත.
දෙවැනි ග්‍රහ ගැටුම 6 වැනිදා රාත්‍රි 7.56ට සිදුවෙයි. ඒ බුධ හා සිකුරු ග්‍රහයා අතරයි. ඉන් පරාජය වන්නේද සිකුරු ග්‍රහයායි. බුධ අධ්‍යාපනය හදාරන පිරිස් නියෝජනය කරනු ඇත. ඒ තුළින් එම අංශ තුළ පිබිදීමක් සිදුවෙයි.
අවසාන යුද්ධය 7 වැනිදා දහවල් 12.40ට බුධ හා ගුරු අතර සිදුවෙයි. ඉන් ජය ලබන්නේද බුධ ග්‍රහයායි. එහි ප්‍රතිඵලය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රධානීන් හා ශිෂ්‍ය කණ්ඩායම් අතර මතභේද නිර්මාණය වීම හා ගැටුම් ඇතිවීම වැනි කරුණුය.
Wmqgd .ekSu u