Health
Stress එක Release කරගන්න
ආතතිය අවම කර ගැනීමට වැදගත් වන ප්‍රධානතම කාරණය වන්නේ තමාගේ ඉලක්කය යථාර්තවාදී කර ගැනීමයිග තමන්ට කළ හැකි දේ පමණක් ඉලක්කව තබා ගැනීමටත්ල වැඩ පිළිවෙලකට කිරීම :අත්‍යවශ්‍ය වැඩ මුල් කර වැදගත් කමින් අවම වූ වැඩ කටයුතු පසුවට කිරීම- ඉක්මනින් කළ යුතු නොවන වැඩ සඳහා අනිවාර්යයෙන්ම දිනයක් යොදාගත යුතුයග කාලය හොඳින් කලමනාකරණය කර ගැනීමෙන් වැඩ කල් දැමීම සිදු නොවේග
මනස සැහැල්ලු වන ක්‍රියාවලියකින් ඔබ කොයිතරම් කාර්යබහුල වුවද විනෝදාංශයක් ඔබට තිබිය යුතුමයග එබැවින් තමා පි‍්‍රය කරන විනෝදාංශයක යෙදිය යුතුයග
ගැඹුරින් හුස්ම ගැනීම
ආතතිය සමනය කිරීමට මෙයද එක්තරා උපක්රමයකිග මේ මඟින් රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන අතර මොළයට සහ ස්නායු උත්තේජනය වීමක් සිදු වේග ආතතියෙන් ගැලවීමටල එළිමහනේ ඇවිදීමල බයිසිකල් පැදීමල පිහිනීම වැනි ව්‍යායාම සමත් වී ඇතග දිනකට විනාඩි 30 -45 ක් කාලයක් මේ ව්‍යායාම වල නිරත වීමෙන් ආතතිය මඟහරවා ගත හැකග
ආගමික වතාවත්
පන්සල්ල පල්ලිල කෝවිල් ආදී පූජනීය ස්ථානවලට ගොස් එහි වතාවත්වල නියැලීම ආතිතයෙන් මිදෙන්නට තවත් පිළිවෙතකිග
භාවනාව
භාවනාව යනු මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීමට යෝග්‍ය කටයුත්තකිග හිතට වද දෙන ප්‍රශ්න ගැටලුවලින් මිදී සිත සන්සුන් කර ගැනීමට මෙය වඩාත් යහපතකිග
දියුණු කරගත් මනස ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු දෙස උපේක්ෂාවෙන් බලා ඒවා ආතතියෙන් තොරව විසදා ගැනීමට හොඳම පියවරකි භාවනාව වැදගත් ස්වසන ව්යායාමයකිග කිසිදු මුදලක් වැය නොවන අතර අවශ්‍ය වන්නේ සුදුසු පරිසරයන් සහ කාලය පමණිග
මනෝ ලෝකයේ සැරිසැරීම
අවශ්‍ය වන්නේ නිදහස් පරිසරයක් තුළ සුව පහසුව විසීමයිග කිසිදු මුදලක් වැය නොවේග මෙහිදී ඔබ විසින් දෑස් පියාගෙන ඔබ ආශා කරන පරිසරයකටල ස්ථානයකට සුන්දර අත්දැකීමක් වෙත මනසින් පිය නගන්නග මේ කාලයේ හැකි තරම් සිරුර ලිහිල්ව තබා ගන්නග
මිතුරාට පවසා සිත සැහැල්ලු කරගන්න
ආතතියට තුඩු දුන් හේතුව තමාගේ සමීපතම මිතුරා හෝ සමීපතම නෑදෑයාට පවසා සිත සැහැල්ලු කරගන්නග
සිනාසීම
රුපියල් ශතවලට මිල කළ නොහැක්කකිග විනෝදය දනවන වැඩසටහන්ල විනෝදජනක චිත්‍රපටල විමෝද ගමන් තුළින් ඔබේ මනසට ලැබ දෙන්නේ සැහැල්ලුවකිග වර්තමාන කාර්යබහුල ජීවිතයේ සිනාසීමට වේලාවක් නොමැති නමුත් විහිළු තහළු කරමින් හෝ සිනාසෙන්නේ නම් එයද ආතතිය මඟහරවා ගැනීමට සුදුසුම පියවරකිග
කායික එක්වීම
ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ මනා කායික සබඳතා පැවැත්වීම මානසික ආතතිය දුරලීමට හැකි සාර්ථක ක්රියාවලියක්ග එවිට ඔබේ සිරුරේ රුධිර සංසරණය යහපත් වී හොඳින් හුස්ම ගැනීම නිසා පෙනහළුවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වේග යහපත් මනසකට ශාරීරික ස්පර්ශය ද වඩාත් වැදගත්යග
Wmqgd .ekSu