Life
Pregnant අයගේ මතක ශක්තිය වැඩියිලු
කාන්තාවක් ගැබ් ගැනීම ඇයගේ ශාරීරික මානසික මෙන්ම සමාජයීය යන සියලුම පති වල පැහැදිලි වෙනසක් ඇති කරන්නට හේතු වනවා.
මෑතකදී කැනඩාවේ සිදු කරන ලද සමීක්ෂණයකින් තවත් අරුම පුදුම දෙයක් සොයා ගන්නට ලැබුනා. ඔවුන් පවසන අන්දමට ගර්භණි භාවය කාන්තාවන්ගේ මතක ශක්තිය ඉහල නංවන්නට හේතුවක් වනවා.
මේ දක්වා ඒ ගැන පවතී මතය වූයේ කාන්තාවකට මානසික පසුබෑම් තත්වයක් ඇති කරන්නට ගර්භණි තත්වය හේතු වන බවයි. නමුත් මේ අලුත්ම සමීක්ෂණය මගින් එම අදහස සම්පුර්ණයෙන් බැහැර කර තිබෙනවා.
මෙයට හේතුව ලෙස ඔවුන් කියා සිටින්නේ ගැබිණි සමයේ කාන්තා සිරුරේ හෝමෝන මට්ටම් වල සැලකිය යුතු තරම් විශාල වෙනසක් වන බවත් එම හෝමෝන මගින් මොළයේ මතකයට බලපාන මස්තිෂ්කයේ උද්දිපනයන් ඇති කරන බවත්ය.
මේ නිසා ඔවුන්ගේ මතක ශක්තිය සාමාන්‍ය කාන්තාවකගේ මතක ශක්තියට වඩා කිහිප ගුණයකින් ඉහළයි.
Wmqgd .ekSu taIshka