Life
Periods හැදෙන්නේ මෙහෙමයි
කාන්තාවන් තම සිරුරේ ඇති වන වෙනස් කම් සහ එහිදී කල යුතු නොකළ යුතු දේවල් ගැන විශේෂයෙන් දැනුවත් වීම වැදගත් වනවා. සමාජයේ පවතින විවිධ මිත්‍යා විශ්වාස සහ දුර්මත ගැනත් ඒවායේ පදනම ගැනත් ඔබ දැනගත යුතුයි.
පළමුවෙන්ම ඔබ දැනගත යුතුයි ඔසප් වීම කියන්නේ මොකක්ද කියලා. ගැහැණු ශරීරයේ වැඩිවිය පත් වූවායින් පසු ඩිම්බ නිපදවීමේ ක්‍රියාවලිය ආරම්භ වනවා. මෙය සිදු වන්නේ එක මාසයකට එක ඩිම්බයක් නිපදවෙන ලෙසටයි.
ඒ නිපදවෙන ඩිම්බය ශුක්‍රාණුවකින් සංසේචනය නොවුණු විට ඒ කියන්නේ සරු කාලයේ ලිංගික එක වීමක් සිදු නොවූ විට එම ඩිම්බය සිරුරෙන් ඉවත් වනවා. මාසිකව දිඹ නිපදවන ක්‍රියාවලියට සමානුපාතිකව ගර්භාෂයත් දරු ගැබක් දරා ගැනීමට සුදානම් වනවා.
එවිට ගර්භාෂ බිත්ති ගනකම් වැඩි වෙමින් අලුත් රුධිර නාල ඇති වී ලේ වහනය පවා වැඩි වෙනවා. මෙසේ අලුතින් හැදුණු පටක ලේ නාල කොටස් සියල්ල සංසේචනය නොවූ ඩිම්බය සමග ගැලවී ඉවත් වනවා.
ඒ කොටස් තමා ඔසප් කාලය තුල යෝනි මාර්ගයෙන් ඉවත් වන්නේ. සාමාන්‍ය යෙන් මෙම ඉවත් වීම ඒ කියන්නේ ඔසප් වීමක් දින තුනක් පහක් වැනි කාලයක් පවතිනවා. මුල් දින දෙකක පමණ කාලය වැඩි රුධිර වහනයක් වනවා. එන්න එන්නම ඉවත් වන ලේ ප්‍රමාණය අඩු වනවා.
මේ කාලය තුල යටි බඩේ වේදනා තත්ත්ව, හිස කැක්කුම්, කොන්දේ අමාරු වැනි දේවල් සාමාන්‍යයි.
ඒ වගේම මේ කාලය තුල සිරුරේ හෝමෝන වෙනස් වීම් නිසා සුළු මට්ටමේ මානසික අසහන වැනි දේ වුනත් ඇති වෙන්න පුළුවනි.
Wmqgd .ekSu taIshka