Beauty
Oily Lipstick එකක් Matte Lipstick එකක් කරගන්න විදිහ
අපි හැමෝම දන්නවා Lipstick types කිහිපයක් තියෙනවා කියලා. Moisturizing Lipstick (gloss lipstick ) Matte Lipstick, Sheer Lipstick, Cream Lipstick. Matte finish එක ඇරෙන්න මේ හැම lipstick එකකම Oily ගතියක් තියෙනවා. නමුත් ඔයාලා මම කියන එක try කළොත් matte look එකක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් pure matte lipstick හොයාගන්න අමාරුයි. මොකද හැම brand එකක්ම matte finish එකෙන් Lipstick හදන්නේ නෑ. ඒ වගේම ලංකාවේ matte finish Lipstick brands තියෙන්නේ එකයි දෙකයි.
revlon lipstick range
මම නම් හිතන්නේ Oily skin එකක් තියෙන කෙනෙක් matte finish Lipstick එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපේ මුහුණේ Oil ගතිය ආවාම ඉක්මනටම අඳුරු ගතියක් එනවා. එතකොට අපි Oily finish Lipstick එකක් තොල්වලත් ගෑවාම හරිම කැත look එකක් එනවා.
මම දැන් කියන්නම් කොහොමද මේක try කරන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් Lipstick එකක් තොල්වල ගාන විදිහටම ගාගන්න. ඊට පස්සේ tissue එකක් අරං තොල් උඩින් තියලා press powder එකක් අරං tissue එක උඩින් තට්ටු කරන්න. ඊට පස්සේ හෙමින් සැරේ tissue එක තොල්වලින් අයින් කරගන්න. ඔන්න දැන් ඔයාලට matte look එක දැකගන්න පුළුවන්. (Tissue එකක් ළඟ නැත්නම් press powder එකේ තියෙන powder puff එකෙන් තොල් උඩ තට්ටු කරන්න පුළුවන්.)
සමහර වෙලාවට අපි කැමති colours වලින් matte lipstick එකක් හොයාගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට moisturizing lipstick එකක් ගාලා මේ trick එක use කරලා අපිට මේ matte look එක ලබාගන්න පුළුවන්.
beautiful.lk
(under the courtesy of goodhousekeeping.lk web)