විලාසිතා කරන්න කැමති අපේ යුවතියන් අතර Nail Arts දැන් වඩාත් ජනපි‍්‍රය වී තිබෙන විලාසිතාවක්.
රැකියාවට යද්දී , උත්සවයකට යද්දී වගේම එදිනෙදා හැම අවස්තාවකදීම තමන්ගේ ඇඳුමට වර්ණයට ගැළපෙන ආකාරයේ Nail Arts කර ගැන්මට දැන් දැන් යුවතියන් දක්වන්නේ වැඩි උනන්දුවක්.
Nail Arts කිරීමෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු කාරණා තිබෙනවා. අප යම් විලාසිතාවක් අනුගමනය කරනවා නම් ඒ පිළිබඳ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත්.
Nail Arts සඳහා යොමුවීමේදී එය තමන් ගේ වයසට ගැළපෙනවද අඳින ඇඳුමේ විලාසිතාවට, වර්ණයට සහ සහභාගිවන අවස්ථාවට ගැළපෙනවද යන්න ගැන සැලකිලිමත්විය යුතුමයි.
එමෙන්ම ඔබ නිතර නිතර Nail Arts කරලා නිය හැඩ ගන්වන අයෙක් නම් තමන්ගේ නිය ආරක්ෂාව ගැන සිතීමත් වැදගත්.
මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද?
නේල් ආට් එකක් කළ පසු එය වැඩි ලස්සනක් පෙන්නුම් කිරීම නිසා වැඩි දින ගණනක් එය එලෙසින්ම රඳවා තබා ගැන්මට ඔබ පෙළඹෙනවා වන්නට පුළුවන්. නමුත් අප එසේ නොකළ යුතුයි.
නේල් ආට් කිරීමෙන් පසු එය තබාගත යුත්තේ දින 3 ක් හෝ පහක් අතර කාලයක් පමණයි. එම කාලසීමාව තුළදී එය ඉවත් නොකොට වැඩි කාලයක් සිටීමෙන් ඔබේ නියමත දුර්වර්ණ බවක් ඇතිවන්නට පුළුවන්. එම නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.
විශේෂයෙන් ඔබේ නිය කෙබඳු ස්වභාවයක් දක්වන්නේද යන්න ගැන පරීක්ෂාකාරී වන්න. සමහරුන්ගේ නිය නීරෝගිමත් ස්වභාවයක් දැක්වූවත් තවත් සමහරෙකුට යම් යම් ගැටලුකාරී ස්වභාවයක් ඇති නිය තිබෙන්නට පුළුවන්. මේ නිසා Nail Arts වැනි විලාසිතා අනුගමනයේ දී නිය ආරක්ෂාව ගැනත් ඔබ සිතිය යුතුයි.
කැඩෙන සුළු ආකාරයේ නිය තිබෙන අයෙක් නම් Nail Arts ඉවත් කිරීමෙන් පසු නියමත නේල් ගාඩ්නර් එකක් තවරා ගන්නට ඔවුන්ට පුළුවන්. එමඟින් නිය ආරක්ෂා කෙරෙයි.
කැල්සියම් විටමින් අඩංගු බේස් කෝට් දැන් වෙළෙඳසල්වල තිබෙනවා. නිය ආරක්ෂාවට මෙය ගැල්වීම ඉතාමත් සුදුසුයි.
කරන ලද නේල් ආට් එකක් නැවත ඉවත්කර ගැන්මට අවශ්‍ය නම් කිසි විටෙකත් බ්ලේඩ්, උල් පිහි හෝ නේල් කටර්ස් වලින් ඇක්රලික් එක කැඩීම, සූරා දැමීම ආදිය කිරීමෙන් වැළකෙන්න. ඉන් ඔබේ නිය පෙළට හානි සිදුවීමේ ඉඩකඩ ඇති බවද මතක තබා ගන්න.
මෙය ඉවත් කිරීමට වෙළෙඳපොළේ තිබෙන නේල් වාර්නිෂ් රිමූවර් භාවිත කළ හැකියි. එය පුළුන් කැබැල්ලකට ගෙන ඉන් නිය පිස දැමිය යුතුයි.
නමුත් ඇක්රවිලාසිතා කරන්න කැමති අපේ යුවතියන් අතර Nail Arts දැන් වඩාත් ජනපි‍්‍රය වී තිබෙන විලාසිතාවක්.

නමුත් ඇක්රලික් 2 ඩී ඩිසයින් එකක්කර තිබෙන විට එය තමන්ටම ගෙදරදී ඉවත් කර ගැන්ම අපහසුයි. වඩාත්ම සුදුසු දේ වන්නේ ඔබ Nail Arts සිදුකළ තැනටම ගොස් එය ඉවත්කර ගැනීමයි.
මංගල උත්සව හෝ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමේදී තමන්ගේ ඇඳුමට ගැළපෙන ආකාරයෙන් හෝ තමන් කැමැති මෝස්තරයක් කැමැති වර්ණයක් තෝරා ගන්නට පුළුවන්.
Nail Arts කිරීමට මුලින්ම සිදු කෙරෙන්නේ නියමත බේස් කෝට් එක තැවරීමයි. එයට හේතුව කලර් එකක් තැවරීමට පෙර නිය ආරක්ෂාව පවත්වා ගැනීමයි.
එය නිම වූ පසුත් එයට උඩින් බේස් කෝට් එක තවරා වේලීම සඳහා මඳ වේලාවක් තැබීම අවශ්‍යයි. නේල් ආට් එක අවසානයේ ටොප් කෝට් එයට උඩින් තැවරීමෙන් නිය මත නිර්මාණකරගත් විලාසිතාව ඒ ආකාරයෙන්ම තබාගත හැකියි.
ලික් 2 ඩී ඩිසයින් එකක්කර තිබෙන විට එය තමන්ටම ගෙදරදී ඉවත් කර ගැන්ම අපහසුයි. වඩාත්ම සුදුසු දේ වන්නේ ඔබ Nail Arts සිදුකළ තැනටම ගොස් එය ඉවත්කර ගැනීමයි.
මංගල උත්සව හෝ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමේදී තමන්ගේ ඇඳුමට ගැළපෙන ආකාරයෙන් හෝ තමන් කැමැති මෝස්තරයක් කැමැති වර්ණයක් තෝරා ගන්නට පුළුවන්.
Nail Arts කිරීමට මුලින්ම සිදු කෙරෙන්නේ නියමත බේස් කෝට් එක තැවරීමයි. එයට හේතුව කලර් එකක් තැවරීමට පෙර නිය ආරක්ෂාව පවත්වා ගැනීමයි.
එය නිම වූ පසුත් එයට උඩින් බේස් කෝට් එක තවරා වේලීම සඳහා මඳ වේලාවක් තැබීම අවශ්‍යයි. නේල් ආට් එක අවසානයේ ටොප් කෝට් එයට උඩින් තැවරීමෙන් නිය මත නිර්මාණකරගත් විලාසිතාව ඒ ආකාරයෙන්ම තබාගත හැකියි.
(under the courtesy of goodhousekeeping.lk web)