Beauty
Eye Lashes අලවන්න කලින් මේක කියවලා ඉන්න
ඇස් කියන්නේ ඔබේ ලස්සන තීරණය කරන ප්‍රධානම දේ. ඇස් වල ලස්සන වැඩි කරගන්න
විවිධ රුපලාවන්‍ය ක්‍රම තිබෙනවා. Eye Lashes පැළඳීම මේ කාලයේ තරුණියන්
අතරේ කැපී පෙනෙන විලාසිතාවක්.
මේ Eye Lashes ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක් තමයි මේ.
අයි ලෑෂස් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කෘත්‍රිම කෙඳි වර්ගවලින්
නිපදවන අයි ලෑෂස්. මේවා ඇසේ පියනට උඩින් අලවන්න පුළුවන් වෙන්නයි හදලා
තියෙන්නේ.
ඒ වෙනුවේ සමට හානිකර නොවන මැලියම් වර්ග නිපදවලා තියෙනවා. අලවන කොට
මැලියම් ආලේප කරන්න ඕනෙ ඇහේ පිහාටු උඩ නෙවෙයි. කෘත්‍රිම අයි ලෑෂ් උඩ.
අනිත් වර්ගය තමයි ස්වාභාවික ඇහි පිහාටුවලින්ම හදන අයි ලෑෂස්. ඒවා
කෘත්‍රිම කෙඳිවලින් හදන ඒවලට වඩා ටිකක් මිලෙන් වැඩියි. අනිත් එක තමන්ගෙ
මුහුණෙ හැඩයට අනුවයි අයි ලෑෂස් තෝරගන්න ඔබ දැනුම්වත් වෙන්න ඕනෙ.
ඒ කියන්නෙ අයි ලෑෂස් විවිධ හැඩයන්වලින් නිපද වෙනවා. කවාකාර, ඉලිප්සාකාර,
කෝණාකාර කියන හැඩයන්ගෙන් තමන්ගෙ ඇස්වලට මුහුණට ගැළපෙන්නෙ මොකක්ද කියන එක
ගැන අවබෝධයක් තබා ගැනීම වැදගත් වෙනවා.
උඩු ඇසි පියවලට වගේම යටි ඇසි පියවලටත් පලඳින්න වෙන විදියෙ අයි ලෑෂස්
තියෙනවා. ඒ වගේම මේ වෙනකොට හිසකෙස් ස්ථිරව සිටුවනවා වගේ ඇහි පිහාටු ඇස්
පියන උඩ ස්ථිරව සිටුවන්නත් පුළුවන්.
ඒක බොහොම සුළු ශල්‍යකර්මයකින් කරන දෙයක්. ඇස්වලට කිසිම හානියක් නොවෙන
විදියට ඒක කරන්න පුළුවන්. හැබැයි ෆැන්ටසි ඇයි ලෑෂ් පාවිච්චි කරනවා නම් ඒවා
ඇසි පියන මත ස්ථිරව සිටුවන්නෙ නැහැ.
ෆැන්ටසි අයි ලෑෂ් කියන්නෙ ස්වභාවික පෙනුමෙන් එහාට ගිය විවිධ වර්ණ සහිත
හෝ විවිධ රටා සහිත ඇහි පිහාටුවලට. මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ.
විලාසිතා නිරුපනයේදී වගේ තමයි මේවා යොදා ගන්නේ.
Wmqgd .ekSu taIshka