Life
Cookies කන අයට මානසික ආතතිය
මහන්සි වෙලා හවසට ගෙදර ආවම බිස්කට් එකක් කාලා තේ එකක් බොන්න අපි පුරුදු වෙලා ඉන්නවනේ.
නමුත් ඔබ දන්නවාද බිස්කට් කේක් වගේ බේක් කරපු දේවල් වලින් ඔබේ මානසික සමතුලිතතාවයට බලපෑම් ඇති වන බව.
මෑතකදී සෙන් දියෝගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මෙගන් හෝල්ට් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මෙවැනි ආහාර වර්ග නිසා හැඟීම් ප්‍රකාශ කිරීමට හා නිවැරදිව හඳුනා ගැනීමට ඇති හැකියාවත්, ගැලපෙන නිවැරදි ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවත් අඩු වන බවයි.
මෙහි ඇති රසායනික සම්බන්ධතාවය ගැන මේ දක්වා සොයාගෙන නැති බවත් ඒ ගැන පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත් කියවෙනවා.
මෙවැනි ආහාර වර්ග පුරුද්දක් වශයෙන් ගන්නා අය අධික ලෙස කේන්ති යෑමෙන් පෙලෙන බවත් ඔවුන් අතර මානසික ආතතිය ඇති වෙන්න ඇති අවදානම වැඩි බවත් ඔවුන් සොයා ගනු ලැබුවා.
ඒ කියන්නේ ඔබ හිතේ සතුටට අර ගන්න ආහාර වර්ග වලින් සිදු වන්නේ ඔබේ මානසික තත්වය තවත් අසමතුලිත වීමයි.
Wmqgd .ekSu taIshka