iranama
17 වැනිදා රවි සිංහයට එදාට මොකද වෙන්නෙ?
පුරා දින 365ක කාලයක් අංශක 360ක් වූ රාශි වළල්ල වටා සංචාරයේ යෙදුණු රවි ග්‍රහයා 2015 අගෝස්තු මස 17 වැනි සඳු දින දහවල් 12.25ට සිංහයට පිවිසෙයි. සිංහය රවිගේ ස්වක්ෂේත්ර හා මූල ත්‍රිකෝණ රාශිය වන අතර එය ග්‍රහ මඬුල්ලේ රවිට අයත් එකම රාශියද වේ.
වසරකට පසු රාජකීය ලීලාවෙන් තම සුපුරුදු, නිත්‍ය මාලිගයට පිවිසෙන රවිගෙන්, "උපේන්ද්‍ර" නමැති බලවත් යෝගය නිර්මාණය වේ. මෙය රවි ග්‍රහයාගෙන් යෙදෙන සුවිශේෂි වූ යෝගයක් බව ඍෂීන් පෙන්වා දී ඇත. මෙම යෝගය හේතුකොට ගෙන රවිගේ බලය ඉතා උසස් තලයකට පමුණුවන අතර රවිගෙන් නියෝජනය වන සියලු දේ ඉතා ඉහළ අගයකට පත්වනු ඇත.
දක්ෂ පාලකයකු බිහි කරවන මෙම උපේන්ද්‍රා යෝගයේ බලමහිමයෙන් අභීත නායකත්වයක් රජුට ආරෝපණය කරවයි. පහසුවෙන් කිසිවකුටත් පැරදවිය නොහැකි රජකු තනන්නට මෙම යෝග බලය මහෝපකාරී වන බව පැරැණි පතපොතේ සඳහන්ව තිබේ.
මෙම "උපේන්ද්‍ර යෝග" බලය කරණකොට රජුගේ බලය වැඩිදියුණු කර දීප්තිමත්භාවයට පමුණුවයි. නම්‍යශීලී ගතිය පහව ගොස් දැඩි මතධාරියකු බවට රජු පත්කරවනු ඇත. රජුගේ ප්‍රතිරූපය උසස් තත්ත්වයට පත්වේ. මෙතෙක් රජුගෙන් නොදුටු ස්ථීරසාර බවක් ජනතාවට දැකගන්නන්ට සැලැස්වීම මෙම යෝගයේ තවත් සුවිශේෂී වූ ප්රතිවිපාකයක් ලෙස පෙන්වා දිය හැකිය. රවිගෙන් නියෝජනය වනුයේ රටක පාලකයාය. නැතිනම් රජු හෝ ජනපතිය. රවිගේ මෙම සිංහ රාශි ආගමනය සිදුවන්නේ අප රට කුම්භ ලග්න කේන්දරයේ සත්වැන්නේය. මෙය අප රට තුළ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය යටතේ අඩුවෙන් තක්සේරු කළ හැක්කක් නොවේ.
මෙම ග්‍රහ චලිතය සිදුවන දිනය තුළ අප රටේ මහ මැතිවරණයක් පැවැත්වෙන අතර මැතිවරණයේ ප්‍රතිඵල සඳහාද මෙම ග්‍රහ මාරුව බලපවත්වනු ඇත. විශේෂයෙන් රජුන් හා ප්‍රභූවරුන්ගේ ජයග්‍රහණය තහවුරු කරවන මෙම මැතිවරණ දිනයේ වැඩි වාසියද රවි ග්‍රහයාගේ ආශීර්වාදයද හිමිවන්නේ ද ජනහද ජයගත් ප්‍රභූවරුන්ට වීම විශේෂත්වයකි.
අප රටේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ තුලා ලග්න කේන්දරයේ එකොළොස්වැන්නට රවි ග්‍රහයා එදින පැමිණ තැන්පත් වේ. එතුමාගේ කේන්දරයේ රවි ග්‍රහයා උපතින් පිහිටා ඇත්තේද එකොළොස්වැන්න වූ සිංහයේම බැවින් රවිගේ මෙම ගෝචරය එතුමාටත් රටටත් සුවිශේෂී වනු නොඅනුමානය. උපතින්ම "උපේන්ද්‍ර" යෝග බලය සහිතව මෙලොව එළිය දුටු ජනපති මෛත්රිපාලයන් හට රවිගේ මෙම සිංහ රාශි ගමනින් තම බලය තීව්ර කර ගැනීමේ අවස්ථාව නොමසුරුව හිමි වන අතර කේශර සිංහ රාජයකුගේ නිර්භීත භූමිකාවක් ඉදිරියේදී අප රට ජනතාවට දැක ගත හැකි වනු ඇත. රවි සැප්තැම්බර් 17 දක්වා සිංහයේ රැඳී සිටී.
Wmqgd .ekSu u