Beauty
කෘතිම eye lashesවලින් ඇසේ පෙනීමට බාධා
ඇස් දෙක වගේ රැකගන්නව කියල කියමනක් තියෙන්නෙ නිකම් නෙමේ. එහෙම කතාවක් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නෙ අපි ඇස් දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු නිසාමයි. එහෙත් ඇස් දෙකට කරන විවිධාකාරයේ අලංකරණ කටයුතු නිසා ඇස් දෙකට සිදුවිය හැකි හානි බොහොමයි.
මේ නිසාම අපි හිතුව ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.
බොහෝ විට තරුණියන් තමන්ට උපතින් පිහිටා ඇති ඇහි පිල්ලම් (eye lashes) සඳහා කෘත්‍රිම ඇහි පිල්ලම් භාවිතා කරනු අපි දැක තිබෙනවා. ටිකක් දිගු ඇහිපිල්ලමක් තිබෙන විට ඒ ඇස් දෙක ඇත්තටම කැපී පෙනෙනවා තමයි. එහෙත් ඇහි පිල්ලම් සවි කිරීමේ දී ඔබේ ඇසේ ආරක්ෂාව පරිස්සම ගැන ඉතා තදින්ම සිතිය යුතුයි. eye lashes නොයෙකුත් ආකාරයෙන් වෙළෙඳපොළේ අපට දක්නට ලැබෙනවා.
නමුත් අතට අසුවන මේ හැම ඇහිපිල්ලමක්ම හිතුමතේ අරගෙන පාවිච්චි කරන්නේ පරිස්සමින්. සමහර අවස්ථාවල ඉතාමත් අඩු මිලටත් මේවා ගන්නට තිබෙනවා. එහෙත් ලාභය බැලුවා වගේ නොවෙයි ඔබේ ඇසට ඉන් සිදුවන බලපෑම ගැන ඔබ අවධානයෙන් සිතිය යුතුයි.
(eye lashes) ඇහි පිල්ලම් මිල දී ගැනීමේ දී ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ එහි ප්‍රමිතිය හා Brand එක පිළිබඳවයි. අනෙක් සුවිශේෂම කාරණය තමයි මේ ඇහිපිල්ලම් ඇළවීම සඳහා භාවිතා කරන ගම් වර්ගය ඉතා පරිස්සමින් පාවිච්චි කළ යුතුයි.
මේ ගම් වර්ග ඔබේ ඇසට වැටුණොත් ඇසේ පෙනීම දුර්වල වීමට ද ඉඩ තිබෙනවා. මේ නිසා මේ විලාසිතාවට ඔබ වඩාත් ම ප්‍රිය කරනවා නම් හරිම පරිස්සමින් නිසි ප්‍රමිතියකින් යුතව, සියුම් ලෙස එය කරගත යුතුයි. එසේම පැළඳූ ඇහි පිල්ලම් ඔබේ ගමන හෝ උත්සවය අවසන් වූ සැණින් ඇහෙන් ඉවත් කරන්නටත් වගබලා ගත යුතුයි.
අපේ තරුණියන් අතර ඉතාම සුලබ විලාසිතාවක් ලෙස ඇහි බැම සැකසීම හඳුන්වන්න පුළුවන්. බොහෝ විට මේ සඳහා දැන් භාවිතා කරන්නේ threading ක්‍රමයයි. මේ ක්‍රමය අනෙක් ක්‍රමවලට සාපේක්ෂ ව සෞඛ්‍ය ආරක්ෂිතයි. නමුත් සමහරු පුරුද්දක් විදියට නිතර නිතර මේ ක්‍රමයෙන් සිය ඇහිබැම සකසා ගන්නවා.
එහෙත් ඇහිබැම විශේෂ අවස්ථාවන් සඳහා සහභාගිවීමේ දී සකසා ගතහොත් ඇති නේද? අනෙක් අවස්ථාවන්වල දී හැකි තරම් තම ස්වභාවික ඇහි බැම ඒ ආකාරයෙන්ම තබාගන්න බලන්න. මීට අමතර ව සමහරු ඇහිබැම සකස් කරන්න ‘plucker’ එක භාවිතා කරනවා. බොහෝ වෙලාවට plucker එක නිසා හම පළුදු වෙන්නට ඉඩ තිබෙනවා.
ත්‍රෙඩින් (threading) කිරීමේදීත් අපි ක්‍රම දෙකක් මේ සඳහා භාවිතා කරනවා. සමහර සැලුන්වල නූල අතින් අල්ලාගෙන කරත් සමහරු එය කටින් අල්ලාගෙන කරන අවස්ථා අපි දැක තිබෙනවා.
සාමාන්‍යයෙන් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ලොව පුරා ප්‍රචලිත ක්‍රමයවන්නේ අතින් අල්ලා ගෙන threading කිරීමයි. එහෙත් කටින් අල්ලා ගෙන threading කිරීම සෞඛ්යාරක්ෂිත නැහැ. ඒ නිසා එවැනි ක්‍රමයක් ඔබ වෙනුවෙන් භාවිතා කළොත් ඒ සඳහා විරුද්ධ වීමේ අයිතියක් ද ඔබ සතුවේ.
(under the courtesy of goodhousekeeping.lk web)