Life
හෘද රෝග, ගැස්ට්‍රයිටිස්, මුත්‍ර රෝග දුරලන කෝමාරිකා
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලොව ප්‍රචලිත වෙනත් වෛද්‍ය කර්මයන්ට වඩා විශේෂිත වූ වෛද්‍ය ක්රමයකි. ඒ බව පසක් කරවන බොහෝ සාක්ෂි සාධක මෙම වටිනා වෙදකමේ නිරත ඉසිවරුන් වෙදවරුන් සතු විශ්මිත වෛද්‍ය ක්‍රමවලින් අපට හමුවේ.
ආයුර්වේද වෙදකමින් ප්‍රයෝජන දෙකක් ලබාගත හැකි බවත් ඒවා නම් වැලඳුන රෝගයට පිළියම් කිරීමත්, රෝගී තත්ත්වයන්ට පත්නොවී නිරෝගී බව රැක ගැනීමත් ඒ සඳහා කළයුතු ඇවතුම් පැවතුම් අනුගමනය කිරීමත් බව පවසමින් හෙළ ඔසු ගුණ වරුණ පිළිබඳව විමසුමක නිරතව ආයුර්වේදයෙහි ලා ගැනෙන හෙළ ඔසු විශාල ප්‍රමාණයක් පිළිබඳව අප සමග මෙවර සංවාදයක නිරත වූයේ අනුරාධපුරයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකු වූ එස්.එස්. ගුණවර්ධන මහත්මාය.
බයිපාස් සැත්කම් සඳහා නිර්දේශ වූ රෝගීන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හෘද රෝගීන් දේශීය ආයුර්වේද වෙදකමේ බලයෙන් සුවපත් කර ඇති ඉසිවරයෙකු බඳු වූ මෙම වෛද්‍යවරයා දරුපල අහිමි වූ අය ඇතුළු බොහෝ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමෙහි ලා අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙකි.
දිනපතා රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර කරමින් අතිශය කාර්යබහුල දිවියක් ගත කරන ගුණවර්ධන වෙද මහතා
Wmqgd .ekSu