Life
හෘදයාබාධ ගැන දැනුවත් වෙමු
හෘදයෙහි මාංශ පේශීන්ට රුධිරය සපයන රුධිර නාළයක් අවහිර වී එම රුධිර නාළය මඟින් රුධිරය සැපයූ හෘදයෙහි කොටසක් මියයාම හෘද අකරණිය ලෙස හැඳින්වෙනවා. හදවත අපගේ සිරුරෙහි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් ඉන්ද්‍රියයක්. එය අකර්මණ්‍ය වූයේ නම් සිරුෙර් සෑම අවයවයකටම රුධිරය සමඟ ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයීම ඇණහිටිනවා.
වෛද්‍ය විද්‍යාත්මකව එය ඉතා හදිසි තත්ත්වයක්. එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයා සිරුර වෙහෙසවා තවදුරටත් හදවත වෙහෙසට පත්කළේ නම් හදවතෙහි ක්‍රියාකාරිත්වය ඇනහිට විනාඩි කිහිපයක දී වුවද මිය යා හැකියි.
අනතුරු ඇඟවීමේ ලක්ෂණ
බොහෝ අයට හදවතේ අකර්මණ්‍යතාවක් සිදුවේ යැයි කල්තියා දැනගත හැකි අනතුරු හැඟවීමේ ලක්ෂණයක් වන්නේ හදවතෙහි වේදනාවයි. වෙහෙසට පත්වූ විට හෝ, සිත තැතිගත් අවස්ථාවන්හි දී පපුවේ මැද කොටසේ හටගන්නා වේදනාව විනාඩි කීපයක් පැවතී උරහිසට අත්වලට හා බෙල්ල දෙසට පැතිරී යා හැකියි. ඒ වේදනාව හඳුන්වන්නේ Angina (ඇන්ජයිනා) නමින්. එවැනි රෝග ලක්ෂණ මතුවන අය වහාම වෛද්‍යවරයෙක් වෙත යා යුතුයි.
අවදානම වැඩි පුද්ගලයන්
මැදිවියෙහි සිටින පිරිමි අයට සහ අවුරුදු 50 පසු කළ (ආර්තවය නතර වූ) කාන්තාවන්ට හෘද අකර්මණ්‍යතාවක් ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. විශේෂයෙන් දුම්පානය කරන අය, වැඩිපුර තෙල් සහ මේදය සහිත ආහාර ගන්නා අය, කලබලකාරී ජීවන රටාවකට හුරු වූ අය, අධික සිත්තැවුලෙන් කල්ගෙවන අය අතර මේ රෝගය ඇතිවීමේ ඉඩ වැඩියි.
මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන් අතර සහ අවුරුදු 35ට අඩු පිරිමි අය අතර හෘදයාබාධ පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. අවුරුදු 30 – 40 දී මෙම රෝගයට ගොදුරු වන්නේ නොයෙකුත් හේතු සාධක ඇති අයයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම, අධික ලෙස දුම්පානය කිරීම ආදී හේතු සාධක නිසා අඩු වයසෙන් හෘදයාබාධ ඇතිවීමට පුළුවන්. මීට අමතරව සමහර පවුල් අතර ද හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළයි.
ප්‍රථමාධාර
හෘදයාබාධයක දී බොහෝ සංකූලතා ඇති වන්නේ පළමු පැය තුන තුළදීයි. ඒ පැය තුන මඟ හැරුණානම් අදාළ රෝගියාට රෝහලක විශේෂ හෘද ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැති තරම්. එහෙත් මේ පිළිබඳව තීරණ ගත යුතු වන්නේ වෛද්‍යවරයා පමණයි. විශේෂයෙන් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසිනුයි. ඔහු රෝගියා ගේ තත්ත්වය පරීක්ෂා කර බලා (නාඩි, රුධිර පීඩනය, ශ්වසන ශබ්ද ආදිය) අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇති. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලකට ගෙන ගොස් එහිදී ප්‍රතිකාර ලබා දීමයි.
හෘදයාබාධ ඇති රෝගීන්ගේ ආහාර රටාව
ආහාර රටාව වගේම ජීවන පුරුදුත් ඉතා වැදගත්. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය යන රෝගාබාධ හෘදයාබාධ සමඟ සම්බන්ධ නිසා ඒ අනුව ආහාර පාලනය ඉතා වැදගත්. විශේෂයෙන් සමබල ආහාර රටාවකට හුරු වීම මෙන්ම ව්‍යායාමය ද හදවතට හොඳයි.