Beauty
හිස කේ වේගයෙන් වවා මෙසේ දීප්තිමත් කරගමුද අලිගැට පේර වලින් විශ්මිත කෙස් සාත්තුවක්
ඔන්න ඔයාලට අදත් ඉතාමත් සරල ඒ වගේම ඉතාම අඩු වියදමකින් සහ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ගෙදරදීම හදා ගන්න පුළුවන් හානි වූ හිසකෙස් වලට ඉතාම හොද මාස්ක් එකක් හදන විදිය කියල දෙනවා. මේක හදන්න ගන්නේ අලි ගැට පේර සහ බිත්තරයක් පමණයි. ඔයාල දන්නවනේ අලි ගැට පේර විටමින් ෑ සහ ඊ වලින් පොහොසත් ඒ වගේම තෙතමනය හොදින් රදවා ගන්න පුළුවන් ගුණ තියෙන පළතුරක් කියලා.
අවශ්‍ය දේ
- අලිගැට පේර ගෙඩි 1
- බිත්තර 1
- ඔලිව් ඔයිල්
අලිපේර ගෙඩියෙන් බාගයක් කෝප්පයකට දමා හොදින් බ්ලෙන්ඩ් කරගන්න. එයට බිත්ත්රයද එකතුකර හොදින් මිශ්‍ර කරන්න. ඔලිව් ඔයිල් ටිකක්ද එයටම එකතුකර නැවතත් හොදින් කලවම් කර ගන්න.
පාවිච්චි කරන විදිය
මිශ්‍රණය හොදින් හිස කෙස් වල අග දක්වා හොදින් ආලේප කරන්න. ඉන්පසු තුවායකින් ඔලූව ඔතා ගන්න. මෙයින් ඔලූව උණුසුම් වෙනවා. එමගින් මෙගි ක්‍රියාකාරිත්වය හොදින් සිදු වෙනවා. විනාඩි 30 මෙහෙම ඉදලා කොණ්ඩය සෝදා වියලා ගන්න. සතියට දෙසැරයක් මෙය කරන්න පුලූවන්නම් ඔයාලාට ඉක්මනින්ම වෙනස දැක ගන්න පුළුවන්. කලින් තිබුණු වියලි අග පැලූණු ගතිය විශ්මිත් විදියට නැති වෙලා දිදුලන කෙස් කළඹක් නැවතත් ලබා ගන්න පුළුවන්.
curtesy : www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)