Beauty
හිස කෙස් ආරක්ෂා කරන කන්ඩිෂනර්
කන්ඩිෂනර් ගැන අද නිතරම අසන්නට ලැඛෙනවා. ශැම්පු සමග කන්ඩිෂනර් එකක් භාවිත කිරීමට අද බොහෝ යුවතියන් වගේම කාන්තාවන් යොමු වී සිටින්නේ නිරෝගී ලස්සන කෙස් කළඹක් ඔවුන් බලාපොරොත්තු වන නිසාවෙනුයි.
බොහෝ දෙනෙක් කන්ඩිෂනර් භාවිත කළ ද, එය නිවැරදිව භාවිත කරන ආකාරය දන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න ඇති කර ගන්නවා.
කන්ඩිෂනර් මගින් කරන්නේ හිසකෙස් සැකසීම. එම සැකසීම නිවැරදිව කිරීම කන්ඩිෂනර්වල ප්‍රධාන ගුණාංගයක්.
ශැම්පුවලින් කරන්නේ හිසකෙස් පිරිසිදු කිරීම. කන්ඩිෂනර්වලින් හිසකෙස්වලට පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම අල්ට්රා වයලට් කිරණ මගින් හිසකෙස් ආරක්ෂා කරනවා. හිසකෙස් පීරන්න පහසු කරනවා වගේම, සැකසීමත් පහසු කරනවා. ඒ ඔක්කෝටම වඩා හිසකෙස් නිරෝගීව, තෙත් ගතියෙන් තබා ගැනීමට කන්ඩිෂනර් විශාල පිටිවහලක්.
හිසකෙස් අලුත්වැඩියා කිරීමත්, කැඩුණු, දුර්වර්ණ වුණු හිසකෙස්වලට පෝෂණය ලබාදීමත් කන්ඩිෂනර්වලින් සිදුවන කාර්යයන්.
ශැම්පු දැමූ විට හිසකෙස්වල කියුටිකල් ඇරෙන බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇරුණු කියුටිකල් කන්ඩිෂනර් මගින් වැසෙන බවකුයි සඳහන් වෙන්නේ.
ඒත්... නියම ප්‍රමිතියේ හොඳ ශැම්පුවලින් කියුටිකල් ඇරෙන්නේ නැහැ. හැබැයි යම් හෙයකින් ශැම්පුවලින් කියුටිකල් ඇරුණු විට කන්ඩිෂනර් මගින් කියුටිකල් වැසෙනවා.
ශැම්පු හිසට යෙදීමේදී හිසකෙස්වල චය අගය වෙනස් වුණොත් කන්ඩිෂනර් මගින් එය තුලනය කිරීමක් ද සිදුවෙනවා.
කන්ඩිෂනර් දිනපතාම හිසට දැමීම හොඳයි. දිනක් හැර දිනක් ශැම්පු භාවිත කළත් කන්ඩිෂනර් දිනපතා දැමීමේ වරදක් නැහැ.
නෝර්මල් කන්ඩිෂනර් දිනපතා භාවිතයට හොඳ වුණත්, ඩැමේඡ් හිසකෙස් සඳහා ඇති කන්ඩිෂනර් භාවිත කළ යුතු වන්නේ සතියකට වරයි. ට්‍රීට්මන්ට් කන්ඩිෂනර් දින 2-3 වරක් ප්‍රමාණවත්.
කන්ඩිෂනර් හිස් කබලට සුදුසු නැහැ. හිසකෙස් මතට පමණයි ආලේප කළ යුතු වන්නේ.
ශැම්පු කර හෝ එසේ නොමැතිව හිස සේදීමෙන් පසු කන්ඩිෂනර් ටිකක් අත්ලට ගෙන හිසකෙස් වල හොඳින් ආලේප කරන්න. ඇ`ගිලි හිසකෙස් අතරින් යවමින් සියලුම හිසකෙස්වලට කන්ඩිෂනර් ආලේප කරන්න.
ඔබට ඇත්තේ ඉතාම වියළි හිසකෙස් නම් සියයට 75 පමණ කන්ඩිෂනර් හිසකෙස්වල තබා හිස සෝදන්න.
ඩ්‍රයර් එකෙන් හිසකෙස් වියලන්න එපා. ස්වභාවිකව වියලෙන්නට දෙන්න.
තෙල් සහිත හිසකෙස් නම්, එලෙස වැඩි ප්‍රමාණයක් කන්ඩිෂනර් හිසකෙස්වල තබා ගැනීම අවශ්‍ය නැහැ. ඒකට හේතුව හිසකෙස්වල තෙල් ගතිය තිඛෙන නිසා.
උපුටා ගැනීමනවලිය පුවත් පත ඇසුරෙනි
(under the courtesy of goodhousekeeping.lk web)