පොතු කබර රෝගය තරුණ පරපුර අතර විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන වැඩි වශයෙන් පැතිර යන චර්ම රෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ අයට නිසි කාලයේදී මෙම චර්ම රෝග අවස්ථාව හඳුනා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. එමනිසා මෙය හඳුනාගත හැකි වන්නේ වඩාත් ව්‍යාප්ත වීමෙන් පසුවයි.
විශේෂයෙන් ලංකාව වැනි රටක මෙම පොතු කබර රෝගය බහුලවීමට හේතුව කුමක්ද?
විශේෂයෙන්ම අපේ ජීවන රටාවත් එක්ක ඒකාබද්ධ වූ හේතු රාශියක් නිසා ඇතිවන රෝග තත්ත්වයක්. කාර්යබහුල බව නිසා අප ලබාගන්නා ආහාරවල වැරැදි රටාව.
එනම් දැන් බොහෝ දුරට ක්ෂණික ආහාර, කෘත්‍රිම ආහාර, උෂ්ණ ආහාර මෙන්ම පැකට්කරන ලද ආහාරවලට පුරුදුව සිටිනවා. ඒ ආහාරවල තිබෙන විස කොටස් නිසාත් මෙයට බලපෑම් ඇති විය හැකියි.
එමෙන්ම නිතරම රසායනික ද්‍රව්‍යවලට විකිරණයන්ට ගොඳුරුවීම, මානසික උද්වේගකර අවස්ථා ක්‍රෝධය වෛරය ආතතිය වැනි මානසික පීඩාවන්ට නිතර ගොදුරුවීම, සමහරුන්ට සහජයෙන්ම තමන්ගේ ජානවලින් මෙම රෝග තත්ත්වය ඇති විය හැකියි. ආයුර්වේදයේ කුෂ්ඨ රෝගයක් වශයෙන් සැලකෙන මෙය මෙහිදී හඳුන්වන්නේ කිටිබ කියන නමින්. මෙය නවීන වෛද්‍ය විද්‍යානුකූලව සැසඳුවොත් බොහෝ දුරට සමාන වන්නේ සොරයිසිස් යන රෝග තත්ත්වය සමඟයි.
ආයුර්වේද විද්‍යානුකූලව මෙය ඇති වන්නේ කෙසේද?
අප ගන්නා ආහාර හොඳින් පැසවීමට ශරීරය තුළ අග්නියක් ක්‍රියාත්මක වනවා. එහි විකෘතිතාවයක් ඇති වුවහොත් ගනු ලබන ආහාර නිසියාකාරව දිරවීමකට ලක් වන්නේ නෑ. එහි ප්‍රතිඵලයක් වශයෙක් සිදු වන්නේ ආමය කියන විස කොටස ශරීරයේ එකතු වීමයි. අපේ ශරීරය සෑදී තිබෙන රස - රක්ත මාංස යන ධාතුන් ආශ්‍රය කර ගනිමින් මේ විස සංචිත වෙනවා. මෙම රෝගය මතු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ආයුර්වේදයේ පොතු කබර රෝගය ඇතිවීම පැහැදිලිකර තිබෙන්නේ ඒ ආකාරයටයි.
මෙම රෝගයේ රෝග ලක්ෂණ දැක්විය හැක්කේ මොන ආකාරයෙන්ද?
මෙය දිගු කාලීනව පොතු ගැලවීමේ ස්වභාවයක් සහිත රෝගයක්. මෙහි ලක්ෂණ ඉක්මනින් හඳුනාගන්න පුළුවන්. මෙය මුළු ශරීරයේම හෝ හෙයා ලයින් එකේ සහ සමහර විට හිස් කබලේ වුවත් ඇතිවිය හැකියි. විශේෂයෙන් මෙය ඇති වන්නේ කන පිටුපස වැලමිට පිටුපස ආදී නැමෙන ස්ථානවලයි. එහිදී රතු ලපයක් ආකාරයට ඇති වී එය සුළු වශයෙන් ඉස්සීමක් සිදු වී කැසීමකට ලක්වී පොත්තක් ආකාරයට ගැලවී ඉවත් වීමක් සිදුවනවා. ඉන්පසු එම කැළලේ ඝනවීමක් දක්නට ලැබෙනවා. සමහරවිට තද රතු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දැකිය හැකියි. ඊට අමතරව වඩාත් කසන සුළු ස්වභාවයක් තිබෙන අතර හිසෙහි නම් ිහිස්හොරිවලට මෙන් කසන ගතියක් ඇති වනවා. මෙම රෝගය තිබෙන අය ලොකු ආතතියකින් පසුවන පුද්ගලයන්. එමෙන්ම ආහාර අරුචිය, ආහාර නොදිරවීමේ ගැටලු ආදියත් මේ සමඟ ඇතිවෙන්න පුළුවන්. සමහර විට දැවිල්ල ස්වභාවයක් ඇතිවිය හැකියි. බොහෝ අවස්ථාවල මෙය හිසේ ඇති වූ විට සමහරුන් එය හිස්හොරි ලෙස සිතා රැවටෙන්නට පුළුවන්. මෙහිදී අනිවාර්යයෙන්ම සමේ වෙනත් තැන්වල එනම් කන පිටුපස වැලමිට පිටුපස පොතු යන ස්වභාවයක් තිබේද යන්න බැලිය යුතුය.
මෙය නිසියාකාරව සමෙන් මතුවුවාට පසුව නිසි ප්‍රතිකාරයක් නොලැබීමෙන් එය තව දුරටත් වර්ධනය වී නිය දක්වා පැතිරිය හැකිය. නිය කළුවීම, හැලීම නියවල ශක්තිමත්භාවය නැති වී නිය පතුරු ආකාරයට ගැලවී යාමේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම හිස්කබල ආශි‍්‍රතව මෙම පොතු කබර තත්ත්වය තිබෙනවා නම් හිසකෙස් අධිකව ගැලවීයාමක් සිදුවිය හැකියි.
මේ සඳහා සිදුකෙරෙන ප්‍රතිකර්ම කවරේද?
මෙයට ආයුර්වේදයේ ඉතාමත් සාර්ථක ප්‍රතිකර්ම තිබෙනවා. මෙහිදී මූලිකව සිදු කෙරෙන්නේ ශරීර ශෝධනයයි. බොහෝ විට අභ්‍යන්තර ඖෂධ මඟින් මුළු ශරීරයම ශුද්ධ කිරීමක් කරනු ලබනවා. ඊට අමතරව පංච කර්ම විශේෂයෙන් වමන කර්ම, කූඩැල්ලන් යොදා කරන ප්‍රතිකර්ම මඟින් මෙම ශෝධන කර්ම තවදුරටත් සිදු කරනවා. මෙහිදී කෝප වී තිබෙන්නේ පිත් දෝෂයි. එම කෝප වූ දෝෂ නැවත යථා තත්ත්වයට පත් කරලීමේ ප්‍රතිකර්ම සිදු කෙරෙනවා. බොහෝ විට සිදු වන්නේ පිත කප සමන ප්රතිකර්මයි. මෙහිදී සිදු කරන ප්‍රතිකාර බොහෝ විට යෙදෙන්නේ 100% ක් ඖෂධ භාවිතයෙනි. එමනිසා මින් කිසිදු අතුරු ආබාධයක් සිදු නොවෙයි.
උපදෙස් ආයුර්වේද වෛද්‍ය සුලෝචනා මිහිරාණි සේනාරත්න
(under the courtesy of goodhousekeeping.lk web)