හිසරදය අපි කොයි කවුරුත් ජීවිතයේ නිතර පීඩාවට පත් වන රෝගයකි. ටිකක් ඔළුව රිදෙනවා. සමහරු හිසරදය ඇති වූ විට පවසති. මෙලෙස ඇති වන හිසරදය පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ලබා ගනිමු.
වෛද්‍යතුමනි, හැමෝටම වධ දෙන හිසරදයට බලපාන හේතු මොනවාද?
මිනිසාගේ ප්‍රධානතම ඉන්ද්රිය වන මොළය පිහිටා තිබෙන්නේ හිස්කබල තුළය. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. ඉන් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පද්ධතියට ඇතුළු වේ.
ඉන්පසු කශේරුකා සන්ධිස්ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් සහ අවයව කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති කරයි. ඒ නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දොaෂයක් ඇති වුවත් එය මොළයට බලපෑම් ඇති කරනු ලබයි. එම බලපෑම්වලට උච්චතම අවස්ථාව ලෙස හිස කැක්කුම ඇති වේ.
නමුත් වර්තමානයේ බහුලවම අපට දක්නට ලැබෙන්නේ සෙම් කෝප වීම නිසා ඇති වන හිසරදයයි.
වෛද්‍යතුමනි, සෙම් කෝපවීම නිසා ඇති වන හිසරදය හඳුනා ගන්නේ කෙසේද?
සෙම් කෝප වීම ඇති වන හිසරදයේදී නාසයෙන් සෙම් සොටු ගැලීම, කෝටරකවල ඇති වන ප්‍රදාහය නිසා නළල දෙපස ඇති වන කැක්කුම හිස බර ගතිය ආදී රෝග ලක්ෂණ ද මතු වේ.
සෙම් කෝප වීම ඇති වන අයගේ ශරීරයේ උෂ්ණ අධික බවක් පෙන්වනවා.Êඑම උෂ්ණ අධික බව ශරීරයේ සියලුම ඉන්ද්රියයන් හා අවයව වෙත බලපෑම් ඇති කළ ද මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් ස්නායු සෛල බැවින් ඒවා මෙම උෂ්ණ අධික බව නිසා විනාශ විය හැකියි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ශරීරය විසින්ම හිස පෙදෙසට සෙම ගෙන්වා ස්වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක් Auto Cooling System ඇති කරනවා. සියලු ගැටලු මතු වන්නේ ඉන්පසුවයි. මෙසේ වැඩි වැඩියෙන් හිස්කබල තුළ සෙම එක් රැසවීමෙන් නාස් කුහරයෙන් බාහිර වාතය සමඟ එකතු වන ක්ෂුද්‍ර ජීවින්ගේ බලපෑමෙන් සෙම නරක් වීම (කුපිත වීම/ පැසවීම) සිදු වෙනවා. එසේ රෝගී වන සෙම නිසා හිසේ බර ගතියක් ඇති වෙනවා. මෙම නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත්ව යන තුරු හිසේ රෝගාබාධ ඇති වෙනවා. එය හිස කැක්කුම ලෙස ශරීරයට බලපෑම් කරනු ලබනවා.
විශේෂයෙන් හිසේ කැක්කුම් රෝග අතරින් ප්‍රධානම පීඩාකාරී අවස්ථාව ඉරුවාරදයයි. එය වැළඳුන විට එහි ඇති පීඩාකාරී බව නිසා රෝගියාගේ සියලු දෛනික කටයුතු අඩපණ වෙනවා.
මීට අමතරව මළබද්ධය, ගැස්ට්‍රයිටීස් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා සහ විවිධ මානසික පීඩන නිසාද හිස කැක්කුම ඇති වෙනවා.
ශරීරයේ හටගන්නා බොහෝ රෝගාබාධවල අතුරු රෝගයක් ලෙස හිස කැක්කුම ඇතිවේ. එනිසා වර්තමානයේ බොහෝ දෙනා හිසරදය හෙවත් හිස කැක්කුම නිසා නිතර පීඩා විඳිති.
වෛද්‍යතුමනි, හිසරදය සුව කිරීමට ඇති ප්‍රතිකාර මොනවාද?
අප වෙත පැමිණෙන බොහෝ රෝගීන්ට හිසරදය සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ සෙම් කෝපවීම සහ මළ බද්ධය හෝ ගැස්ට්‍රයිටීස් රෝගයයි.
සෙම් කෝපවීම නිසා ඇතිවන හිසරදයේදී පවතින සෙම ඉවත් කිරීම හෝ සෙම වියලීමට ප්‍රතිකාර කිරීමෙන් නැවතත් මොළය ආශ්‍රිතව පවතින සියුම් ස්නායු සෛල විනාශ විය හැකියි. එනිසා මොළය ආශ්රිත කලාපයේ සිසිලනය ඇති කළ යුතුයි. ඒ සඳහා මුළු ශරීරයේම පවතින උෂ්ණාධික බව අඩු කිරීම ආයුර්වේදයේ සිදු කළ යුතු නිවැරැදි ප්‍රතිකාරයයි. එම ප්‍රතිකාරය අප ලබාදෙනවා.
මෙලෙස නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මතුව ඇති හිසරදය නිට්ඨාවට සුව කළ හැකියි. හිසරදයට හේතුව සොයා බලා රෝග නිධානයට ප්‍රතිකාර ලබා නොදීම නිසා තමයි කෙතරම් ප්‍රතිකාර කළත් හිසරදය සුව නොවන්නෙ.
වෛද්‍යතුමනි බොහෝ දෙනා ක්ෂණික සුවය දෙන ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ආයුර්වේදයේ ප්‍රතිකාර ලෙස ලබාදෙන කෂාය වැනි ඖෂධ නිසි ලෙස සොයා ගැනීමට ඇති අපහසුවත් ඒවා නිසි ලෙස සකස් කර ගැනීමට ඇති දුෂ්කරතාවයත් නිසාය. ඒ සඳහා විසඳුමක් නැතිද?
වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවක් ගත කරන ජනතාවට ගැලපෙන ලෙසට කාර්යාලයේදී, වැඩ බිමේදී, මගතොටේදී වුණත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධ ගණනාවක් නිපදවා තිබෙනවා. එම ඖෂධ කාර්යබහුල බොහෝ දෙනකු අතර අතිශය ජනප්‍රියවෙලා තිබෙන බව ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රතිචාර අනුව ඔප්පු වී තිබෙනවා.
ඒ වගේම තමයි මෙවැනි රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතරම තම දින චර්යාව ද නිවැරැදිව සකස් කරගත යුතුයි.
සවස් කාලයේ ඇල්දිය නෑමෙන් වැළකිය යුතුයි. අධික උෂ්ණ ආහාර, මත් ද්‍රව්‍ය, මත් පැන්, දුම් පානය ආදියෙන් වැලකී සිටිය යුතුයි. අධික තෙල් සහිත කෘත්‍රිම ආහාර වර්ග ගැනීමෙන් ද වැලකී සිටිය යුතුයි.
මෙලෙස නිසි ප්‍රතිකාර ලබා ගනිමින් හොඳ සෞඛ්‍ය පුරුදු වල යෙදෙමින් කටයුතු කළද හොත් නිතර නිතර වධ දෙන හිසරද නිට්ඨාවට සුවපත් කරගත හැකියි.